දළදා සමිදුන් දැක වැඳ නමස්කාර කිරීමට අවස්ථාව සලසා දුන් සිරි දළදා වන්දනාවේ පස්වැනි දිනය අද සාර්ථකව අවසන් වුණා...
සිරි දළදා වන්දනාවට පැමිණෙන සැහැදැවතුන් වෙනුවෙන් වෙන්කර ඇති ප්‍රවේශ මාර්ග තුනම අදත් මීට පෙර පැවති ආකාරයෙන්ම සැදැහැවතුන්ගෙන් පිරී පැවතියා...
කටුගස්තොට මාර්ගයේද විශාල සැදැහැවතුන් පිරිසක් රැස්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ...
මේ අතර පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළේ, සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බැවින් ඒ සඳහා හෙට දිනය මගහැර වෙනත් ඉදිරි දිනයක් යොදා ගන්නා ලෙසයි...
මේ අතර, සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රයට පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුලු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කළා...