මේ කියන්න යන්නේ ඔබට වැදගත් වෙන තවත් එක් විශේෂ කතාවක්..
එළඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තැබෙනු ඇතියි..
ඒ බව බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය විසින් පැවසුවා..
එම කාර්යාලය පැවසුවේ, ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරියේ නියුතු නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා සහභාගි වීම නිසා එසේ ආදායම් බලපත්‍ර කවුළු වසා තබන බවයි..
දඩ අයකිරීමෙන් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කරන අවසන් දිනය මැයි 5 සහ 6 දෙදින වන වාහනවලට මැතිවරණයෙන් පසුව රාජකාරී ආරම්භ කරන පළමු දිනයේදීම දඩ අයකිරීමෙන් තොරව බලපත්‍ර නිකුත් කරන බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා..
අරුණ පුවත්පත ඇසුරෙන්..