මේ දවස්වල අවුරුදු උත්සව කියන්නේ අපේ ඇසට ගොඩක් හුරු දෙයක්.. ඒ එක්කම බැඳුණු විවිධ ක්‍රීඩා ගැන ඔබ අහලා ඇති..
අන්ධයාට කිරි කැවීම නැත්නම් සගයාට කිරි කැවීම කියන්නෙත් ඒ අතරින් එක තරගයක්.. මේ තරගයට තරුණියක සමග සහභාගී වී සිටි දියණියගේ පෙම්වතා දුටු මවක් දියණිය සමග ගොස් එම තරුණියට පහරදීමේ සිද්ධියක් ඇසෙන්නේ ගම්බද පෙදෙසකින් පැවති අවුරුදු උත්සවයකදියි..
සෑම වසරකම පැවැත්වෙන අවුරුදු උත්සවය සුපුරුදු පරිදි මෙවරත් පැවැත්වුණේ ගමේ පාසලේ ක්‍රීඩාපිටියේ දීයි..
විශාල පිරිසක් සහභාගි වී සිටි අවුරුදු උත්සවයේ දී ජන ක්‍රීඩා සහ විවිධ කෙළි සෙල්ලම්වලින් සමන්විත වුණා..
දහවල් වන විට අවුරුදු උත්සවයේ තවත් අංගයක් ආරම්භ වුණා... ඒ තරුණ තරුණියන් සඳහා වෙන් වූ සගයාට කිරි කැවීමේ තරගයයි.. එය ආරම්භ වූ අතර ඒ සඳහා යෞවන යෞවනියෝ යුගල ලෙස තරගයට එක්වුණා...
තරගය ආරම්භ වී මද වේලාවක් යන විට කාන්තාවක් සහ තරුණියක් එක්වරම කඩා පැන තරගයට එක්ව සිටි තරුණියකට පහර දෙන්නට වුණා...
සංවිධායකයන් දැඩි පරිශ්‍රමයක් දරා පහරදීම නතර කරගත් අතර අවුරුදු උත්සවය එකම කාලගෝට්ටියක් වූ අතර, පහරකෑමට ලක්ව සිටි තරුණිය කිසිවක් සිතාගත නොහැකිව වික්ෂිප්තව සිටි අතර පහරදුන් තරුණිය සහ මව දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටින අයුරු ද දිස්ව තිබුණා..
තම දියණියගේ පෙම්වතා තවත් තරුණියක සමග සගයාට කිරි කවන ආකාරය ඉවසිය නොහැකිව ඔහු සමග සිටි තරුණියට පහරදුන් බව කාන්තාව පැවසීම නිසා එතැන හිටි හැම කෙනෙක්ම ඇයට හිනා වෙන්නව වුණා..