මේ සිද්ධිය ගැන බොහෝ තොරතුරු මේ වෙනකොට වාර්තා වෙනවා..
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු කරන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හීනටියන මහේෂ් නැමැත්තාගෙන් බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි කටුනායක පොලිසිය පවසනවා.
අද පෙරවරුවේ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණියත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා ඝාතනය වැළකී තිබෙනවා.
ඒ සමගම වෙඩික්කරු අල්ලා ගැනීමට කටයුතු කර ඇත්තේ ඝාතකයාගේ ඉලක්කය වූ අංජන සමග ගම්වාසීන් පිරිසක්.
මේ අතර වෙඩි තැබීමට ආ අනෙක් පුද්ගලයා පැන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
අල්ලා ගත් ඝාතකයා සන්තකයේ තිබී රිවෝල්වරයක් තිබී පොලිස් බාරයට ගෙන තිබෙනවා.
එම ස්ථානයේ වැටී තිබී මි.මී 9 වර්ගයේ උණ්ඩ 10ක් අඩංගු මැගසිනියක් සහ ඒ අසල වැටී තිබූ බෑගයක තවත් එවැනිම මැගසිනයක්ද සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
අදාල බෑගය තුළ තිබී පලා ගිය සැකකරුගේ ජාතික හැඳුනුම්පත හමුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු වන සංඛ නැමැත්තාගේ ගෝලයකු බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසනවා.
කටුනායක, ආඩි අම්බලම, දැව මොට්ටාව ප්‍රදේශයේ නිවසකට අද පෙරවරුවේ යතුරු පැදියකින් පිස්තෝලයක් සහ රිවෝල්වරයක් රැගෙන ආ දෙදෙනකු මෙලෙස වෙඩි තැබීමට උත්සාහ දරා තිබෙනවා.
වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී වෙඩික්කරුගේ ඉලක්කය වූ අංජන නැමැත්තා වෙඩික්කරුවන් දෙසට එකවරම කඩා වැදීමත් සමගම එක් පුද්ගලයකු තාප්පෙන් පැන පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර අනෙක් පුද්ගලයා අංජන ඇතුළු ගම්වාසීන් විසින් අල්ලාගෙන තිබෙනවා.
එහිදී ඔහුගේ පාදයක් බිඳීමට ලක්ව ඇතැයිද පොලිසිය පවසනවා.
රැස් වූ පිරිස සැකකාර වෙඩික්කරුට පහරදී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.