ඔවුන් දෙන්නාගේ සම්බන්ධය ගැන නොදන්නා කෙනෙක් නැහැ..
ඔන්න ඉතින් ඒ දෙන්නා කලක පටන් තිබුණු ඒ ආදර සම්බන්ධයට තිත තියලා දෙන්නම එක වහලක් යටට එන්න තීරණය කරලා..
ඒ කියන්නේ මෙය කලක පටන් පැවති පෙම සබඳතාවයක් මත සිදු වූ මංගල්‍යයක්.. විවාහ මංගල උත්සවයකින් පසු සිදුවූ මේ පුවත වාර්තා වෙන්නේ රත්නපුර ප්‍රදේශයෙන්.. ඔවුන් දෙදෙන්නාගේ ජීවිතයේ ඒ ලස්සන දවසින් පස්සේ මධුසමයට යුවල පිටත් වුණා..
සතියේ සුබ දිනයක සුඛ නැකතින් මංගල්‍යයේ කටයුතු සිදුකෙරුනු අතර, සති අත්තයක් සමඟ තුන් දිනක් මේ යුවළ මධුසමය සඳහා දින වෙන් කර තිබුණා..
ඒත් මේ සැමියා මධුසමයට ගිය මනාලිය හෝටලයේ කනිකර දමා ගියේ රාජකාරි ස්ථානයටයි.. ඒ අතිකාල සේවය සඳහා කිව්වොත් කිසිවෙකුත් විශ්වාස කරන එකක් නැහැ..
මගුල් දාට පසු දින ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණේ ඔහුගේ රාජකාරී ස්ථානයෙන් වන අතර එදින කරන්නට තිබූ වැඩ කොටසට අතිකාල දීමනා ලැබෙන බවත් ඒ දුරකතන ඇමතුම ගත් අය ඔහුට කියන්න වුණා..
දීර්ඝ නිවාඩුවක් නිසා ලැබෙන අතිකාල දීමනාවට ලෝබ වී දෙපාරක් නොසිතා මේ මනමාලයා තම බිරිඳ වෙනුවට රාජකාරිය තෝරාගත්තා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ..