මේ කියන්න යන්නේ අන්න ඒ වගේ වෙනස්වෙන කාලගුණය ගැන ඇසෙන තවත් එක කතාවක්..
දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට (23) පස්වරු 01.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා...
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල මෙලෙස වැසි ඇති විය හැකි බවයි..
එමෙන්ම, ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි..
මේ අතර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු පළාත්වලත්, හම්බන්තොට හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා..