ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ස්වර්ගස්ථ වීම හේතුවෙන් අමෙරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස පත්කර බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කළා.
88 වැනි වියෙහි පසු වූ උන් වහන්සේ බ්රොන්කයිටිස් රෝග තත්ත්වයක් හේතුවෙන් පසුගිය දා රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කළ අතර, පසුව සුවය ලබා යළි පැමිණියා.
අනතුරුව වතිකානයේ පැවති පාස්කු ඉරුදින ප්‍රධාන දේව මෙහෙයට ද උන් වහන්සේ සහභාගි වූයේ ජනතාව තුළ ප්‍රීති ප්රමෝදයක් ඇති කරමින්.
වසර 12ක කාලයක් රෝමානු කතෝලික පල්ලියේ නායකයා ලෙස කටයුතු කළ උන් වහන්සේ කිහිප වරක් ම රෝහල්ගත කෙරුණු අතර එම රෝගී වීම් සඳහා ආසන්නම හේතුවක් ලෙස සැලකුණේ, වයස අවුරුදු 21 දී පෙනහලු වලින් කොටසක් ඉවත් කිරීම ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීමයි.
2001 වසරේ දී දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් අතින් කාදිනල් ධුරයට ඔසවන ලද උන් වහන්සේගේ පෞද්ගලික නම් වූයේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ යි.
අනතුරුව එවක පාප් වහන්සේ වූ ගුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප් වහන්සේ සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ධුරය අතහැරි පසු 2013 පෙබරවාරි 28 වැනි දා පාප් පදවියට පත් උන් වහන්සේ සිය නාමය ලෙස ෆ්‍රැන්සිස් යන්න තෝරා ගනු ලැබුවා.
1936 දෙසැම්බර් 17 වැනි දින ආර්ජන් විනාවේ බුළු නොස් අයර්ශි (Buenos Aires) ෆ්ලොරේස් (Flores) දිස්ත්‍රික්කයේ උපන් උන් වහන්සේ 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පුජකවරය ලබාගත්තා.