ස්වර්ගස්ථ වූ ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරනු ලබන ගෞරවයක් ලෙස අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කර තිබෙනවා.
"සාමයේ සහ දයානුකම්පාවේ මිනිසෙකුට" සිදුකරන ගරු කිරීමක් ලෙස අද (21) රාත්‍රියේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් පැරිස් නගරාධිපති සඳහන්කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ අතර, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය සැළවීමත් සමග සාන්ත පීතර බැසිලිකාවට අතිවිශාල ජනකායක් මේ වනවිටත් පැමිණෙමින් සිටිනවා.