දැන් බඩ සෑහෙන්න අඩු වෙලානේ..මොකද ඇත්තටම කළේ? ඔන්න දැන් නේ නියම පෙනුම…නිතර මුණගැහෙන කෙනෙක් මෙහෙම දේවල් අහනවා නම් හිතට දැනෙන සතුට ගැන දන්නේ බඩ වැඩි හින්දා හිත කරදරෙන් ඉන්න අය විතරයි.
ඒත් ඉතින් මොන සෙල්ලම දැම්මත් මේ බැලුමක් වගේ පිම්බිලා තියන බඩ අඩු වෙන්නේ නැත්නම් ඒ වෙනුවෙන් මහන්සි වෙන එක එපා වෙනවා.
අන්න ඒ හින්දා බඩ අඩුකරගන්න හිතන අයට වැඩේ හරියටම හරියන සරල වැඩ 6ක් තමයි මේ කියන්න යන්නේ.
බඩ අඩුකරගන්න ඔබට හැබෑම උවමනාවක් තියනවා නම් මේ ටික එක හැල්මේ කියවන්න.
01 බඩ අඩුකරගන්න ලෑස්ති වෙන්නබඩ අඩුකරගන්නවා කියන්නේ ගමනක්.එක විදිහකට හිත හදාගෙන,සමහර පුංචි කැප කිරීම් කරගෙන එදිනෙදා අත්විදින පුංචි ප්‍ර ගතියෙන් සතුටු වෙමින් යන්න ඕන ගමනක්.හිතන්න.ඉස්සර ඔබට ඔහොම බඩක් තිබුණේ නෑ නේ?
කාලයත් එක්ක වෙච්ච අතපසුවීම් සහ වැරදි ටිකක් එක්ක ඔබට ඔය බන්ඩිය හදාගන්න අවුරුදු කීපයක් යන්න ඇති.
ඉතින් එහෙම තියෙද්දි දවස් දෙකෙන් තුනෙන් බඩ අඩුකරගන්න හිතනවා නම් ඔබ මෙතනින් එහාට මේ ටික නොකියෙව්වට කමක් නෑ.මොකද ඒක කවදාවත් ප්‍රායෝගික නොවන නිසා.මේ ගමන යන්න කැමති නම් ඔබ මුලින්ම පුංචි නෝට් බුක් එකක් අරගෙන දිනය,ඔබේ බර,ඉග(කලිසම් සයිය් එක) මැනගෙන ලියාගන්න.පුංචි ටේප් එකක් වගේම ඩිජිටල් බර කිරන තරාදියක් මහ ගානක් වෙන්නේ නෑ.ඕවා අත පොවන මායිමේ තියන කොට තමයි නිතර නිතර මනින්න,කිරන්න හිතෙන්නේ.
02 හරි විදිහෙන් පටන් ගන්න බඩ අඩුකරගන්න කරන්න පුළුවන් වැඩ ගොඩක් තියනවා. එකක් තමයි ජිම් ගිහින් ඇගට ටිකක් දුකක් දීලා වැඩේ කරගන්න එක.නැත්නම් ඇවිදිනවා වගේ එදිනෙදා කරන දෙයක් වුණත් නරක නැහැ.
සමහර උදවිය ඔය මුකුත් කරන් නැතුව ගෙදරදිම පොඩි ව්‍යායාම ටිකක් කරනවා. ඒ අතරේ බඩට ටිකක් වැඩිපුර කරනවා. ඔය මොන දේ කළත් උදරය ඇතුළෙ තැන්පත් වෙලා තියන මේද තට්ටුව හොල්ලන්න පුළුවන් වැඩක් වෙන්නම ඕන. හැබැයි ඒක ටික දවසක් ,ඒ කියන්නේ අඩු තරමින් මාස කීපයක්වත් ගතවෙන වැඩක්.
03 කැපකරන්න- පුරුදු වෙන්න මුලින්ම රෑට කන තඩි බත් පිගාන කැප කරන්න.
රෑ කෑම කලින් ගන්න.ඒ වගේම සැහැල්ලු පුංචි ආහාර ප්‍රමාණයක් ගන්න.පෝෂණවේදියො නම් ඉතින් කියන්නේ බත් කන්නම ඕනේ නම් පොඩි කෝප්පයකින් එකක් එක්ක එළවළු වැඩිපුර කන්න කියලා.
කෙහොම නමුත් මේ කියන්නේ රෑ කෑම අඩුකරන්න කියලයි.ඒ වගේම තමයි ඔය ඔෆිස් එකේදී කෑම දෙක තුන ,එකට සෙට් වෙලා කන එක නවත්තලා දාන්න.මොකද අපි දන්නේ නැතුවම සෑහෙන ලොකු කෑම ප්‍රමාණයක් අපිට කැවෙනවා. අනික ඔය වෙලාවට හරියට හපලා හෙමිහිට කන්නේ නෑ නේ.
04 දැන් මොනවද එහෙනම් කන්නේ??
කාලයක් තිස්සේ පුරුදු වෙලා තියන කෑම බීම එකපාරටම නවත්තන්න අමාරුයි නේ.
ඒ නිසා අදියරෙන් අදියර,පුලුවන් හැම වෙලාවටම ඔබේ කෑම වේල වෙනස් කරගන්න බලන්න.එහෙම හිතනවා නම් මෙන්න ට්‍රයි කරලා බලන්න හොද විකල්ප කීපයක්.
1. කෙඳි සහිත ආහාර. (කොහිල, වැටකොලු, පලතුරු වර්ග.)
2. කුරක්කන්, මෙනේරි හාල්, කොල්ලු වැනි ධාන්‍ය වර්ග.
3. තම්බපු හාලේ බත් ස්වල්ප ප්රාමාණයක්.
4. පළතුරු යුෂ වෙනුවට පළතුරු කැබලි. (කොමඩු, පිපිඤ්ඤා බඩ අඩු කරයි.)
5. උදේට පිටිකිරි වෙනුවට දියර කිරි වීදුරුවක්.
6. රාත්‍රියට බත් වෙනුවට බර අඩු පෝෂ්‍යදායී ආහාර වේලක්. (කුරක්කන් රොටියක්, තම්බපු එලවලු, එලවලු සුප්.)
05 ලොකු ප්රතිලාභ ගේන පොඩි වැඩ වලට හුරුවෙන්න ඇග වෙහෙසවන්න වෙනම වෙලාවක් හොයාගන්න නැත්නම් තියන වෙලාව ඇතුලේ ඒක කරගන්න.
උදාහරණයක් විදිහට ඔබ බස් එකේ නම් යන්නේ හෙට ඉදලා හවස ගෙදර එනකොට හෝල්ට් එකක් දෙකක් කලින් බැහැලා හොද දාඩිය පාරකුත් දාගෙන පයින් එන්න.(ඒ එන අතරමග යාලුවො එක්ක සෙට් වෙලා රෑ බෝ වෙලා ගෙදර එන්න පුරුදු වුණොත් මේ ව්‍යාපෘතිය එතනින්ම ඉවරයි) .
එදිනෙදා ගෙදර තියන ගේ දොර අතුපතු ගාන වගේ වැඩ කරලා ඇගේ දාඩිය ටිකක් හොල්ලන ගමන් සතුටකුත් විදින්න පුළුවන්.
ඔබට වාහනයක් තියනවා නම් මේ සතියේ ගෙදරම වාහනේ හෝදලා බලන්නකො.
අතට මුදලකුත් ඉතිරි කරගන්න ගමන් හිතට සතුටකුත් එන හැටි.මේ හැම වැඩකින්ම ඔබට ටිකක් ඇග පත මහන්සි කරන්න කියන් එකයි මේ කියන්නේ.
උපුටා ගැනීමකි