Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
21
මුළු රටම කතා කරපු ජයකොඩි වලව්වේ මීළඟ හිමිකරු රියැදුරු රෝහිතද?

- මුළු රටම කතා කරපු ජයකොඩි වලව්වේ මීළඟ හිමිකරු රියැදුරු රෝහිතද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

477 Views
මේ ලිපිය කියවන ඔබ පරසතු මල් චිත්‍රපටය බලලා තියෙනවද? කරුවල ගෙදර, ස්වයංජාත, උදාගිර වගේ ටෙලිනාට්‍ය නරඹලා තියෙනවද?

මේවා නරඹලා තියෙන ඔබට මේ ටෙලිනාට්‍යවල වලව් පසුබිමක යන යම් යම් ජවනිකා මතක ඇති. ඒ පසුබිමට මුල් වුණේ ජයකොඩි වලව්ව. ජයකොඩි වලව්ව කියන්නේ වැලිපිල්ලෑවේ තියෙන ජයකොඩි වලව්ව. ලංකාවේ ඉතිහාසයේ ජයකොඩි වලව් කීපයක් ගැන කියැවෙනවා.

ඉන් එකක් තියෙන්නේ බාඳුරාගොඩ. ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ජීවිතේ ගෙවිච්ච තැන. හැබැයි මේ කියන්නේ ඒ ගැන නෙවෙයි මේ කියන්නේ ගණේමුල්ලේ තියෙන ජයකොඩි වලව්ව. ගණේමුල්ලේ සිට වැලිපිල්ලෑව හරහා ගමන් කරන ඔබට ඔබේ වම් අත පැත්තේ සරුසාර තුරුලතා ගොමුවක් මැද තියෙන සුදු පැහැති යෝධයකු සේ ඈතින් පෙනෙන මේ වලව්ව දකින්න ලැබෙනවා. මේක ඉතාම වටිනාකමක් සහිත වලව්වක් බවයි කියැවෙන්නේ. මේ වලව්වේ ඉතිහාසමය කතාව ඓතිහාසික වටිනාකමට වඩා ජනප්‍රවාදමය සාහිත්‍යමය වටිනාකමක් සහිතවයි අපිට හඳුනාගන්න පුළුවන් වෙන්නේ.

ජයකොඩි වලව්ව ගැන ජනප්‍රවාදයේ කියැවෙන්නේ ගබන් ජයකොඩි කියන නම. බි්‍රතාන්‍ය පාලන කාලෙදී ජීවත් වෙච්ච මේ ගබන් ජයකොඩි කියන තරුණයා වැලිපිල්ලෑවේ හිටපු ග්‍රාමීය චණ්ඩියෙක්. ඔහු කොච්චර චණ්ඩියා වුණත් පන්සලත් එක්ක ලොකු සම්බන්ධයක් තිබිලා තියෙනවා. නිතර පන්සලට ගිහිල්ලා හාමුදුරුවොත් එක්ක කයියක් ගහලා එන ගබන්ට, දවසක් මේ පන්සලේ හිටිය හාමුදුරුවෝ එක්තරා තරුණියක් පෙන්නලා කියනවා ‘ඔන්න ගබෝ කේන්දරේ’ කියලා. කසාදයක් කරගන්නවා නම් මේ කාන්තාව තමයි ගැළපෙනම කෙනා කියලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන දන්න මේ හාමුදුරුවෝ ගබන්ට කියනවා. ගබන් හාමදුරුවන්ගේ කතාව විශ්වාස කරලා මේ තරුණියව කොහොම හරි විවාහ කරගන්නවා කියලා විශාල උත්සාහයකින් පස්සේ ඈව සහේට ගන්නවා. 

මේ විදියට විවාහ වෙලා තමන්ගේ පාඩුවේ ජීවත් වෙච්ච ගබන්ගේ පවුලට එක්තරා අවස්ථාවකදී දකින්න ලැබෙනවා මුට්ටියක්. මේක ගබන් විවාහ කරගත්තු තරුණිය තමයි ඔහුට කියන්නේ. විශාල දිය පොකුණක් සහ පුංචි කැලයක් තිබුණු මේ ප්‍රදේශයට ගිය ගබන් මේ විශාල මුට්ටිය ගෙදර අරගෙන එනවා. කවුදෝ කෙනෙක් හංගපු මුට්ටියක් බව දැන දැනම ගබන්ලා මේ මුට්ටියේ තිබුණු දේවල් මොනවද කියලා බලනවා. අදහා ගන්න බැරි විදියට ගබන්ට දකින්න ලැබෙන්නේ මේ මුට්ටියේ තියෙන්නේ කාසි බව. විශාල කාසි මුට්ටියක් මේ විදියට ගබන් සතු කරගන්නවා. ගබන් මේ විශාල මුට්ටියෙන් ඉඩකඩම් මිලට අරගෙන, ව්‍යාපාර ආරම්භ කරලා, විශාල ධනවතෙක් බවට පත්වෙනවා. ඔහු ලී ව්‍යාපාරයට එනවා. පොලියට මුදල් දීම පටන් අරගන්නවා. මේ විදියට ඉතා දියුණු සරුසාර ව්‍යාපාරිකයෙක් බවට හදිසියේ පත්වෙච්ච ගබන් ජයකොඩි වැලිපිල්ලෑව විහාරය ඉස්සරහා ජයකොඩි වලව්ව ඉදිකරනවා. මේ තමයි ඔහු හදපු වලව්ව.

ගබන් ජයකොඩිගෙන් පස්සේ ඇඩ්වින් කේ. ජයකොඩි කියන පුත්‍රයා, සිරිදත්ත මැතිනියව විවාහ කරගැනීමත් සමග විශාල පවුල් බලයක් මේගොල්ලන්ට ලැබෙනවා. බෞද්ධ වෙහෙර විහාරස්ථානවලට උදවු උපකාර කරමින් ඉතා සරුසාර ජීවිතයක් මේ අය ගතකරනවා. කැලණි විහාරය, කිරින්ද විහාරය, විහාරමහා දේවි උද්‍යානයේ තියෙන විහාරමහා දේවි ප්‍රතිමාව වගේ දේවල් සිරිදත්ත ජයකොඩි මැතිනියගේ අනුග්‍රහයෙන් ඉදිකළ බව කියැවෙනවා. ඒ වගේම ප්‍රදේශයේ බෞද්ධ පාසල් නගාසිටුවන්න මේ අය කටයුතු කරලා තියෙනවා.

ජයකොඩි මහ විදුහල ආරම්භ කරන්නෙත් මේගොල්ලෝ. 1960දී මහර ආසනයට තරග කරන්න ඈට අවස්ථාව ලැබෙනවා. ඒ, එක්සත් ජාතික පක්ෂයෙන්. මේ ඇඩ්වින් කේ. ජයකොඩිටයි, සිරිදත්ත ජයකොඩිටයි පුත්තු දෙන්නෙක් ඉන්නවා. එක පුතෙක් හදිසියේ මියයෑමත් සමග දියණිය වෛද්‍යවරයකු සමග විවාහ වෙලා විදේශගත වෙනවා. අනිත් පුතා තමයි කමලවර්ණ ජයකොඩි. වලව්වේ හිමිකරු බවට පත්වෙන්නේ ඔහු. ස්වර්ණමාලි ජයකොඩිත් එක්ක විවාහ වෙච්ච ඔහු රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දක්වා ඉතා දුර ගමනක් යනවා. 2007 වසරේදී කමලවර්ණ ජයකොඩි මියයනවා. ඔහු මියයන්නේ දරුවන් නොමැතිව. කමලවර්ණ ජයකොඩි මියගියාට පස්සේ 2025 වෙනතුරු ස්වර්ණමාලි ජයකොඩි මහත්මිය මේ වලව්වේ හුදෙකලා ජීවිතයක් ගතකරනවා. දැන් මේ කතාව පටන්ගන්නේ ඇගේ මරණයත් සමග.

ඇගේ මරණයෙන් පස්සේ මේ වලව්වට හිමිකරුවෝ විශාල පිරිසක් ඉදිරිපත් වෙනවා. මේක විශාල ප්‍රශ්නයක් බවට පත්වෙන තැනට එනවා. අධිකරණයට ගැටලු විසඳන්න වෙන තැනටම පත්වෙනවා. අධිකරණය විසින් මේ ගැන තීන්දු තීරණ ගන්නා තැනට පත්වුණාට පස්සේ අධිකරණයට දැන් වලව්වට හිමිකරුවෙක් විතරක් නෙවෙයි, මේ මෘත ශරීරයට හිමිකරුවෙක් හොයාගන්නත් සිදුවෙන තැනට ප්‍රශ්නය දිග්ගැස්සෙනවා. දැන් මේ මෘත ශරීරයේ හිමිකරුවා හොයනකොට අවසාන තීන්දුව ගන්න සිද්ධ වෙන්නේ අධිකරණයට. රෝගී තත්ත්වයෙන් ඈ මියගියාට පස්සේ ඇගේ මෘත ශරීරය සම්බන්ධව අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකු විසින් සිදුකරන අවසාන පරීක්ෂණය ඉතාම තීරණාත්මක එකක් බවට පත්වෙනවා. ඒ සම්බන්ධව අධිකරණමය ක්‍රියාමාර්ග අරගෙන ඇගේ මෘත ශරීරය භාරදෙන්නේ ඈ මියයනතුරු අවසන් කාලයේ ඈව රැකබලාගත් ඇගේ රියැදුරු වන කේ.ඒ.ඩී. රෝහිත යන අයට. ඒ අනුව ඇගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තමයි තීන්දුව දෙන්නේ.

කාලයක් අක්කර දහස් ගණනක හිමිකරුවෝ වෙලා හිටපු ජයකොඩි පරම්පරාව ගණේමුල්ල යුද හමුදා කඳවුරට, වැලිපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයට, ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවලට තමන්ගේ ඉඩකඩම් පූජා කරපු, වෛවර්ණ ජීවිතයක් ගතකරපු ඉතා හොඳ පිරිසක්. පසුකාලීනව විවිධ ව්‍යාපාර කටයුතු නිසා, ඔවුන්ගේ ඉඩම් විකුණා දැමීම නිසා කුඩා ප්‍රමාණයකට ලඝු වෙච්ච මේ වලව්වේ භූමිය අද වෙද්දී හිමිකරුවෙක් නැතිව හුදෙකලා වෙලාද කියලා අපිට හිතෙනවා. වලව්වේ හිමිකරුවා බවට පත්වෙන්නේ මේ රියැදුරුද? කෝටි 200ක් විතර වටිනා දේපළවල හිමිකරුවා බවට පත්වෙන්නේ මේ රියැදුරුද? එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ද? අධිකරණයට මේ ගැන තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා.

වසර ගණනක් තිස්සේ දරු මුණුබුරු පරම්පරාවකට හෙවණ වෙච්ච අභිමානනීය මේ වලව්ව දැන් තනිවෙලා. එක වර සිය දෙනකුට අසුන්ගන්න පුළුවන් කෑම මේසේ එක්ව වාඩිවෙලා අසුන් ගන්න දැන් සිය දෙනෙක් තියා පවුලේ කියලා කියන්න එක්කෙනෙක් දෙන්නෙක්වත් නෑ. මේක තමයි ලංකා ඉතිහාසය පුරාම තේජාභිමාන වලව්වලට හිමිවන අවසාන ඉරණම. පස්සේ වලව්ව හෝටලයක් බවට පත්වෙලා, නැත්නම් කෑම කඩයක් බවට පත්වෙලා, වෙනත් ව්‍යාපාරයක් බවට පත්වෙලා, කාගේ හෝ සමාගමක හිමිකරුවන් බවට පත්වෙලා අවසාන කාලය ගතකරනවා. වලව්ව ප්‍රතිසංස්කරණයට ලක්වෙන්නේ ඉන් පස්සේ. වලව්වේ තිබුණු අභිමානනීය මතකයන් ආදරණීය සිහිවටන සියල්ල වලව්ව තුළම මිහිදන් වෙනවා.

මේ වලව්වේ දුවපැනපු දරු මුණුබුරන්ගේ කටහඬවල් දැන් ඇහෙන්නේ නෑ. වලව්වේ තිබුණු ආදරය දැන් දකින්න නෑ. මෙදා අලුත් අවුරුද්දට වලව්වේ කිරිබතක් ඉදෙන්නේ නෑ. මෙදා අලුත් අවුරුද්දට වලව්වට කවුරුවත් නෑගම් එන්නේ නෑ. මෙදා වෙසක් පෝයට වලව්වේ වෙසක් කූඩු හදන්න කෙනෙක් නෑ. ජයකොඩි වලව්ව තවත් එක් හුදෙකලා වලව්වක් විදියට අඳුරු කතන්දර රැසක හිමිකරුවෙක් වෙලා හොල්මන් කතාවක අවසාන කොනට එකතු වෙනවද? එහෙම නැත්නම් වලව්වට හිමිකරුවෙක් ඇවිල්ලා මේ වලව්ව ආයෙත් පරණ පුරුදු ජීවිතයට හුරුවෙනවද කියන එක දිහා අපි බලාගෙන ඉමු.
ජීවන පහන් තිළිණ - මව්රට 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top