හැමදාමත් වගේ ඩොලරයට සිදුවූ වෙනස ගැන ඔබ අදත් දැනගන්න කැමැත්තෙන් ඇති.. මේ අන්න ඒ ගැන ඇසෙන ආරංචියයි..
අද ඩොලරයේ මිල ගණන් දැක්වුණේ මෙන්න මේ විදිහටයි..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා...
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු.294.6708ක් ලෙසයි සටහන්ව ඇත්තේ..
එමෙන්ම එහි විකුණුම් මිල රු. 303.3271ක් ලෙස වාර්තා වී තිබෙනවා..
කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු.293.9185ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.302.6158ලෙස සටහන්ව තිබුණා..