ගොඩක් දෙනෙක් Apple සමාගමේ නිශ්පාදන භාවිත කරනවා..
මේ කියන්න අන්න ඒ අයගෙන් සැලකිය යුතු පිරිසකට වැදගත් වෙන කතාවක්..
Apple සමාගම විසින් iOS 18.4.1 ලෙසින් නවතම යාවත්කාලී කිරිමක් නිකුත් කර තිබෙනවා..
මෙය ආරක්ෂක යාවත්කාලීනයක් ලෙසටයි ඔවුන් හදුන්වනේ..
මේ යාවත්කාලීනය වහාම ස්ථාපනය කිරීම සඳහා සියලු iPhone භාවිතාකරුවන්ට Apple සමාගම විසින් දැනුම්දී තිබෙනවා..
මෙම යාවත්කාලීනයේ හේතුව වන්නේ සක්‍රියවම සයිබර් ප්‍රහාරයන්හිදී පාවිච්චි වූ ආරක්ෂක දුර්වලතා දෙකක් (CoreAudio සහ Pointer Authentication) හරහා අනවසර කේත ක්‍රියාත්මක කිරීම සහ සංවේදී දත්ත ලබා ගැනීමේ හැකියාවක් හෙළිවීමයි..
Apple විසින් නිකුත් කළ ආරක්ෂක යාවත්කාලීනය හරහා, iPhone ශබ්ද ප්‍රවාහවලට ප්‍රවේශ වීම සහ ඒවා බෙදාහැරීම සඳහා හැකර්වරුන්ට අවස්ථාව ලබාදුන් ආරක්ෂක දුර්වලතා දෙකක් නිවැරදි කර තිබෙනවා..
මෙම දුර්වලතා, රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් වැනි විශේෂිත පුද්ගලයන් ඉලක්ක කරමින් ප්‍රහාර සිදු කිරීම සඳහා භාවිතා කර තිබුණු බවයි වාර්තා වෙන්නේ..
මෙම ගැටලුවට පිළියමක් වශයෙන්, Apple විසින් memory corruption සම්බන්ධ ගැටළුවක් අවසන් කර පුළුල් ලෙස මෙය විහිදෙන්නට ඇති අවදානම වැළැක්වා දී එමඟින් පරිශීලක ආරක්ෂාව වඩාත් ශක්තිමත් කර තිබෙනවා..
දෙවන දුර්වලතාවය සම්බන්ධ වන්නේ Return Pointer Authentication Code (RPAC) ලෙස හැඳින්වෙන ආරක්ෂක ක්‍රමයක්. මෙය, අනවසර කේත ක්‍රියාවලියක් වැළැක්වීම සඳහා නිර්මාණය කර තිබෙනවා..
හැකර්වරුන් මෙම දුර්වලතාවය මගින් ආරක්ෂක මැදීම් වටහාගෙන එම දුර්වලතාව ඇති උපාංගවල කියවීම සහ ලිවීමේ හැකියාව ලබාගැනීමට සමත්විය.මෙම උපාංග අතර iPads, Apple TVs සහ MacBooks ද ඇතුළත් වෙනවා... නවතම යාවත්කාලීනය මගින් මෙම දුර්වලතා පිළියෙළ කරමින්, ආරක්ෂාව වැඩිදියුණු කර තිබෙනවා..
ප්‍රධාන යාවත්කාලීන:
• iOS 18.4.1: CoreAudio සහ RPAC ආරක්ෂක දුර්වලතා නිවැරදි කරමින් උචිත ආරක්ෂාව සපයයි.
• iPadOS 18.4.1: ඒ සඳහා සමාන ආරක්ෂක යාවත්කාලීන ලබා දේ.
• macOS Sequoia 15.4.1: Mac උපාංග සඳහා අත්‍යවශ්‍ය ආරක්ෂක යාවත්කාලීන.
• tvOS 18.4.1 සහ visionOS 2.4.1: Apple TV සහ Vision Pro සඳහා ආරක්ෂක යාවත්කාලීන.
iOS 18.4.1 හෝ iPadOS 18.4.1 වෙත යාවත්කාලීන වීමට:
1. Settings යන්නෙහි පිවිසෙන්න
2. General තෝරන්න
3. Software Update තෝරන්න
4. ඉන්පසුව පෙන්වන උපදෙස් අනුව යාවත්කාලීනය බාගත කර ස්ථාපනය කරන්න