Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
20
දළදා වහන්සේ දවසම ප්‍රදර්ශනය කරන්න බැරිද? රටේ රජාටත් වැහුණු දොර...

- දළදා වහන්සේ දවසම ප්‍රදර්ශනය කරන්න බැරිද? රටේ රජාටත් වැහුණු දොර...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

517 Views
හුගක් අයට තියෙන ප්රශ්නයක් ඇයි මේ 12 ඉදන් 5.30 වෙනකං විතරක් දලදා වහන්සේ පෙන්නන්නේ කියන එක..දවසම පෙන්නන් බැරි ඇයි ??..රෑටත් පෙන්නන්න පුලුවන් නේ??
කියලා සමහරු තර්ක කරනවා

එහෙම පෙන්නන බෑ...ඒක තමයි දළදා සම්ප්රදාය..රජ දවසේ ඉදන් අද වෙනකං බොහෝම ගෞරවයෙන් රැගෙන ආපු සම්ප්රදාය..ඒවා ආවට ගියාට වෙනස් කරන්න බෑ...

දළදා වහන්සේ සැලකෙන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසයි..ඒ නිසාම ඒ සංඥාවෙන්ම තමයි දළදා වහන්සේට උපස්ථාන කරන්නේත්..
දළදා තේවාවන් 03 ක් තියෙනවා..
01. අලුයම තේවාව - 5.30 සිට 7.00 දක්වා
02. නව පෑ පූජාව - 9.30 සිට 11.00 දක්වා
03 හැන්දෑ තේවාව - සවස 6.30 සිට 8.00 දක්වා.
11.00 සිට 12.00 දක්වා ස්වාමින් වහන්සේලාගේ දාන වෙලාවත් තියෙනවා..

ඔය වෙලාවන් අතරේ වැඩිම කාලයක් එක දිගට වන්දනා කරන්න පුලුවන් වෙන්නේ 12.00 සිට 5.00 දක්වා පමණයි..ඒ නිසාම ඒ වෙලාව තමයි දළදා වහන්සේ වැද පුදා ගන්න වෙන් කරලා තියෙන්නේ..

මේ සම්ප්රදාය රජ දවස රටේ රජ්ජුරුවන්ටවත් වෙනස් කරලා නෑ...තේවාව කරලා දොරවල් වැසූ පසූ ආයේ ඉතින් රටේ රජාටවත් දොරවල් විවෘත්ත කරලා නෑ..

තේවාව කරලා දළදා කුටියේ දොරවල් වැහුවට පස්සේ, කීර්ති ශ්රී රාජසිංහ රජතුමාටවත් ආපහු දොරවල් විවුර්ත කලේ නෑ..ඉස්සර තිබිලා තියෙන්නේ එක හැන්දෑ තේවාවන් එකක් විතරයි.. කීර්තී ශ්රී රාජසිංහ රජු නිසා තේවාවන් දෙකක් කරන්න සිද්ද වුනා
..
රජු දිනපතා සිරිතක් වශයෙන් දළදා වන්දනාවට පැමිණෙනවා...දවසක් දළදා වන්දනාව සදහා රජු පැමිණෙන විට කාලය ඉක්ම ගිහිල්ලා...

රජු ගේ පරමාද වීම ගැන එවකට තේවාවේ භාරකාරීත්වය දැරූ නායක හිමියන්ට දක්වා පණිවිඩකාරයෙකු යවා ඇති නමුත් ඒ වන විට සියලු තේවා කටයුතු නිමකොට ඇතුල් මාලිගය පවිතරකොට සුවද දුම් අල්ලා සුවද පැන් ඉස අවසන් කර දොරවල් වැසීම සිදු කරලා ඉවරයි..

නායක හිමියන් පවසා ඇත්තේ රජු පැමිණියද තේවාව අවසන් කොට ඇතුල් මාලිගාවේ දොර වැසූ පසු කිසිදු හේතුවක් නිසාවත් නැවත එය විවෘත නොකළ යුතු බවයි..

රජතුමා පැමිණ එම කාරණාව සම්බන්ධයෙන් නොකිපී එතැන් පටන් ඉදිරියට දෙවන ගිලන්පස පූජාවක් සිදුකිරීමට අවසර ලබා දෙන ලෙස තේවාව භාර නායක හිමියන්ගෙන් ඉල්ලා සිටි අතර, එයට අවසරය ලද බැවින් එදා සිට අද දක්වාද එම චාරිතරය ඉටු කරමින් අමතර ගිලන්පස පූජාවක් පවත්වනු ලබයි..

මේ සිදුවීමෙන් පේන්නේ දළද වහන්සේගේ සවස තේවාව සිදු කල පසු, රටේ රජාටවත් දළද වහන්සේ වැඩ ඉන්න කුටියේ දොර විවෘත්ත නොකරන බවයි..

දළදා වහන්සේගේ තේවාව අපේ මහා සංඝරත්නය විසින් බොහෝම ගෞරවයෙන් සිදිකරගෙන ආපු සම්ප්රදායක්..ඒවා දැන් කිසිම හේතුවකට වෙනස් කරන්න බැරිය..ඒ නිසා දළදා වහන්සේ පෙන්නන් වේලාව සම්බන්ධයෙන් වාද කිරීමෙන් ඵලක් නැත.. ඒ සම්ප්රදායට ගරු කල යුතුය..අවනත විය යුතුය..

කිසිවෙක් දළදා වහන්සේ බලන්නට බලෙන් එක්කන් යන්නේ නැත.. දිගු පෝලිම් වල ඉන්නට අපහසු නම්, කිසිවෙකුටත් චෝදනා නොකට ගෙදර සිටියාට කම් නැත..

දවස් ගණන් පෝලිමේ ඉදලත් හිත නරක් කරගෙන දලදා වහන්සේ වන්දනා කරගන්නවාට වඩා,අඩුපාඩු නොසොයා, හැකි ලෙස දළදා වහන්සේ වන්දනා කර ගත්තොත් ඒ පින ඔබටය..

වචන වරද්දාගෙන සසරම විඳවන්න උනොත් ඒ විඳවන්න වෙන්නෙත් ඔබටමය...

ඒ නිසා අඩුපාඩු සොයන්න යන්න එපා..

දළදා වහන්සේ පෙන්නන වෙලාවේ හැකි විදියට වන්දනා කර ගන්න..

තේවාවේ සප්රදායික විස්තර කියවලා බලන්න..ඒවා කියෙව්වම තමයි තෙරෙන්නේ දළදා වහන්සේට කොයිවගේ ගෞවරයකින් පුද සත්කාර කරලා තියෙනවද කියලා..
රංගන රුවන්පුර - උපුටා ගැනීමකි
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top