Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
20
දළදා සමිඳු වැඩසිටින කරඬු හතේ කතාව...

- දළදා සමිඳු වැඩසිටින කරඬු හතේ කතාව...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

348 Views
ඓතිහාසික ශ්‍රි දළදා මාලිගාවේ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලයට දළදා කරඬු වහන්සේ ගැන කවුරුත් කතා වෙනවා.


ඓතිහාසික ශ්රි දළදා මාලිගාවේ පෙරහර මංගල්යය පැවැත්වෙන කාලයට දළදා කරඬු වහන්සේ ගැන කවුරුත් කතා වෙනවා. ඒ නිසා මේ කියන්න යන දේ බොහෝ විට ඔබ දන්නවත් ඇති. ඒත් බහුතරයක දැනගැනිමට වගේම අධ්යනයන් කරන ඕනෑම අයෙක්ට මේ විස්තරය ප්රයෝජනවත් වේවි.

අපිට ශ්රි දළදා වහන්සේ පියවි ඇසින් දකින්න ලැබෙන්නේ දළදා දැක්මකදි විතරයි. දළදා දැක්මක් සිදුවෙන්නේ අතිශය කලාතුරකිනි. දළදා වහන්සේ වැඩ ඉන්නේ කරඬු හතක් තුළයි.
දළදා මාලිගාවේ ඇතුල් මාලිගයේ හෙවත් ගඳකිළියෙහි දළදා කරඬුව තැන්පත් කරලා තියෙනවා. විශේෂ වීදුරු කුටියක තමයි මේ සුවිසල් කරඬුව තැන්පත් කරලා තියෙන්නෙ.

මේ සුවිසල් කරඬුවේ මාල මුතු රන්මාල ආදිය තැන්පත් කරලා තියෙන බව ඔබ කරඬුව ඈතින් සිට වන්දනා කළත් දකින්න ඇතිනේ. මේ මාල ආදිය නොයෙක් යුගවලදි රජවරු බිසෝවරු සෙන්පතිවරු හා රාජ්ය නායකයන්, බැතිමතුන් පූජාකළ ඒවා. මෙම පූජා වස්තු කවුරුන් විසින් පුජාකළාද යන්න මාලිගාවේ ඇති කොමසාරිස් පොත නම් ග්රන්ථයේ සදහන් වෙනවා.

දළදා වහන්සේ වැඩසිටින අපට පෙනෙන සුවිසල් කරඬුව පුජාකරලා තියෙන්නේ විමලධර්මසූරිය රජතුමා විසින්. එය රිදී පාටින් යුක්තයි. මේ කරඬුව ඇතුලේ තවත් කරඩු හයක් තියෙනවා. පළමු සුවිසල් කරඬුව ඉවත්කළ පසු දෙවැනි කරඬුව දකින්න පුළුවන්. එහි රන්පත් සමුහයක් තියෙනවා. ධම්මචක්කපවත්තන සුත්රය සහ වටිනා ධර්ම පාඨ මෙම රන්පත්වල සටහන් කර තියෙනවා. එම කරඬුව බුරුම රටෙන් පුජා කළ එකක්.

දෙවැනි කරඬුව ඉවත්කළ පසු මතුවෙන තුන්වෙනි කරඬුව අඩි 1 1/2 ක් පමණ උසකින් යුක්තයි. දඹරනින් එය නිමවා තිබෙනවා. එය ඉවත් කිරිමට යතුරක් අවශ්යයි. ඒ යතුර තිබෙන්නේ දියවඩන නිලමේතුමා භාරයේය.

තුන්වැනි කරඬුව ඉවත්කිරිමෙන් පසු හමුවෙන සිව්වන කරඬුව රනින් නිමවා තිබෙනවා. එහි මැණික් ආදිය ඔබ්බවා තිබෙනවා. එය ඉවත් කිරිමේ යතුර තිබෙන්නේ මල්වතු පාර්ශවයේ මහානාහිමියන් භාරයේය.

මල්වතු මහනාහිමියන් එම කරඬුව විවෘත කිරිමෙන් පසු දක්නට ලැබෙන පස්වෙනි කරඬුව පුජා කර ඇත්තේ ඇහැලෙපොළ මහ අධිකාරම්තුමා විසින්. එය අඩියක් පමණ උසයි. එම පස්වෙනි කරඬුවේ යතුර තිබෙන්නේ අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් භාරයේය.

මෙහි හතරවෙනි කරඬුව මල්වතු කරඬුව වශයෙනුත්, පස්වෙනි කරඬුව අස්ගිරි කරඬුව කියාත් හැදින්වෙන්නේ ඒවායේ යතුරු තිබෙන්නේ ඒ ඒ මහනාහිමිවරුන් භාරයේ නිසාය. අස්ගිරි කරඬුව ඇහැලේපොල මහ අධිකාරම්තුමා විසින් පුජාකර ඇති නිසා එය ඇහැලේපොල කරඩුව කියාත් හඳුන්වනවා. ඒ කරඬුව පුජාකරලා තියෙන්නේ 1816 අගොස්තු 29වෙනි ඉරිදා බව කරඬුවේ පාදමේ සදහන් කරලා තියෙනවා.

ඇහැලේපොල විජේසුන්දර වික්රමසිංහ චන්ද්රසේකර අමරකෝන් යනුවෙන් මහ අධිකාරම් තුමාගේ නම එහි සදහන්කර තිබෙනවා. එම කරඬුව ඉවත් කිරිමෙන් පස්සේ හයවෙනි කරඬුව මතුවෙනවා. හයවෙනි කරඬුවේ පැත්තක තව කුඩා කරඬුවක් දකින්න තියෙනවා. ඒ දන්ත කුමරු හා හේමමාලා කුමරිය සිරිලකට දළදා වහන්සේ වැඩමවාගෙන ආ කරඬුවයි.

හත්වෙනි කරඬුව අඟල් හතරකින් පමණ උසකින් යුක්තයි. දළදා වහන්සේ වැඩසිටින මෙම කරඩුව බුරුම රජයෙන් පුජාකල කරඬුවක් බවයි කියන්නේ. එහි තමයි දළදා වහන්සේ වැඩ ඉන්නේ.

ඇතැම් ව්ට කරඬුවේ යතුර බාරව සිටින මහනායක හාමුදුරුවෝ වහන්සේ නමක් අපවත් වුනොත් අදාළ පාර්ශවයේ කාරක සභික හිමිවරුන් මුලින්ම මහනාහිමියන් ගේ පන්සලට ගිහින් එහි සිටින ප්රධාන ශිෂ්ය හිමිගෙන් දළදා කරඬුවේ යතුර බාරගන්නවා. එසේ බාරගත් එම යතුර එම පාර්ශවයේ ජ්යෙෂ්ඨ අනුනායක හිමියන්ට බාර දෙනවා. අලුතෙන් මහනාහිමි නමක් පත්වෙනතුරු යතුර ජ්යෙෂ්ඨ අනුනායක හිමියන් බාරයේ පවතිනවා. ඇතැම්විට ජ්යෙෂ්ඨ අනුනායක හිමියන් මහනායක ධුරයට පත්වුනොත් දළදා යතුර උන්වහන්සේ බාරයේම පවතිනවා. වෙනත් හිමිනමක් මහනායක ධුරයට පත්වුවහොත් ජ්යෙෂ්ඨ අනුනාහිමියන් විසින් දළදා යතුර අභිනව මහානාහිමියන්ට භාර දෙනවා.

මේ අනුව බලනවිට දළදා ප්රදර්ශනයක් කරන්න මල්වතු අස්ගිරි මහානායක හිමිවරු හා දියවඩන නිලමේ තුමන් එක්විය යුතුයි. දළදා වහන්සේ ප්රදර්ශනයට තබන අවස්ථාවලදි තැන්පත් කිරිමට වෙනම රන් කරඬුවක් තිබෙනවා. එය ප්රදර්ශන කරඬුව ලෙසත් හදුන්වනවා. රන් නෙළුම් මලක් උඩ කොපුවක දළදා වහන්සේ වඩාහිඳුවා ප්රදර්ශනයට තබනවා.

පෙරහර සදහා හස්තියා මත තැන්පත් කරන්නේ තවත් කරඬුවක්. පෙරහර කරඬුව ලෙස එය හදුන්වනවා .පෙරහර කරඩුව වගේම ප්රදර්ශන කරඬුව තැන්පත් කර තිබෙන්නේ දළදා වහන්සේ වැඩසිටින කරඬුව පිහිටි වීදුරු කුටිය තුළමයි.
උපුටා ගැනීමක් 
සටහන ~ ධර්ම ශ්රි තිලකවර්ධන.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top