මේ දිනවල පවතින අධික රස්නය මැයි මස අවසන් සතිය පමණ දක්වා පවතින බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා.
මැයි මස අවසන් සතිය වන විට (මැයි 22 – 25) අන්තර්මෝසම සක්‍රිය වීමෙන් උණුසුම පහව යන වැසි ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙසේ පැතිර යන දැඩි රස්නයේ බලපෑම එල්ල වී තිබෙන අවදානම් පිරිස් වන කුඩා දරුවන්, වියපත් වැඩිහිටියන් සහ දිගුකාලීන විවිධ රෝගාබාධවලින් පීඩා විඳින රෝගීන් ආරක්ෂා කර ගත යුතු බව ද සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කර සිටිනවා.
සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන අන්දමට පවතින අධික උෂ්ණත්වය කුඩා දරුවන්ට, වැඩිමහලු පුද්ගලයන්ට, එළිමහනේ රැකියා කරන අයට, දිගුකාලීන රෝගාබාධවලින් පෙළෙන අයට තදින්ම බලපෑ හැකිය.
එහිදී විශේෂයෙන්ම ආතතිය, නිදිමත ගතිය, වැඩ කිරීමට අකැමැතිවීම වැනි (Heat Stress), මස්පිඬු පෙරළීම (Heat Cramps), සිහි කල්පනාව නොමැති වීම (Heat Stroke) මෙන්ම කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට (Heat Rash) මෙන්ම හෘදය රෝග හා පෙණහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීම මෙම කාලය තුළ උත්සන්න වීමක් සිදුවෙයි.