කිතුනුවන්ගේ ශුද්ධ වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදාව අදට (20) යෙදී තිබෙනවා.
ශුද්ධ වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා දිනය අද වන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන වූ බව සිහිපත් කරමින්, එය සැමරෙන්නේ මෙම පාස්කු ඉරිදා දිනයි.
ලෝවාසී කිතුනුවන් උත්සවශ්‍රීයෙන් පාස්කු ඉරිදාව සැමරුවද මෙරට කිතුනුවන්ට පාස්කු ඉරිදාව අමිහිරි අත්දැකීමක් සමුදායක් මතකයට නැගෙන දිනයක්.
ඒ, 2019 වසරේ පාස්කු ඉරිදා දින මෙරට ක්‍රිස්තියානි දේවස්ථාන තුනක් සහ කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කරගෙන සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන්.
මේ අතර, අද දිනයේදීත් දේවස්ථාන අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවා.
ඒ අනුව, මේ සඳහා පොලිස් නිලධාරින්, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් රාජකාරීයේ යෙදීමටයි කටයුතු කර ඇත්තේ.