Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
19
දවස ගානේ ඉදුණු කෙසෙල් ගෙඩියක් කෑවොත් වෙන දේ මෙන්න...

- දවස ගානේ ඉදුණු කෙසෙල් ගෙඩියක් කෑවොත් වෙන දේ මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

435 Views
බොහෝ දෙනා නොසළකා හරින කෙසෙල් ගෙඩි අප සිතා සිටියාට වඩා ප්‍රතිලාභ බොහෝමයක් ලබාදෙන පළතුරක් බව මේ ලිපිය කියැවීමෙන් ඔබට පෙනී යනු ඇත.
කෙසෙල් ගෙඩියක ස්වභාවයෙන්ම හමුවන ප්‍රධාන සීනි වර්ග තුනකි. සුක්රෝස්,ෆ්‍රක්ටෝස් හා ග්ලූකෝස් තුන් ජාතියම එහි ඇත.

මෙ නිසා කෙසෙල් ගෙඩියක් කෑම යනු සැබෑවටම සිරුරට එක් ක්ෂණිකයකින් ශක්තිය ලබා දෙන්නකි.

එය කෙඳී සහිතය. එනිසා දිරවීම පහසුය.

මෙ නිසාවෙන්ම කෙසෙල් ලෝකයේ ප්‍රසිද්ධ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අතර ජනප්‍රිය ආහාරයකි.

නමුත් ශක්තියට අමතරව කෙසෙල්වලින් ලැබෙන ප්‍රතිලාභ බොහෝය....

ආතතියට
මයින්ඩි ආයතනය ආතතිය ඇති පුද්ගලයින් කණ්ඩායමක් ආශ්‍රයෙන් සිදුකර ඇති පර්යේෂණයක් අනුව ඔවුන් බොහෝ දෙනෙක් කෙසෙල් ගෙඩියක් කෑමෙන් තමන්ගේ මනසට සහනයක් දැනෙන්නේ යැයි ප්‍රකාශ කර ඇත.මෙහි විද්‍යාත්මක පසුබිම වන්නේ කෙසෙල් වල ඇති ප්‍රෝටීන විශේෂයක් වන ටි‍්‍රප්ටොෆන් ශරීරයේදී සෙරොටොනින් නම් සිත සැහැල්ලු කිරීමේ හා ආතතිය දුරලීමේ සමත් සංයෝගයක් බවට පත්වීමයි.

තවත් කරුණක් වන්නේ කෙසෙල් වල ඇති විටමින් බී6 යි. විටමින් බී6 රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරන අතර රුධිර ග්ලූකෝස් මට්ටම සිතේ ස්වභාවය කෙරෙහි බලපාන බව සොයා ගෙන තිබේ.ආතතියට තවදුරටත් පෙති බීම අවැසි නොවේ.

ලේ හිඟකමට
යකඩ අධික නිසා කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ හිමොග්ලොබින් නිශ්පාදනය ඉහළ නැංවිය හැකිය. එය ලේ හිඟවීමට ප්‍රතිකාරයකි.

රුධිර පීඩනයට
කෙසෙල් වල පොටෑසියම් ප්‍රමාණය අධිකය අන්තර්ගතව ඇති ලුණු ප්‍රමාණය අවමය. මෙනිසා එය රුධිර පීඩනය මර්දනය කිරීමට හොඳ අවියකි. කෙසෙල් නිශ්පාදනයන්ට රුධිර පීඩන තත්ත්වයන් හා ආඝාත තත්ත්වයන් මර්දනය කිරීමට හැකියාව තිබෙන බව නිල වශයෙන්ම නිවේදනය කිරීමේ අවසරය නිශ්පාදකයින්ට ලබාදීමට ඇමරිකා ආහාර හා ඖෂධ අධිකාරියද කටයුතු කර තිබේ.

මොළය වැඩීමට
බ්‍රිතාන්‍යයේ පාසලක සිසුන් 200 ක් දිනපතා උදය, දහවල් හා රාත්‍රි ආහාර වේල්වලදී කෙසෙල් අනුභව කර ඔවුන්ගේ පාඩම් වැඩ කටයුතු පෙරට වඩා සාර්ථකව නිම කළ පුවතක් වාර්තා වේ.විද්‍යාඥයින් පවසන ආකාරයට කෙසෙල් වල ඇති අධික වශයෙන් ඇති පොටෑසියම් මොළය ඉහළ ක්‍රියාකාරීත්වයෙන් පවත්වා ගැනීමේ සමත් වන අතර මෙනිසා පාඩම් වැඩකටයුතු වඩා අවධානයෙන් යුතුව කළ හැකිය.

මල බද්ධයට
කෙඳි වලින් සපිරි ආහාරයක් නිසා මල බද්ධයට කෙසෙල් ගෙඩි හොදම පිළිතුරකි. එය මලපහ කිරීම නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කරවීමේ සමත්ය.

රැයේ මත්පැන් පානය කර උදයේ ඇතිවන අපහසුතාවන්ට - ප්‍රධාන වශයෙන්ම මත්පැන් පානය නිසා ඇතිවන විජලනයට මෙවන් අපහසුතාවන් මග හරවා ගැනීමට කෙසෙල්, කිරි හා මී පැණි සමග මිශ්‍ර කර පානය කිරීම සුදුසුය. කෙසෙල් වලින් උදරය සාමාන්‍ය තත්ත්වයට පත්කරන අතර, මී පැණි මත්පැන් නිසා අඩු වී ඇති සිරුරේ සීනි මට්ටම ඉහළ නංවයි. කිරි විජලන තත්ත්වය පහකරයි.

හදවතේ ඇතිවන රිදුම් වලට
සිරුරේ ඇතිවන අම්ලකර තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාවක් කෙසෙල් වලට ඇත.හදවතේ රිදුම් ඇතිවන අවස්ථාවකදී කෙසෙල් ගෙඩියක් කෑම සහනය ගෙන දෙනු ඇත.
දරු උපත් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට ඇතිවන අපහසුතා වලට

ආහාර වේල් අතරතුරදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ දමා ගත හැකිය.මෙය දරු උපතක් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ගේ සිරුරේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන අපහසුතාවයන් වළක්වාලීමේ සමත්ය.

මදුරුවන් දෂ්ට කිරීම් වලට
එක එක වර්ගයේ ආලේපන වර්ග නොව කෙසෙල් ලෙල්ලක ඇතුල් පැත්ත මදුරුවා දෂ්ට කළ ස්ථානයේ සුමුදුවට ඇතිල්ලීමෙන් වේදනාව මෙන්ම ඉදිමුමද අඩු කර ගැනීමට හැකිය.

ස්නායුවලට
ඉහළ විටමින් බී ප්‍රමාණයක් ඇති කෙසෙල් ස්නායු පද්දතියේ සෞඛ්‍යය තත්ත්වය ඉහළ නංවයි.

කුසෙහි ඇති වන වණ වලට
ආහාර මාර්ගයේ විවිධාකාර ආසාදනයන්ට හොදම පිළිතුරක් වන්නේ කෙසෙල්ය.මෘදු ආහාරයක් හෙයින් ආහාර මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී, ආසාදනයන් නිසා ආහාර මාර්ගය කවර තත්ත්වයක තිබුණද එය වේදනාවක් නොගෙනේ. ආමාශයේ අම්ලකර තත්ත්වයන් නිසා ඇතිවන වණ ආදියට ද කෙසෙල් හොද ප්‍රතිකාරයකි. එය අම්ලකර තත්ත්වය පාලනය කරනවා සේම වණ උඩින් ආවරණයක් සේ පිහිටා තවත් අම්ල වැදී වණ "වණ" වීම වළක්වාලයි.

මදුරුවන් දෂ්ට කිරීම් වලට
එක එක වර්ගයේ ආලේපන වර්ග නොව කෙසෙල් ලෙල්ලක ඇතුල් පැත්ත මදුරුවා දෂ්ට කළ ස්ථානයේ සුමුදුවට ඇතිල්ලීමෙන් වේදනාව මෙන්ම ඉදිමුම ද අඩු කර ගැනීමට හැකිය.

ස්නායුවලට
ඉහළ විටමින් බී ප්‍රමාණයක් ඇති කෙසෙල් ස්නායු පද්දතියේ සෞඛ්‍යය තත්ත්වය ඉහළ නංවයි.

කුසෙහි ඇති වන වණ වලට
ආහාර මාර්ගයේ විවිධාකාර ආසාදනයන්ට හොදම පිළිතුරක් වන්නේ කෙසෙල්ය.මෘදු ආහාරයක් හෙයින් ආහාර මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී, ආසාදනයන් නිසා ආහාර මාර්ගය කවර තත්ත්වයක තිබුණද එය වේදනාවක් නොගෙනේ. ආමාශයේ අම්ලකර තත්ත්වයන් නිසා ඇතිවන වණ ආදියට ද කෙසෙල් හොද ප්‍රතිකාරයකි.එය අම්ලකර තත්ත්වය පාලනය කරනවා සේම වණ උඩින් ආවරණයක් සේ පිහිටා තවත් අම්ල වැදී වණ "වණ" වීම වළක්වාලයි.

උෂ්ණත්වය යාමනයට
දරුවන් ලැබීමට නියමිතව සිටිනා කාන්තාවන්ගේ සිරුරේ උෂ්ණත්වය පහත දැමීමේ ශක්තිය කෙසෙල් වලට කෙසෙල් වලට ශක්තිය ඇතැයි විශ්වාසයක් පවතී.තායිලන්තයේ අදටත් බඩ දරු අම්මලාට කෙසෙල් අනුභව කිරීමට දේ. එවිට ඉපදෙන දරුවා සිසිල් ශරීර තත්ත්වයකින් යුතු දරුවෙකු වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

මේවාට අමතරව තරබාරු බව අඩු කිරීමේ හැකියාවක්ද කෙසෙල් වලට ඇත. විශේෂඥයින් සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව ඇතැම් රටවල තරබාරු භාවය රෝගයක් යැයි සළකන තරමටම වර්ධනයව ඇත්තේ මිනිසාගේ වැරදි ආහාර පුරුදු නිසාය. මෙනිසා කෙසෙල් වැනි ස්වභාවික ආහාරයක් ගැනීමට හුරු වීම මෙම තත්ත්වය මර්දනය කිරීමට උපකාරී වනු ඇතැයි ඔවුන් පෙන්වා දේ.

" ඇපල් අ ඬේ කීප්ස් අ ඩොක්ටර් අවේ'' (දවසකට ඇපල් ගෙඩියක් කෑවොතින් ඔබට දොස්තර වෙත යෑමට සිදු නොවේ) යන කියමන ඔබ අසා ඇතුවාට සැක නැත. නමුත් කෙසෙල් ඇපල් වලට වඩා, සිව් ගුණයකින් ප්‍රෝටීන වලින් ඉහළය. දෙගුණයකින් කාබොහයිඩ්‍රේටයන්ගෙන් ඉහළය, තෙගුණයකින් පොස්පරස් වලින් ඉහළය, පස් ගුණයකින් විටමින් ඒ හා යකඩ වලින් ඉහළය, දෙගුණයකින් වෙනත් විටමින හා ඛනිජ ලවණ වලින් ඉහළය.

මේ බැව් සළකන විට අප ඉහත කියමන මේ මුළු කාලය පුරාවටම කියා ඇත්තේ වැරදියට බව පෙනේ. " බනානා අ ඬේ කීප්ස් අ ඩොක්ටර් අවේ" යැයි එය නිවැරදි විය යුතුව ඇත.
ඇත්ත වශයෙන්ම කෙසෙල් යනු ගෙවන මිලට වඩා වටින, කිසිදු ආහාරයකට ළංවිය නොහැකි අද්විතීය ස්ථානයක් හිමි ආහාරයකි. එය අප බොහෝ දෙනා හඳුනා ගෙන නොසිටීම නම් කනගාටුදායකය.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top