සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද දහවල් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
දළදා වන්දනාව අද දහවල් 12 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වීමට නියමිත අතර දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳීසිටින අයුරු දැකගත හැකි බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.