ඔයාලා හිතනවද පුංචි කරාබු නැටි දෙකකට අපේ ජීවිත වල ලොකු වෙනසක් කරන්න පුලුවන් වේවී කියලා.
ඔව්.අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරලා පිළිකා වලක්වා ගන්නත් පුංචි කරාබු නැටි දෙකකට පුලුවන් වෙනවා.ඒවගේම කුළුබඩුවක් විදියට කරාබුනැටි ගෙදර උයන කෑම වලට එකතු කර ගන්න එක මොනතරම් වැදගත්ද කියලා බලන්න පුලුවන්.
කරාබුනැටි අපේ ශරීරයට ඉතාම ගුණදායි ස්වාභාවික ඖෂධීය ශාකයක් වෙනවා. සුදුළූනු එක්ක මිශ්‍ර කරලා ජලයේ පොගවල තියන එකෙන් කරබු නැටි තවත් ක්‍රියාශීලී ඖෂධයක් බවට පත් වෙනවා.
ඇත්තටම මොනවද නේ කරාබු නැටි කියලා කියන්නේ. ඉන්දුනීසියාවෙන් ආපු ඉතාම සුවද රෝස පාට මලක රේණූ විදියට තමයි කරාබු නැටි තියෙන්නේ. ඒ වගේම ලෝකයේ අද වන විට බහුලවම පාවිච්චි කරන කුළුබඩු අතර කරාබු නැටි මුල් තැනක් ගන්නවා. කරාබු නැටි වලින් අපේ ආහාර වලට රසයක් එකතු කරනවා වගේම ඖෂධීය වටිනාකමකුත් ඒවායේ තියනවා.
ඒකට හේතුව තමයි කරාබුනැටි වල තියන විටමින්, ඛණිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක සංඝටක මේ හැම පෝෂ්‍ය පදාර්ථයකින්ම අපේ ශරීරයට විශාල සේවයක් ඉශ්ඨ වීම. දවසකට කරාබු නැටි දෙකක් ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන පුදුම හිතෙන වාසි මොනවද කියලා දැන් අපි බලමු.
අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා
ලෙඩ රෝග වලට එරෙහිව සටන් කරන්න අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සුදු රුධිරාණු කියලා සයිල වර්ගයක් නිශ්පාදන කරනවා.කරාබු නැටි වල අඩංගු වෙලා තියන විටමින් C නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය තවත් ශක්තිමත් වෙනවා.ඒ නිසා අපිට හැදෙන්න ඉඩ තියන ගොඩක් රෝග වලින් වැළකී ඉන්න අපිට පුලුවන් වෙනවා.නිරෝගී ශරීරයක් කියන්නේ.හොද ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පැවතීමයි.ඉතින් දවසකට කරාබුනැටි දෙකක් ගානේ හැමදාම කන්න පුලුවන්නම් ලෙඩ රෝග හැදෙන්න තියන අවදානම ගොඩක් දුරට අඩු කර ගන්න ඔයාලට පුලුවන් වෙනවා.
ආහාර මාර්ගයේ රෝග වළක්වනවා
කරාබු නැටි මගින් ආහාර ජීරණයට උදව් වෙන එන්සයිම සෑදීම වර්දනය කරන නිසා ආහාර ජීරණ පද්ධතියේ ඇති වෙන්න තියන ලෙඩ රෝග බොහොමයක් වළක්වා ගන්නත් කරාබු නැටි උදව් වෙනවා.වෙනවා. වෛද්‍ය සිසුන් පිරිසක් සිදු කල පර්යේෂණයකින් හොයා ගන්න පුලුවන් වුණා කරාබුනැටි සාරය පාවිච්චි කරලා ආමාශයේ ඇති වන තුවාල සනීප කරන්න පුලුවන් කියලා.ඒ විතරක් නෙමෙයි, ආමාශයේ ඇති වන දැවිල්ල සහ ගෑස් ගතිය සමනය කරන්නත් කරාබු නැටි කියන්නේ හොදම බෙහෙතක්. මලබද්දය වළක්වා ගන්නත් ගොඩක් අය කරාබුනැටි පාවිච්චි කරනවා. ආහාර මාර්ගයේ ඇති වෙන්න පුලුවන් මේ වගේ රෝග තත්වයන් වළක්වා ගන්න වගේම සුව කර ගන්නත් කරාබුනැටි පාවිච්චි කළ යුතු වන්නේ කුඩු කරලා නැත්නම් රෝස්ට් කරලයි.
කරාබුනැටි සතු තවත් පුදුම හිතෙන දෙයක් තමයි එහි අඩංගු වෙලා තියන ස්වභාවික හිරිවැට්ටවීමේ හැකියාව. ඔයාලගේ කටේ දත් ගොඩක් රිදෙනවා නම් කරාබුනැටි කෑල්ලක් අරගෙන ඒක ටික වෙලාවක් යනකන් ඒ දත ගාවින් තියලා තියන්න. ඔයාලා දන්ත වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යනකන් ඔයාලගේ දතේ වේදනාව සමනය කරලා තියා ගන්න කරාබුනැටි උදව් උපකාර වේවී.මේ සදහා කරාබුනැටි තෙල් වුණත් ඔයාලට පාවිච්චි කරන්න පුලුවන්. ඇත්තටම කිව්වොත් ඔබට දත් කැක්කුමක් හැදුනොත් ඔබ මුලින්ම භාවිත කළ යුතු ඖෂධය වන්නේත් මේ කරාබු නැටිම තමයි. දත් කැක්කුම් නැති කරන්න කරාබුනැටි කියන්නේ ඒ තරම්ම හැකියාවක් තියන ඔසුවක්.
අපේ ශරීරයේ නිපදවන විෂ ශරීරයෙන් ඉවත් කරන්නටත් අක්මාව උදව් කරනවා. ඒ විතරක් නෙමෙයි අප ලබා ගන්නා බෙහෙත් ජාති අපේ ශරීරයේ ඒ අදාල තැන් වලට ගෙනියන්නත් අක්මාව උදව් වෙනවා. කයිරෝ විශ්වවිද්‍යාලෙයේ ආහාර විද්‍යා පීඨය මගින් මෑතකදී මේ ගැන පුළුල් පර්යේෂණයක් සිද්ද කලා.එයාලා හොයා ගත්ත කරාබුනැටි තෙල් වල අඩංගු වෙන ඉයුජිනෝල් කියන සංයෝගය අපේ අක්මාව නිරෝගීව තියා ගන්න ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් නිරෝගී අක්මාවක් අපිට තියනවා කියන්නේ අපේ ශරීරය ඇතුලේ විෂ එකතු වෙන්නේ නැතුව ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙලා නිරෝගීව ජීවත් වෙන්න අපිට හැකියාව ලැබෙනවා කියන එක.
ශරීරයේ ඉදිමුම සහ වේදනාවට සහනයක් ලබා දෙනවා
කලින් සදහන් කරපු කයිරෝ විශ්වවිද්‍යාලෙය මගින් සිදු කරපු පර්යේෂණයකදීම කරාබුනැටි ගැන තවත් අලුත් සොයා ගැනීමක් සිදු කලා.ඒ තමයි කරාබුනැටි වල වේදනා නාශක සහ ප්‍රතිදාහ ගුණ වැඩි වශයෙන් අඩංගු වෙලා තියනවා කියන එක. ඉතින් ඔයාලට පුලුවන් කරාබුනැටි වල තියන මේ ගුණය පාවිච්චි කරලා හිසරදය වගේ වේදනාවන් සුව කර ගන්න. මේ සදහා කරාබුනැටි පාවිච්චි කරන්න ක්‍රම 2ක් තියනවා. එකක් තමයි ආහාරයට ගැනීම. ඔයාලට පුලුවන් කරාබුනැටි කුඩු සහ හිමාලයන් සෝල්ට් ස්වල්පයක් කිරි එකකට එකතු කරලා පානය කරන්න. ඒකෙන් ඔයාලයෙ හිසරදය නැති කර ගන්න පුලුවන්.දෙවනි ක්‍රමය තමයි කරාබුනැටි ටිකක් පොල්තෙල් එක්ක මිශ්‍ර කරලා ඔයාලගේ වේදනාව ඇති වන ස්තානයේ හොදින් අතුල්ලන එක.මේ ක්‍රම දෙකෙන්ම ඉක්මන් සුවයක් ලබා ගන්න ඔයාලට පුලුවන් වේවී.
අස්ථි සහ සන්දි ආරක්ෂා කරනවා
ඔයාලගේ අස්ථි වල නිරෝගී බවට බලපාන ෆ්ලෙවනොයිඩ්ස්, මැංගනීස් සහ ඉයුජිනෝල් කියන සංයෝග 3නම කරාබුනැටි වල වැඩි ප්‍රමාණයකින් අඩංගු වෙලා තියනවා. මේ සංයෝග මගින් අපේ අස්ථි වල ඝණත්වය වැඩි කරනවා වගේම අස්ථි වර්දනය වීමත් වැඩි දියුණු කරනවා. ඊට අමතරව අපේ අස්ථි වලට අවශ්‍ය බොහෝ ඛණිජ ලවණ සපයන්නත් කරාබුනැටි වලට සුවිශේෂී හැකියාවක් තියනවා. මීට අමතරව කරාබුනැටි වල අඩංගු වන මැංගනීස් සංයෝගයෙන් මොලේ ක්‍රියාකාරීත්වය වර්දනය වන බවද සදහන් වෙනවා.
ආජන්ටිනාවේ බෘනෝස් විශ්වවිද්‍යාලෙය මගින් කරපු පර්යේෂණයකින් හොයා ගත්තා ඊ කෝලි වගේ අහිතකර ක්ශුද්‍ර ජීවීන් විනාශ කරන්න කරාබුනැටි තෙල් වලට පුලුවන් කියලා. අපි ගන්න ආහාර නිසා අපේ කටේ බැක්ටීරියා විශාල ප්‍රමාණයක් වර්දනය වෙන්න පුලුවන්. ඒ නිසා හරිම ඉක්මනින් අපිට මුඛ රෝග හැදෙනවා. ඉතින් මේ තත්වය පාලනය කර ගන්න තේ ගසේ සාරය, කරාබු නැටි සහ බෙසිල් කියන ශාකය පාවිච්චි කරලා ශාකසාර මවුත් වොශ් එකක් හදා ගන්න හැකියාව තිබෙනවා. ඒකෙන් අපේ මුඛයේ ඉන්න බැක්ටීරියා විනාශ කරන්න පුලුවන් වගේම බැක්ටීරියා ඇති වීමත් වළක්වනවා. මෙන්න මේ නිසා කරාබුනැටි මුඛය පිරිසිදු කරනවා වගේම මුඛයට නැවුම් බවකුත් ලබා දෙනවා.
බීජිං විශ්වවිද්‍යාලෙයේ විද්‍යාවේදීන් පිර්සක් විසින් සිදු කරපු පර්යේෂණයකින් සොයා ගන්න පුලුවන් වුණා කරාබුනැටි වල අඩංගු සංයෝග වලින් පිළිකා සයිල ඇති වීම වළක්වා ගන්න හැකියාව තියනවා කියලා. ඒ වගේම සමහර පිළිකා සයිල විනාශ කරලා දාන්නත් කරාබුනැටි වලට පුලුවන්. පෙනහළු,පියයුරු සහ ඩිම්බ කෝශ හා වෙනත් අවයව ආශ්‍රිතව ඇති වෙන්න ඉඩ තියන පිළිකා සයිල මුල් අවස්ථාවේදීම මේ විදියට විනාශ කරලා ඉවත් කරන්න කරාබුනැටි සාරයට හැකියාව තියනවා. මේ පිළිකා නාශක හැකියාව කරාබුනැටි වලට ලැබිලා තියෙන්නේ ඒවායේ අඩංගු වන ඉයුජිනෝල් කියන සංයෝගය නිසා. හැබැයි මෙතනදි ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද ඉයුජිනෝල් වැඩි ප්‍රමාණයක් ශරීරයට ලබා ගත්තොත් ඒක ඔයාලට විෂ වෙන්නත් පුලුවන්. ඒ නිසා හැමතිස්සෙම ශාකසාර ඖෂධ ලබා ගන්න කලින් වෛද්‍ය උපදෙස් වලට යොමු වෙන එක අනිවාර්යයෙන්ම ඔයාල කරන්න ඕනේ දෙයක්.
ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වෙනවා
ආහාරමය ෆලිෆනෝල් සංයෝගය අඩංගු වන ශාක අතර ඉහළින්ම ඉන්නේ කරාබුනැටි ශාකය. ෆලිෆනෝල් කියලා කියන්නේ අපේ රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරලා රුධිර පීඩනය නිසි මට්ටමක පවත්වා ගන්න උදව් කරන රසායනික සංයෝගයක්. ඒ වගේම ඒවා මගින් අපේ ධමනි වල ක්‍රියාකාරීත්වය හා නම්‍යශීලී බව වැඩිදියුණු කරනවා. ඒ විතරක් නෙමෙයි මුක්ත ඛණ්ඩක හේතුවෙන් අපේ ශරීරයේ ඇති වෙන්න පුලුවන් හෘර්ද රෝග, පිළිකා සහ ආතරයිටිස් වගේ රෝගත් කරාබුනැටි වල අඩංගු ෆලිෆනෝල් මගින් වැළැක්වීම සිදු කරනවා. ඇත්තටම ෆලිෆනෝල් මගින් වෙන්නේ ශරීරයට අහිතකර මුක්ත ඛණ්ඩක එක්ක ප්‍රතික්‍රියා කරලා ඒවා උදාසීන තත්වයට පත් කරන එක.එතකොට අපේ ශරීරයට හානි කරන්න මුක්ත ඛණ්ඩක වලට හැකියාවක් නෑ.ඒ වගේම තමයි කරාබුනැටි වල තියන ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා අපේ තරුණ බව හැමදාම රැක ගන්නත් උදව් වෙනවා.
රුදිර සීනි මට්ටම පාලනය කරනවා
දියවැඩියාව වගේ රුධිර සීනි මට්ටමේ ප්‍රශ්ණ තියන අයට හොදම විසදුමක් තමයි කරාබුනැටි කියලා කියන්නේ. ඒකට හේතුව තමයි කරාබුනැටි වලට අපේ ශරීරයේ තුලදී ඉන්සියුලින් හෝමෝනය වගේ වැඩ කරන්නට පුලුවන් වීම. කරාබුනැටි මගින් අපේ රුධිරයේ තියන සීනි සෛලවලට ලබා දීලා සීනි මට්ටම අඩු කරනවා. 2006 වර්ශයේදී පවත්වපු පර්යේෂණයකදි තෝරා ගත් දියවැඩියා රෝගීන් කිහිප දෙනෙකුට දින 30ක් යනකන් හැමදාම කරාබුනැටි 2 ගානේ කන්න කියලා උපදෙස් දුන්නා. පර්‍යේෂකයින් සොයා ගත්තා මේ ක්‍රමය නිසා දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටක ගොඩක් දුරට අඩු වෙලා තියනවා කියලා. පාකිස්ථානයේ කරච්චි විශ්වවිද්‍යාලය මගින් පවත්වපු තවත් පර්යේෂණයකින් සොයා ගන්න පුලුවන් වුණා කරාබුනැටි ශරීරය තුලදී ඉන්සියුලින් විදියට වැඩ කරනවා වගේම ඉන්සියුලින් නිශ්පාදනය කරන සයිල වල ක්‍රියාකාරීත්වයත් වැඩි කරනවා කියලා.
රුධිරයේ කැටි ගැසීමේ ගුණය ආරක්ෂා කරනවා
රුධිරය කැටි ගැසීමට අත්‍යාවශ්‍ය සාදකයක් වෙන විටමින් K කරාබුනැටි වල වැඩි ප්‍රමාණයකින් අඩංගු වෙලා තියනවා. මේ ආරංචිය ගොඩක් වැදගත් වෙන්නේ විටමින් K ඌණතාවය නිසා තුවාලයකදි අධික රුධිර වහනය වීමක් සිද්ද වෙන්න පුලුවන් රෝගීන්ටයි. හැබැයි ඔයාලා තවත් විශේෂ දෙයක් මතක තියා ගන්න ඕනේ. ඒ තමයි විටමින් K රුදිරය කැටි ගැසීම අඩු කරන ඖෂධ සමග හොදින් ප්‍රතික්‍රියා කරනවා කියන එක.ඔයාලා ඒ වගේ ඖෂධය පාවිච්චි කරනවා නම් කරාබුනැටි කන එක නම් ටිකක් හොද මදි. ඒ නිසා ඔයාලගේ ආහාරයට වැඩිපුරම විටමින් K එකතු කර ගන්න කලින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක තමයි නුවණට හුරු.
හරි.අපි දැන් බලමු කරාබුනැටි කන්නේ කොහොමද කියලා.ඩොක්ටර් ඇන්ඩෘ වේල් කියන්නේ සාම්ප්‍රදායික සහ බටහිර වෛද්‍ය විද්‍යාව කියන දෙකම ගැන ලොකු දැනුමක් තියන වෛද්‍යවරයෙක්. ඔහු කියනවා අවුරුදු 2000කටත් වඩා වැඩි කාලයක ඉදන් ආසියානු රටවක මිනිස්සු ආහාර උයනකොට කරාබුනැටි තෙල් පාවිච්චියට පුරුදු වෙලා ඉදලා තියනවා කියලා. ඒ වගේම වර්තමානයේදී කරාබුනැටි පවුඩර් ආකාරයෙන් සහ ස්වභාවික ආකාරයෙන්ද වෙළදපලෙන් මිලට ගන්න හැකියාව තියනවා.
මේ අතුරින් ස්වභාවික කරාබුනැටි වල රසය ගොඩක් කාලයක් යනකන් තියා ගන්න පුලුවන් වෙනවා. ඩොක්ටර් වේල් කියන විදියට කරාබුනැටි පැණි රස ආහාර වලට වගේම සැර ආහාර වලටත් යොදන්න පුලුවන්. ඒකෙන් කෑමේ රසය වැඩි වෙනවා වගේම ගුණත් වැඩි වෙනවා. අද වෙනකොට අච්චාරු, එළවලු ව්‍යංජන, පාන්, චීස් සහ උණුසුම් බීම වර්ග වගේ දේවල් හදනකොට කරාබුනැටි පාවිච්චි කරන්න ලෝකයේ ගොඩක් රටවල මිනිස්සු පුරුදු වෙලා තියනවා. ඉතින් මේ නිසා කරාබුනැටි පාවිච්චි කිරීමෙන් අපට ලබා ගත හැකි වාසි ගොඩක් තියනවා.
-මූලාශ්ර පොත පතින් සහ අන්තර්ජාලයෙන්-