Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
18
දළදා සමිඳුන් වදින්න විශේෂ ප්‍රවාහන සේවා

- දළදා සමිඳුන් වදින්න විශේෂ ප්‍රවාහන සේවාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48 Views
සිරි දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන්ට මහනුවරට පැමිණීම සඳහා අවශ්‍යය සියලු‍ ප්‍රවාහන පහසුකම් මේ වන විට සපයා තිබෙනවා.
ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය හා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා අමතර බස් රථ සහ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දෛනිකව මහනුවර බලා ධාවනය වන දුම්රිය ගමන්වාරවලට අමතරව තවත් දුම්රිය දෙකක් ධාවනයට එක් කර ඇති අතර අද දිනයේ පමණක් කොළඹ කොටුවෙන් මහනුවර බලා ධාවනය කෙරෙන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 09 ක්.

මේ අතර විදෙස් තානාපතිවරුන් සහ ප්‍රභූන් රැගෙන විශේෂ දුම්රියක්ද අද පෙරවරුවේ මහනුවර බලා පිටත් වුණා. මෙම විශේෂ දුම්රියෙන් වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය සහ බිතාන්ය ඇතුළු රටවල තානාපතිවරුන් මහනුවර බලා පිටත් වුණා.

සිරි දළදා වන්දනාවට සහභාගී වීම සඳහා විශාල සැදැහැවතුන් අද පෙරවරුවේ සිටම කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ තිබූ අතර මේ ඔවුන් දැක්වූ අදහස්.

මීට අමතරව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ද සිරි දළදා වන්දනාව වෙනුවෙන් අමතර බස් රථ 150 ක් පමණ ධාවනයට එක් කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරුවේ සිටම කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ද විශේෂ ලංගම බස් රථ කිහිපයක් මහනුවර බලා ධාවනය කිරීමටයි පියවර ගෙන තිබුණේ.

එමෙන්ම කොළඹ සිට මහනුවරට පැමිණෙන ජනතාවට ශ්‍රි දළදා වන්දනාව සඳහා කටුගස්තොට සිට විශේෂ මගී බස් රථ 70 කට ආසන්න ප්‍රමාණයක් යොදවා තිබෙනවා.

මේ අතර “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් පැය 24 මුළුල්ලේ රාජකාරි කරන පොලිස් නිලධාරින්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබාදීමට වැඩබලන බලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

එම විශේෂ රාජකාරි යෙදී සිටින නිලධාරින්ට සිය සේවා ස්ථානයෙන් බැහැරව දින 10 කට අධික කාලයක් දිවා සහ රාත්‍රී රාජකාරි කටයුතු සිදුකිරීම හේතුවෙන් එම නිලධාරින් දැරීමට සිදුවන අමතර වියදම් සලකා බලා මෙම විශේෂ දීමනාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top