මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව අද පස්වරුවේ ශ්‍රී ලාංකිකයන්ට උදා වුණා.
ඒ, 16 වසරකට පසුවයි.
ඒ අනුව අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා, දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමට අවස්ථාව හිමි වන අතර මේ වන විටත් දහස් සංඛ්‍යාත ජනකායක් සිරි දළදා වන්දනාවට මහනුවරට පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.