අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධයේ බලපෑමෙන් ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,357.40ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා රන් මිල සියයට 30කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.