රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත යෙදී ඇත්තේ අද (17) පූර්ව භාග 9.03ටයි.
ඒ අනුව, රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් සහ එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම සුදුසු බව නැකැත් චාරිත්‍රවල දැක්වෙනවා.
මේ අතර, අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න නගර වෙත පැමිණීමට අධිවේගී මාර්ග සඳහා විශේෂ ධාවන සැලැස්මක් අද සිට ක්‍රියාත්මක කිරීමට ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම, විශේෂ බස් සහ දුම්රිය සේවා අදත් ක්‍රියාත්මක අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අතිරේක බස්රථ 300ක් ඒ සදහා යොදවා තිබෙනවා.
එසේම, අතිරේක දුම්රිය ගමන්වාර 20ක්ද ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, පසුගිය දින 06 තුළ අධිවේගී මාර්ග වලින් රුපියල් මිලියන 273ක ආදායමක් උපයා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියට හැකි වී තිබෙනවා.
එම කාලසීමාව තුළ වාහන 787,000ක් ගමන් කර තිබූ බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ.ඩී කහටපිටිය ප්‍රකාශ කළේ.