මේ කියන්න යන්නේ හරිම දුක හිතෙන කතාවක්...
කොංගෝ රාජ්‍යයේ ගංගාවක යාත්‍රා කරමින් තිබූ මගී බෝට්ටුවක හටගත් ගින්නකින් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, ගින්නත් සමග එහි සිටි පිරිස් ගංගාවට පැන ඇති බවයි.
සිද්ධිය වන අවස්ථාවේ යාත්‍රාවේ මගීන් 400 ක් පමණ සිට ඇති අතර ඉන් වැඩි පිරිසක් බේරා ගෙන ඇතත් තවත් 100ක් පමණ අතුරුදන් වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.
අදාළ යාත්‍රාව තුළ ආහාරපාන පිළියෙල කිරීමේදී මෙම ගින්න හටගෙන ඇති බව සදහන්.