හිරු ටී.වී.සංවිධාන කළ හිසතෙල් ගෑමේ මහෝත්සවය සුවහසක් ජනයාගේ වන්දනාවට පාත්‍ර වූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටින වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාර පරිශ්‍රයේදීයි පැවැත්වුණා.
ඒ අද පූර්ව භාග 09.04ට යෙදුණු සුබ නැකතටයි.
හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත්ද තබා කොහොඹ යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.
ඒ අනූව උදා වූ අලුත් අවුරුද්දේ ඉටු කිරීම සඳහා ඉතිරිව තිබූ ප්‍රධානම නැකැත් චාරිත්‍රය වූ හිසතෙල් ගෑමේ චාරිත්‍රය විශාල පීරිසකගේ සහභාගීත්වයෙන් පෙරවරුවේ සිදු කළා.
සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් චාරිත්‍ර අතරින් වඩාත්ම සුවිශේෂී නැකතක් වන්නේ හිසතෙල් ගෑමේ නැකැත් චාරිත්‍රයයි.
එම චාරිත්‍රය ඉටු කිරීමෙන් නිරෝගී භාවය හා ආයුෂ වර්ධනය වන බවට පුරාතනයේ සිට මෙරට ජනයා අතර පවතින විශ්වාසයක්.
ජීවිතයට ආශිර්වාදයක් එක්කරන මෙම නැකැත් චාරිත්‍රය වෙනුවෙන් හිරු ටීවී සංවිධාන කරන හිසතෙල් ගෑමේ මහෝත්සවය මෙවර පැවැත්වුණේ සුවහසක් ජනයාගේ වන්දනාවට පාත්‍ර වූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටින වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාර පරිශ්‍රයේදියි