ගම්පහ පොලිස් වසමේ ගම්පහ නගරයේ 200 පොදු බස් නැවතුම්පොල අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට වෙඩි තබා පලා ගොස් ඇති බවට ගම්පහ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
වෙඩි තැබීමේදී කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු ලොරි රථයෙන් බැස අසල තිබූ වෙළෙඳ සැලකට දිව ගොස් ඇති අතර ඔවුන්ට තුවාල සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් වෑන් රථයට පමණක් අලාභ සිදුව ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.