මේ කියන්න යන්නේ අද උදෑසන සිදුවුණු තවත් එක් බිහිසුණු අනතුරක් ගැන කතාවක්..
කන්තලේ - ත්‍රිකුණමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝ පුර 85 වන කණුව ආසන්නයේ, අද (14) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා...
පොලිසිය සඳහන් කළේ, යුධ හමුදා ට්‍රක් රථයක් සහ බස් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි...
කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්වය බරපතල නොවන බව ද පොලිසිය කියා සිටියා...