මේ කියන්න හදන්නේ හද රිදවන පුවතක්...
ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීන වැසියන්ගේ සංඛ්‍යාව පනස් එක් දහසට ආසන්න වී තිබෙනවා.
පලස්තීන සෞඛ්‍ය අංශ පවසන්නේ, මේ වනවිට ගාසා හි පවතින අවසන් පුර්ණ ක්‍රියාකාරී රෝහල වෙත ද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බවයි.
රෝහලේ ප්‍රතිකාර ලැබූ පලස්තීන රෝගීන් සහ තුවාල ලැබූවන් 200කට ආසන්න පිරිසක් ගොඩනැගිලිවලින් ඉවත් කිරීමට ද පලස්තීන බලධාරීන් පියවර ගත්තා.
රෝහල් බලධාරීන් ප්‍රකාශ කරන්නේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ දරුවෙකු ඉන් ඉවත් කිරීම හේතුවෙන් මියගොස් ඇති බව ද රෝහල් බලධාරීන් උපුටා දක්වන විදෙස් වාර්තාවල සඳහන්.
"රෝහල් සේවා බලහත්කාරයෙන් අල්ලා ගනිමින් ඊශ්‍රායල ජනතාවගේ බලාපොරොත්තු විනාශ කරනවා. රෝහල්වලට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට එම ආයතන ආරක්ෂා කිරීමට පිහිටුවා තිබෙන ජාත්‍යන්තර ආයතනවලට පවා නොහැකි වී තිබෙනවා. සත්‍ය කතාව තමයි, අපි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞඛ්‍ය ව්‍යසනයකට මුහුණ දී සිටිනවා"
පසුගිය වසර එක හමාරක කාලය තුළ පැවැති ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර සටනේදී ගාසා තීරයේ ඉදි වූ රෝහල් 34කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ වී තිබෙනවා.
සෞඛ්‍ය බලධාරීන්ට අනුව 2023 වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මියගොස් ඇති සංඛ්‍යාව 50,944ක් වන අතර තුවාල ලැබූ පිරිස 116,156ක්.
මේ අතර ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශ වූ ගොඩනැගිලි සුන්බුන් අතර සිර වී සිටින සිය ආදරණීයයන් සෙවීම සඳහා ගාසා තීරයේ ජනතාවට අවශ්‍ය මෙවලම් හිගවීම නිසා, ඔවුන් සිය දෑත්වලින් සුන්බුන් ඉවත් කරන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
එමෙන්ම, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීන පියෙකුට සිය දරුවන් 6 දෙනාම අහිමි වූ සංවේදී පුවතක් පිළිබඳව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය දරුවන් අතර සිටින කුඩාම දරුවාගේ වයස අවුරුදු 10ක්.