අපේ රටේ හුඟාක් අය ඉතාමත් සතුටින් ගම්බිම් බලාගෙන යන කාලයක් තමයි අවුරුදු කියන්නේ..
ඉතිං මේ අවුරුද්දේත් පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරලා ගම් බිම් බලා ගිය ජනතාව විශාල ගණනක් හිටියා... ඔන්න ලංගමෙන් නම් සුබ ආරංචියක් තමයි ඇසෙන්නේ...
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ගතවූ දින 4 තුළදී රුපියල් මිලියන 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන තිබෙනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.ටි.චන්ද්‍රසිරි කියා සිටියේ, ජනතාවට ගම්බිම් බලා යාම සදහා ශ්‍රී ලංගම බස්රථ ධාවනයට යෙදවීමෙන් එක් දිනකට රුපියල් මිලියන 200ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි.
මෙවර අවරුදු සමයේදී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 350 ක් පමණ යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගනු ලැබුවා