Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
14
මෙදා සිංහල අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද...?

- මෙදා සිංහල අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද...?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,862 Views
අද දවස හැමෝම ගෙවන්නේ උද්‍යෝගයකින්.. ඉතින් මේ කියන්නේ තවත් ඔබට වැදගත් වෙන එක කතාවක්.. 

මේ උදා වුණු අලුත් අවුරුද්ද ඔබට වගේම රටටත් සුබ වේවා කියා පතන ගමන් මේ කියන්නේ ඔබේ ලග්නයට අදාල පලාපල ගැනයි...

මේශ ලග්නය
■ ලග්න 12න් පලවෙනිම ලග්නය මේශ කියලා කියන්නේ- ඔබ ඉපදුනේ මේශ ලග්නයෙන්නම් රවිගේ මාරු වීම සිද්දවෙනවා- උච්ව වෙනවා- උසස් අයගේ රාජ්‍ය අංශයේ උදව් උපකාර ලබා ගන්න පුලුවන් වෙනවා- ඒ වගේම ඉඩකඩම් නිවාස දේපල නීතිමය ගැටලු තියෙනවනම් ඒ හා ගැටීම එතරම්ම සුදුසු නෑ-ඒ වගේම කලබල වීම ක්ශනික කෝපය වගේ දේවල් නිසා පාඩු සිද්ද වීම ගැනත් මේශ ලග්න හිමියන් සැලකිලිමත් වෙන්නෝන- බිරිද හා සැමියාගේ විදේශ ගමන් පිලිබද සුබඵල තත්වයක් පෙන්නුම් කරනවා- උදාවන අලුත් අවුරුද්දේ ඉදලා මාස දෙකක් යනතුරු ඉවසීමෙන් කටයුතු කරන්න- ඔබට පුලුවන් කමක් තියෙනවනම් මරණයට කෑපවෙච්ච සතෙක් නිදහස් කරන්න- රතු මල් ටිකක් පූජා කරලා ටික වෙලාවක්වත් භාවනා කරන්න- අවුරුද්දේ බලාපොරොත්තු සාර්තක කරගන්න ශක්තිය දෛර්‍ය ලැබේ-

වෘශභ ලග්නය

■ වෘශභ ලග්න හිමියන්ගේ ලග්නයෙන් දොලොස්වැන්නටයි රවිගේ මාරු වීම සිදුවන්නේ-
සමහරවිට තමන්ගේ තත්වය රැකගන්නවා වගේ දේවල් වලට එහෙම නැත්නම් උසස් අය වෙනුවෙන් විදේශ ගමන් වගේ දේවල් වලට ඔබේ වියදම් ඉහල යන්න ඉඩ තියෙනවා- කොහොම උනත් වෘශභ ලග්න හිමියන්ගේ සිකුරු උච්චව 11වැන්නේ තමයි ගමන් කරමින් ඉන්නේ- ආදායම් මාර්ග සුබඵල තත්වයක් තියෙනේ- හොද යහලුවන් එක්කලා කාලය් ගත කරන්න අවස්තාව ලැබේ- අලුත් යාලුවොත් එක්කලා කාලය ගත කරන්න අලුත් යාලුවෝ හදුන ගන්නත් අවස්තාව ලැබේ- රවි දොලොස්වැන්නේ ගමන් කරන නිසා වඩාත්ම හොදයි ආලෝක පූජාව කරන එක- ඇස් කන්නාඩි පරිත්‍යාග කරන එක සුබඵල දායකයි- ඔබේ ආගම සිහිකරලා මේ කටුයුතු කරන්න- සූරිය පිරිත භාවිත කිරීම සුබයි

මිථුන ලග්නය

■ මිථුන නම් ලග්නය රවි මාරු වන්නේ 11වැන්නට- 11 වැන්න කියන්නේ ලාභස්ථානයට-
ලැබීම තියෙන තැන- ඉතින් ඔබ ව්‍යාපාරිකයෙක්නම් ආදායම් මාර්ග සම්පූර්ණ කරගන්න පුලුවන් වේ- ධනවත් බලවත් අය හිතවත් වේ- හිතවතුන් එක්කලා කාලය ගත කරන්න පුලුවන් වෙයි - මිථුන ලග්නහිමි ඔබට තාමත් රැකියාවක් නැත්නම් රැකියා ලාබ ලැබේ- මිථුන ලග්න හිමියන්ට මේ ග්‍රහමාරුව සුබඵල තත්වයක් පෙන්නුම් කරයි- සැලසුම් කරලා කටයුතු කරන්න- මේ අවුරුද්ද බොහෝසෙයින් සුබඵල තත්වයක් පෙන්නුම් කරනවා

කටක ලග්නය

■ කටක ලග්න හිමියන්ගේ දහවැන්න කියන තැනට කර්මස්ථානයේ රවි ඇවිල්ලා දිග්බල වෙලා උච්ච වෙනවා- ඉතින් කටක ලග්න හිමියන්ට නායකත්ව ගතිගුණ ඉස්මතු වේ- සමාජයේ ඔබට තියෙන ගෞරවය පිලිගැනිම ලැබේ- රැකියාවේ උසස්වීම් වගේ දේවල් ලබාගන්නත් සුදුසු කාලයක් තමා උදා වෙලා තියෙන්නේ- අලුත් අදහස් ක්‍රියාත්මක කරන්න සුදුසු කාලයක්- හැබැයි කටක ලග්න හිමියන්ගේ ලග්නය ගමන් කරමින් ඉන්නවා නීචව කුජ මෙන්න මේ නිසා උශ්නාදික රෝග වලින් ප්‍රවේශම් වන්න කියලා ඔබට මතක් කරන්න ඕන- ඉතින් බොහෝ දුරට සුබඵල දායක අවුරුද්දක් උදාවෙලා තියෙන්නේ- සැලසුමකට වැඩ කලොත් ඔබටත් මේ අවුරුද්ද සාර්ථක කරගන්න පුලුවන්-



සිංහ ලග්නය
■ සිංහ ලග්න හිමියන්ට අභියොගාත්මක අවුරුද්දක් කියලා කිවොත් වඩාත් නිවරැදි රවිගේ මාරුව භාගයස්තානයෙ සිදු වෙනවා , එත් එක්කම භාගයය්‍ය්ඃඇ වාසනාව පෙර පින දෙවියන්ගෙ පිහිට ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න පුලුවන් , සිංහ ලග්න හිමියන්ගෙ ලග්නයේ අට වැන්නේ රාහු සහ සෙනසුරු ගමන් කරනවා සෙනසුරු අශ්ටම එරාෂ්ඨක තත්වයයේ පවතිනවා , සේවක පාලනය කරනවා නම් , කම්කරු පාලනය කරනවා නම් , මුදල් පාලනය දේශපාලනය කරනවානම් බොහෝම පාලනයෙන් එම කටයුතු සිදු කරන්න ,
තනි තීරණ ගන්න එපා , වැදගත් තීන්දු තීරණ ගන්නකොට උපදෙසක් ගන්න බලන්න , ඒ වගගේම අම්ල පිත්ත රෝගි තත්ව උදරාබාද රෝගී තත්ව , හිසේ රෝග ආදි ඇති වෙන්න පුලුවන් එ සැලකිලිමත් වෙන්න , නිසි ලෙස වෛදය ප්‍රතිකාර ගන්න අමතක කරන්න එපා.

කනයා ලග්නය
■ කනයා ලග්න හිමි ඔබේ ලග්නාදිපති බුද ග්‍රහායා නීචව හත්වැන්නේ ගමන් කරනකොට රවි අටවැන්නටයි ගමන් කරන්නේ , උච්චව ගමන් කිරීම අපල අඩුකරනවා නමුත් අටවැන්න කියන්නේ දුශ්ට ස්ථානයක් ශරීරයේ බඩේ ඌෂ්නාදික දේවල් වගෙ රොගි තත්වයන් ඇත්විය හැක , රැකියාව කරන ස්ථානයේ උසස් අය සමග ප්‍රවේශමෙන් කටයුතු කරන්න , නීතිවිරෝදි කටයුතු වලට මැදිහත් වන්න එපා එවිට ගැටලු මතුවිය හැක , ඉතින් මෙම තත්වයන් සමනය කරගන්න වඩාත් හොදයි ආගමික ස්තානයකට පූජවන් කිරීම , ඒ වගේම ඔබට පුලුවන් දිනපතාම උදැසම ඔබෙ ආගම සිහි කරලා මෝර පිරිත හෝ සූර්‍ය පිරිත භාවිතා කිරිම ,මේ ආකාරයට කටයුතු කරන්න එවගේ ,,,,, කියලා ජෝතිර්වේදයේ හදුන්වන්නේ තාත්තට , ඉතින් විශෙෂයෙන් අම්මා තාත්තට යුතුකම් කරලා තාත්තගෙ ආශිර්වාදය ලබාගන්න , ඒ වගේම අපල දුරු කරගෙන සාර්තකත්වයක් ලබාගන්න කනයා ලග්න හිමියන්ට හේතු වෙනවා ඇති

තුලා ලග්නය
■ තුලා ලග්න හිමියන්ට බොහෝ දුරට සුබඵ්ලදායක තත්වයක් තමයි පෙන්නුම් කරන්නනේ , රවි උච්ච වීම හත්වැන්නේ විවහස්තානයෙඅ තමා පෙන්නුම් කරන්නේ , ඉතින් ඔබ හවුල් වයාපර වල යෙදෙන කෙනෙක් නම් එහෙමත් නැති නම් ඔබ කරන දෙවල් වලට හවුල් කරුවන්ගෙන් උදවු උපකාර නොඅඩුව ලබාගන්න පුලුවන් බවක් පේනවා , ඔබත් ලාභ අලාභ ගැන බලන්නේ නැතුව මදයස්තව තීන්දු තීරන ගන්න බවක් පෙනවා , කොහොම උනත් ඔබේ කේන්දරයේ ගුරු ග්‍රහයා අටවැන්නේ දුර්වලව ගමන් කරනවා, ඒක නිසා ඔබේ ශරීරයේ රුදිරගත සීනි ක්ලොස්ට්‍රරෝල් වැනි තත්වයන් උත්සන්න වෙන්න පුලුවන් , කලට වෙලාවට අහාර ලබාගන්න නිදාගැනීම පවා අහිමි වන ආකාරයට අවිවේකි ස්භාවයක් බලපාන්න පුලුවන් , ඉතින් ඔබ විවේකය ගන්න අමතක කරන්න එපා , ඖෂද පූජාව ඖෂද පරිතයාග කරන එක මෙම තත්වයට සුබඵ්ලදායකයි , මැයි මාසෙ 14 වැනිදට පස්සේ මෙම තත්වය සුබ අතට හැරෙනවා ඔබෙ පිං මතු වෙනවා , පෙර පින වාසනාව උදා වෙනවා, ඉතින් තුලා ලග්න හිමි ඔබ මේ මස දෙක සැලසුම් කරන්න

වෘශ්චික ලග්නය

■ රවි උච්ච වීම වරුශ්චික ලග්න හිමියන්ට සුබදායකයි , කාටත් ඉන්නවා තරගකරුවන් සතුරන් , ඉතින් මේ සතුරන් තරගකරුවන් අභිබවා ක්‍රියාකරන්න තරම් ශක්තියක් ඇති වෙනවා ව්ෘශ්චික ලග්න හිමියන්ට , ඒ වගේම උසස් අයගෙ , නීතියේ උදවු උපකාර ලබාගන්න පුලුවන් උනන්දුව උත්සහය වැඩි වෙනවා , ලග්නාදිපති කුජ ග්‍රහයා ඉතා ඉක්මනින් කටයුතු සාර්ථ්කත්වයට පත් කරගන්න පුලුවන් වෙනවා , තාමත් ඔබ විවහා වෙලා නැත්තම් මංගලා යෝජනා ස්තීරකරගන්න පුලුවන් , පෙම් සබදතා ස්තීර කරගන්න සුදුසු කාලයක් තමා ඉදිරියට එන්නේ ඔබත් හිතන්න වාසනාවන්ත සුභ කාලයක් උදා වෙන්නේ කියලා


ධනු ලග්නය

■ ධනු ලග්න හිමියන්ගේ විද්යාස්තානයේ තමයි රවි උච්ච වීම සිද්ධ වන්නේ ඔබ ඉගෙනගන්න ශිෂ්යයෙක් හෝ ශිෂ්යාවක් නම් සාර්ථක ප්‍රථිඵල ලබාගන්න පුලුවන්- ඔබ අම්මෙක් නැත්තන් තාත්තෙක් නම් ඔබේ දරුවා ගැන හිතලා සතුටු වෙන්න සතුටු වෙන්න පුලුවන්- දරුවන්ගේ දියුණුවට කරන කටයුතුත් සාර්ථක කරගන්න පුළුවන් ආයෝජන වලින් ලාභ ලබාගන්න පුලුවන් වෙයි- හදිසි ධන ලාභ වලටත් ඉඩ තිබෙන බවයි පෙනෙන්නේ- ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහයා තාමත් හයවැන්නේ ගමන් කරනවා- මෙන්න මේ නිසා ඔබටත් විවේකය අඩුයි- සමහර වෙලාවට රුධිරගත මේදය සීනි වගේ රෝග තත්වයන් තියෙනවානම් අප්‍රමාද වයිද්ය උපදෙස් පිළිපදින්නත් ඔබට මතක් කරනවා- මැයි මාසය පහු වෙනකොට මේ තත්වය වෙනස් වෙනවා- මැයි මාසයේ 14 වෙනිදායින් පස්සේ ධනු ලග්න හිමියන්ට සුබ කටයුතු ආරම්භ කරන්න සුබ නැකත් උදාවෙනවා- මේ පිලිබදව හිතන්න සැලකිලිමත් වෙන්න- ජීවිතයේ ජෝතිර්වේදියෙකුට පවා උපදෙස් දෙන්න පුලුවන් වෙන්නේ සැලසුමක් තියෙන කෙනෙකුට විතරයි- ඒ නිසා සැලසුම් කරන්න මොකක්ද මේ අවුරුද්දේ ඔබ ලගා කරගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා- මේ අයුරින් කටයුතු කරොත් ඔබට මේ අවුරුද්ද සාර්ථක ජීවිතයක් ගතකරන සාර්ථක අවුරුද්දක් බවට පත් කරගන්න අපහසු වෙන්නේ ණැ

මකර ලග්නය

■ ලග්නය මකර නම් මකර ලග්න හිමියන්ගේ හතරවැන්නේ රවි උච්ච වෙනවා- ඉතින් ඉඩකඩම් දේපල නිවාස ආදිය පිලිබදව මධ්යස්ත තත්වයක් තමයි පෙන්නුම් කරන්නේ- කොහොමත් ගෘහ ජීවිතය ගෙදරදොර පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගන්න අපහසු වන්නේ නෑ- ඒවගේම ඔබ ඉගෙනගන්න ශිෂ්යයෙක් හෝ ශිෂ්යාවක් නම් අධ්යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රථිඵල ලබාගන්න පුලුවන් කුජ ග්‍රහයා නීචව හත්වැන්නේ ගමන් කරනවා- අබුසැමි සමගිය ආරක්ෂා කරගන්න සැලකිලිමත් වන්න- අලුතින් තාමත් විවාහ වෙලා නැත්තන් ඔබ විවාහ ජීවිතයක් ගතකරන්න බලාපොරොත්තු වෙනවානම් මේ මාස දෙකතුන ප්‍රමාද කරාට කමක් නෑ- කොහොමවුනත් මකර ලග්න හිමියන්ගේ තුන්වැන්න ලග්නාධිපතිගෙන් බලවත් වෙලා තියෙනවා- සෙනසුරු ඒරාෂ්ඨක අපල කාලයක් අවසන් වෙලා තියෙනවා- මකර ලග්න හිමියන්ට පසුගිය කාලයට වඩා සුබඵලදායක තත්වයක් තමයි ඉදිරියේදි උදාවන්නේ කියලා නොබියවම අපට කියන්න පුලුවන්-

කුම්භ ලග්නය

■ කුම්භ ලග්න හිමියන්ගේ ලග්නයෙන් තුන්වැන්නට තමයි රවිගේ මාරුවීම සිදුවෙන්නේ තුන්වැන්න කියලා කියන්නේ වික්‍රමස්ථානය ඉතින් කුම්භ ලග්න හිමියන්ගේ ධයිර්යය වීර්යය උනන්දුව උත්සාහය වැඩි වෙනවා- ඒ වාගෙම සහෝදරයින්ට සුබඵලදායක තත්වයක් ඇතිවෙනවා- නීතිමය අන්ශයකින් උසස් කෙනෙක්ගෙන් රජයෙන් යම් උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වෙනවානම් කුම්භ ලග්න හිමියන්ට ඒක ලබාගන්න පුලුවන් බවක් පේනවා- සෙනසුරුගේ ඒරාෂ්ඨකඵල කාලයකුත් නිමවෙමින් තමයි කුම්භ ලග්න හිමියන්ට පවතින්නේ- කුජ නීචව හයවැන්නේ ගමන් කරනවා- මෙන්න මේ නිසා ක්ෂණික කෝපය කලබලවීම වාගේ දේවල් පාලනය කරගන්න- ඉවසීමෙන් සැනසීම ලැබේ කියන පැරණි කියමන මතක තියාගන්න- තුවාලලත් රෝගියෙකුට උදව්වක් කරන්න බලන්න- ලේ දන්දෙන්න පුලුවන්නම්, මරණයට කැපවෙච්ච සතෙක් නිදහස් කරන්න පුලුවන්නම් කුම්භ ලග්න හිමියන්ට මේ අවුරුද්ද වඩාත්ම සුබඵලදායක ලෙස ගතකරන්න පුලුවන්- ආගම සිහිකරලා උදේහවස මෝර පිරිත භාවිතා කරනවානම් තවදුරටත් සුබඵලදායකයි-

මන ලග්නය

■ ලග්නය මීන නම් ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති තුන්වැන්නේ ගමන් කරනකොට තමයි අලුත් අවුරුද්ද උදාවෙන්නේ- රවි උච්චව ධනස්ථානයේ ගමන් කරමින් ඉන්නවා- ඉතින් මීන ලග්න හිමියන්ටත් අභියෝගාත්මක තත්වයක් පවතින්නේ නෑ කියන්න බෑ- මොකද හේතුව ලග්නයේ සෙනසුරු ගමන් කරන නිසා- කොහොමවුනත් ඔබේ ආදායම් තත්වය සතුටුදායක වෙයි මේ අවුරුද්දේ මැයි මාසේ 14 න් පස්සේ බ්‍රහස්පතිගේ මාරුව වෙනකොට දැනට වඩා විවේකී තත්වයක් ඇතිවෙයි- ඔක්තෝම්බර් මාසෙ පනිනකොට ඔබේ දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගන්න සතුටු වෙන්න පුලුවන් වෙයි- මීන ලග්න හිමි ඔබ අවිවාහක නම් මන්ගල යෝජනා ස්ථිර කරගන්න පුළුවන් සෙනසුරු දසා අන්තර් දසාගත කරනවානම් රෝගීන්ට උදව් උපකාර කරන්න බලන්න- නැතිබැරි අයට රෝගීන්ට ඖෂධ ආහාර පරිත්යාග කරන්න බලන්න- ආගමික ජීවිතයක් ගතකරන්න- ඒ වගේම ආගම සිහිකරලා මම වගේම සියලුදෙනාම සුව්පත් වේවා කියලා මෙත් වඩන්න බලන්න- මීන ලග්න හිමි ඔබටත් මේ අවුරුද්ද සාර්ථක අවුරුද්දක් කරගන්න අපහසු වෙන්නේ නෑ-


ප්‍රවීණ ජ්‍යෝතීර්‍යවේදී සුනිල් ගම්ලත්....
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්












.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top