දෙවුන්දර සිදුවීම ගැන මේ ඇසෙන්නේ මොකක්ද..?
තවමත් විමර්ශන සිදුවෙන ඒ සිදුවීම ගැන ඇසෙන්නේ මෙන්න මේ වගේ වෙනස්ම විදිහක ඇඟ කිලිපොළා යන කතාවක්..
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'දෙහිබාලේ මල්ලී' නමැත්තාගේ මෙහෙයවීම මත දෙවුන්දරදී තරුණයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සැකකරුවන් 6 දෙනෙකු රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ පසුවනවා..
ඒ අතර සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන කසුන් හෙවත් 'බිල්ඩර්' නමැත්තා සහ එම අවස්ථාවේ වෑන් රථය පැදවූ පුද්ගලයා ද වනවා..
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතන සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා..
දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් දෙදෙනා අතරින් වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ සැකකරු දෙහිබාලේ මල්ලී නමැත්තාගේ ඥාතියෙකු වන අතර, ඔහුගේ ව්‍යාපාරවල ලේඛන කටයුතු සිදුකර ඇත්තේ ද මෙම සැකකරු විසින්..
තමන් දෙදෙනා ද ඇතුළුව මෙම ඝාතනය සඳහා සිව්දෙනෙකු පැමිණි බවත්, ඔවුන් කොළඹ සිට පැමිණි අය බව දැනගත් නමුත් ඔවුන් පිළිබඳව කිසිදු වැඩිදුර තොරතුරක් නොදන්නා බවත් මෙම සැකකරුවන් පවසා තිබෙනවා..
දෙහිබාලේ මල්ලී සමඟ ඇති මිත්‍රත්වය මත මෙම ඝාතනය සිදුකළ බවට පිළිගෙන ඇති සැකකරුවන් පවසා ඇත්තේ ඝාතනය සඳහා ගෙවීම් ලෙස කිසිදු මුදලක් ලබා නොගත් බවයි.
.
වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ යොමේෂ් නදීශාන් ඝාතනය කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දෙවුන්දර පෙරහරේදී ඔහු දෙහිබාලේ මල්ලී නමැත්තාගේ සහෝදරයාගේ ඇඟේ හැපීම මත ඇති වූ ආරවුලක් බවත් සැකකරුවන් පවසා තිබෙනවා..
එමෙන්ම ඔවුන් පවසා ඇත්තේ යොමේෂ් නදීශාන් දෙහිබාලේ මල්ලී නමැත්තාගේ සහෝදරයා සමඟ කිහිප අවස්ථාවකම දුරකථනය ඔස්සේ බහින්බස්වීම් සිදුව ඇති බවයි..
ඒ අනුව ඔහුව ඝාතනය කරන ලෙසට දෙහිබාලේ මල්ලී විසින් උපදෙස් දුන් බව ද සැකකරුවන් පවසා ඇතැයි පොලිසිය පැවසුවා..
ඝාතනයට යොදාගත් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් සහ T56 වර්ගයේ ගිනි අවි දෙකක් භාවිත කර තිබූ අතර ඉන් T56 වර්ගයේ ගිනි අවි දෙක පොලිසිය විසින් සොයාගනු ලැබුවා..
ඉන් එක් ගිනි අවියක් ලියාපදිංචි ගිනි අවියක් වන අතර, අනෙක් ගිනි අවියට ලියාපදිංචි අංක කිහිපයක්ම ඇති බවයි අනාවරණ වී ඇත්තේ..
එම ගිනි අවිය එකලස් කළ එකක්දැයි පරීක්ෂණ සිදු කරන අතර, ඝාතනය සිදු කිරීමට පෙර දිනයේ තමන්ට එම ගිනි අවිය ලැබුණු බව සැකකරුවන් පවසා තිබෙනවා..