අලුත් අවුරුද්ද සිංහල ජනතාව වගේම දෙමළ ජනතාවත් මහත් උත්කර්ෂයෙන් සමරන සංස්කෘතික මංගල්‍යයක්.
සිංහල චාරිත්‍රවලට තරමක් වෙනස්ව ඔවුන් මෙම මංගල්‍යය සැමරුවත් එහි අවසන් අරමුණ වන්නේ නව ආරම්භයක් හා සශ්‍රිකත්වය සංකේතවත් කිරීමයි. බොහෝ දෙනාගේ අවධානය යොමු නොවූ, දෙමළ අවුරුදු චාරිත්‍ර සහ එහි තිබෙන සුවිශේෂී අංග පිළිබඳව සොයා බැලීමක් තමයි මේ... සිංහල ජනතාවගේ වගේම දෙමළ ජනතාවගේත් සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන්නේ අප්‍රේල් මාසයයි... හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ්‍රහ්මයා විශ්වය මවා ඇත්තේත්, ‛සත්‍ය යුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද බක් මාසයේදී වීම විශෞෂත්වයක්... මේ මාසය දෙමළ බසින් ‛පුත්තණ්ඩු’, ‛වරුඩ පිරප්පු’ එහෙමත් නැතිනම් ‛සිත්තිරයි තිරනාල්’ යන විවිධ නම්වලින් හඳුන්වනවා.. අප්‍රෙල් මාසයේදී සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් ඇරඹෙන අලුත් අවුරුද්ද තමිල්නාඩු, කේරළ, පොන්ඩිච්චේනි වැනි ඉන්දීය ප්‍රාන්තවල මෙන්ම, මැලේසියාව,සිංගප්පුරුව හා ශ්‍රී ලංකාව වැනි රටවල වෙසෙන දෙමළ ජනතාවත් සමරන්නේ ඉතා ඉහළින්.. ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව අවුරුදු උදාව සමරන්නේත් අවුරුදු චාරිත්‍ර පිළිගන්නේත් නැකැත් කමිටුව නිර්දේශ කරන සුබ මුහුර්තවලට අනුකූලවයි.. සිංහල සංස්කෘතිය අනුව අවුරුදු උත්සවයට විවිධ අංග එක් කරමින් දින කිහිපයක් පුරා මේ අවුරුදු සමරන්නේ එය ජාතියේ මහා මංගල්‍යය හේතුවෙන්.. සිංහල ජනතාව දින කිහිපයක් අවුරුදු සැමරුව ද , දෙමළ ජනතාව එක් දිනක් තුළ සියලු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර අවුරුදු සැමරීම අවසන් කරනවා.. අලුත් අවුරුදු දවසේ උදෑසනින් අවදිවන දෙමළ පවුලක අම්මා, මුලින්ම දෑස් වසාගෙන සුබ දසුනක් ඇති ස්ථානයකට යන අතර, ඒ බොහෝ විට නිවසේ දේව ප්‍රතිමාවන් ඇති ස්ථානයයි.. ඉන් පසුව, අවුරුදු දිනට පෙර දින කෝවිලෙන් රැගෙන ආ ආශිර්වාද පැන් මුසු කොට පවුලේ සියලු දෙනා ස්නානය කරන අතර, නැකැත් චාරිත්‍ර අරඹන්නේ ඉන් පසුවයි... බොහෝ විට එම නැකැත් සිංහල නැකැත්කරුවන්ගේ නැකැත්වලට වෙනස් වන අතර, දෙමළ සාම්ප්‍රදායික නැකැත්කරුවන් අදාළ නැකැත් පිළියෙළ කරනවා... අවුරුදු දවසේ දෙමළ නිවසකට ඇතුළුවන දොරටුව අභියස මෙන්න මේ ආකාරයට සුන්දර දසුනක් වරදින්නේ නැහැ... කාන්තාවන්ගේ දෑතින් නිර්මාණය කෙරෙන මේ වර්ණවත් සිතුවම් ‛කෝලම්’ එහෙමත් නැතිනම් ‛රන්ගෝලි’ නමින් හඳුන්වනවා... මෙම කෝලම් රටාවලට මැදින් ‛කුට්ටු විළක්කු’ නම් පහනක් දැල්වීමත් දෙමළ සංස්කෘතියේ සුවිශේෂී ලක්ෂණයක්... දෙමළ අවුරුදු කෑම මේසයත් බොහොම සරුසාරව සකස් කරන්නට ඔවුන් අමතක කරන්නේ නැහැ... සෑම නිවසකම පාහේ සාම්ප්‍රදායික කිරිබතක් සකස් කෙරෙන අතර කැවිලි මේසයට මුරුක්කු නැතුවම බැරි අංගයක්... ඒත් කොන්ඩා කැවුම්, ආස්මි, තල අලුවා, පිටි අලුවා, වැනි කැවිලි වර්ගනම් මේ කෑම මේසයේ දකින්නට ලැබෙන්නේ නැහැ... ඔවුන්ගේ අවුරුදු කෑම වර්ග සකස් කරන්නේ උදුපිටි, රුළං පිටි,තලතෙල්, සූදුරු, මාදුරු භාවිතයෙන් වන අතර එළඟි තෙලෙන් එම ආහාර වර්ග සකසා ගැනීමත් මෙම සංස්කෘතියේ විශේෂත්වයක්... අවුරුදු දවසේ ලක්ෂ්මී දෙවඟනට සහ ගණ දෙවියන්ට විශේෂ වැඳුම් පිදුම් කිරීමටත් දෙමළ ජනතාව අමතක කරන්නේ නැහැ... ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාව විසින් අලුත් අවුරුද්දේ ‛කාසි-විශේෂම්’ යනුවෙන් හඳුන්වන ගනුදෙනුවක් ද අවුරුදු උදාවට සමගාමීව කරනු ලබනවා... මෙය බොහෝ විට අවිවාහක තරුණ තරුණයින්, කුඩා දරුවන් සමග කරන අතර ඉන් බලාපොරොත්තුවන්නේ වාසනාව සහ සශ්‍රීකත්වයයි... සිංහල මෙන්ම දෙමළ සංස්කෘතියේත් පුණ්‍ය කාලයක් වෙන් කර තිබෙන අතර එය හඳුන්වන්නේ ‛පුණ්‍ය කාලම්’ලෙසින්... නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කරමින් පස් පිඩැල්ලක් කැපීමත් දෙමළ සංස්කෘතියේ එක් ප්‍රධාන අංගයක්... මෙවැනි පුංචි පුංචි වෙනස්කම් තිබුණත් දෙමළ ජනතාවත් චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් උත්සවාකාරයෙන් දොළොස් මහක් ගෙවී උදාවන මේ අලුත් අවුරුද්ද සමරනවා.. ඔයාලා හැමෝටම ඉනිය පුත්තන්ඩු නල්ලවාල්තුක්කල්... VIDEO