තුන් හෙළයේ මහා මංගල්‍යයේදී අපි චාරිත්‍ර වාරිත්‍ර බොහෝමයකට මුල්තැන ලබාදෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ සිදුකරන තවත් එක් චාරිත්‍රයක් ගැන ඇසෙන කතාවයි..
මේ කියන්නේ අලුත් අවුරුද්දේ වැදගත් චාරිත්‍රයක් වෙන ගනුදෙනු චාරිත්‍රයේ තවත් එක් අංගයක් ගැනයි..
අවුරුද්දට ළිඳ සමග ගනුදෙනු කිරීම පණ රැක දෙන ජලයට කළගුණ දැක්වීම සංකේතවත් කිරීමක්..
තවද වසරක් පුරා ජලය ලබාදීම පිළිබඳ පින්දීමත් ගෘහණිය අතින් සිදුවෙනවා.. අවුරුදු නැකැත් අවස්ථාවේදී ළිඳෙන් අලුත් කලයකට වතුර පුරවාගෙන ඊට අමතරව ළිදෙන් පුරවාගත් වතුර බොතලයක් ගෙනැවිත් ඊළඟ වසර වන තුරු පරිස්සම් කර ගැනීම මේ චාරිත්‍රයෙන් කෙරෙනවා..
මේ සමග අඟුරු හා මල් ස්වල්පයක් ද ළිඳට දමනවා... සමහර පළාත්වල තඹ කාසියක් හෝ කුළුබඩු දැමීම සිදුකරනවා..