අද සමහර අය නිවාඩුපාඩුවේ කාලය ගෙවද්දී තවත් අය අතිශ්‍යය කාර්යබහුල වෙනවා..
ඒ හැම කෙනෙක්ටම මෙන්න මේ දේ ගැන දැනුවත් වෙන එක වැදගත් වේවි..
දිවයිනේ ප්‍රදේශ රැසකට අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා..
මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලට මෙම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ..
මේ අතර, හෙට දහවල් 12.10 ට ඩෙල්ෆ්, පුනරීන්, අලිමංකඩ සහ චුන්ඩික්කුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනවා..