කඩවත හා කිරිබත්ගොඩ ආශ්‍රිත ප්‍රදේශවල සම්බාහන මධ්‍යස්ථානවලට කඩා වැදී තියුණු ආයුධවලින් පහර දී මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකෑ සංවිධානාත්මක කොල්ල කල්ලියක් කොටුකර ගැනීමට මිනුවන්ගොඩ පොලිසිය සමත්වුණා.
එම කණ්ඩායම කිරිබත්ගොඩ සම්බාහන මධ්‍යස්ථානයකට කඩා වැදී එහි සිටින තරුණියන්ට හා පුද්ගලයින්ට පහරදී ඇති බවයි වාර්තාවුණේ.
සම්බාහන මධ්‍යස්ථානයේ සේවය ලබා ගැනීමට බව පවසමින් ඊට ඇතුළු වී පසුව තියුණු ආයුධවලින් පහර දී මුදල්, ජංගම දුරකථන, රන් ආභරණ ඇතුළු භාණ්ඩ රැසක් ඔවුන් එහිදී කොල්ල කා තිබෙනවා.
මොවුන් පසුගිය 06 වැනිදාද කඩවත පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකා තිබූණා.