Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
12
"ලොකු මහත්තයා, අපේ ගමේ ගෙදරක රජ්ජුරුවන්ගේ රෙදි පොට්ටනියක් තිබෙනවා" - රංගම්මාල් බිසවගේ හැට්ටය සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඇඳුම් ඇහැලියගොඩින් හමුවුණු හැටි...

- "ලොකු මහත්තයා, අපේ ගමේ ගෙදරක රජ්ජුරුවන්ගේ රෙදි පොට්ටනියක් තිබෙනවා" - රංගම්මාල් බිසවගේ හැට්ටය සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඇඳුම් ඇහැලියගොඩින් හමුවුණු හැටි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

74 Views
ජාතික කෞතුකාගාරයේ විශේෂ ප්‍රදර්ශන කුටියක තැන්පත් කර ඇති වෙන්කත රංගම්මාල් බිසවගේ රුධිරය තැවරුණු හැට්ටය සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඇඳුම් දකින ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකු සංවේගයට පත් වීම අරුමයක් නොවේ.


වසර 2,500කට වැඩි කාලයක් අඛණ්ඩව පැවති කිරීටය බිඳවැටීමත්, සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් සතුරන් අතට පත් වීමත් ලක්වැසියන් දැඩි කම්පාවට පත් කළ සිදුවීම් වේ.

එකී කම්පාව වඩාත් තීව්‍ර වන්නේ 1815 පෙබරවාරි 18 වැනිදා කන්ද උඩරට බෝමුරේදී රජු ජීවග්‍රහයෙන් අල්ලාගත් අවස්ථාවේ රජුට එරෙහි සිංහලයන් රජ පවුලට ක්‍රෑර ලෙස සැලකූ අන්දම මේ ඇඳුම් ආයිත්තම්වලින් හෙළි වන නිසාය.

සිංහලයේ අවසන් රජු ඉංග්‍රීසින් විසින් පැහැරගෙන යෑමේ කනගාටුදායක මොහොත සිහි ගන්වන එකම සාක්ෂිය වශයෙන් දැනට ඉතිරිව පවතින්නේ වෙන්කත රංගම්මාල් දේවියගේ ලේ තැවරුණු හැට්ටය පමණි. මෙරට තිබෙන ජාතික වස්තු අතර ඉහළම ස්ථානයක් ඊට හිමි වෙයි. රජ බිසවගේ කර්ණාභරණ සිංහලයින් විසින් පැහැරගනු ලැබීමේදී ඉරී ගිය ඇගේ කන්පෙතිවලින් වැටුණු ලේ බින්දුවල සලකුණු සහිත ඒ රාජකීය හැට්ටය ශ්‍රී ලාංකිකයන් පමණක් නොව, විදේශිකයන්ද කම්පාවට පත් කරන්නට සමත්ය. සංචාරකයන් ලෙස මෙරටට පැමිණෙන බ්‍රිතාන්‍ය පුරවැසියෝ ඒ හැට්ටය දැකීමෙන් ලජ්ජාවට පත්වෙති.

වසර 210ක් පැරණි ඒ රාජකීය ඇඳුම් බෙහෙවින් දිරාපත්ව තිබී, පසු කලෙක සංරක්ෂණය කර ඇත. ආසියාවේ රටක සිටි රෙදිපිළි සංරක්ෂණය පිළිබඳ ඉහළම සුදුසුකම් ලද පුද්ගලයකු වූ ඉන්දියාවේ සී.ජී. අග්‍රවාල් ප්‍රමුඛ කණ්ඩායමක් කෞතුකාගාර දෙපාර්තමේන්තුව මඟින් ලංකාවට ගෙන්වා, මේ සංරක්ෂණ කටයුතු සිදු කර ඇත. 2007 ජූලි මාසයේ මෙහි සංරක්ෂණය සිදු කෙරෙන අන්දම ලියුම්කරුටද දැක බලා ගන්නට අවස්ථාව ලැබිණි.

මා කෞතුකාගාරයේ සංරක්ෂණ අංශයට යන විට එවකට අසූ හැවිරිදි වියේ පසු අග්‍රවාල් මහතා කුඩා ඉඳිකටුවක් වැනි උපකරණයක ආධාරයෙන් රංගම්මාල් දේවිය අවසන් වරට හැඳ සිටි හැට්ටයේ දිරාගිය නූල් ඉතා සීරුවට පිළියම් කරමින් සිටියේය. හැට්ටයේ අලංකාර වැඩ දමන ලද රන් පැහැ කෙඳි විසිරී තිබූ අතර, පින්සලක තැවරූ ද්‍රව්‍යයක ආධාරයෙන් ඒවා ඉතා සූක්ෂ්මව අලවන අන්දමද මම දුටුවෙමි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උඩුකය ඇඳුමෙහි මල්කම් එලෙසම පවතී. අළු පැහැයට හුරු ඒ මල් සහිත රෙදි 18 වැනි සියවසේදී විදේශයකින් ආනයනය කළා වන්නට පුළුවන. ඒවා තවමත් අලුත් පාටය. රන් පැහැ බොත්තම් ගැලවී ඇත. සිංහලයේ අවසන් රජුගේ ඇඳුම් ආයිත්තම් පිළිබඳ කුතූහලයෙන් මඬනා ලද සිතින් එම ස්ථානයේ සිදු වන දෑ නිරීක්‍ෂණය කරමින් සිටින අතර මා සිත පැනනැඟුණු ප්‍රශ්නය වූයේ රජුගේ හා බිසවගේ ඇඳුම් ආයිත්තම් ජාතික කෞතුකාගාරයට ලැබුණේ කෙසේද යන්නය.

ඉංග්‍රීසීන් මහනුවර අල්ලාගත් පසු රජතුමා ඇතුළු පිරිස උඩුනුවරට පලා ගියෝය. ඒ බව දැනගත් එවකට සබරගමුවේ මහ දිසාව වූ ඇහැලේපොළ අධිකාරම, එක්නැළිගොඩ නිලමේ ඇතුළු පිරිසක් රජු අල්ලාගැනීම පිණිස ගමන් ගත් ඉංග්‍රීසි හමුදාවට මඟපෙන්වනු පිණිස යවා ඇත. ඇහැළියගොඩ කිරිපෝරුවේ මොහොට්ටාල ඒ පිරිසෙන් අයෙකි. රජු සැඟව සිටි බෝමුරේ ප්‍රදේශයට ඉංග්‍රීසීන් කැටුව ගොස් තිබෙන්නේ ඇහැළියගොඩින් ගිය පිරිස විසිනි.

බෝමුරේ ආරච්චිගේ නිවෙසේදී ශ්‍රී වික්‍රම රජු ජීවග්‍රහයෙන් අල්ලා ගත් මේ පිරිස ඉතා ක්‍රෑර අන්දමින් බිසවුන්ගේ කර්ණාභරණ කඩාගනිමින් ඔවුන්ට තුවාල කළ බවත්, නොහොබිනා අන්දමින් හැසිරුණු බවත් ඉංග්‍රීසීන් සමඟ ගිය භාෂා පරිවර්තක සී.ටී.ඒ. ඩයස් 1861දී ‘සින්පාල්’ සඟරාවට ලිපියක් සපයමින් පවසා තිබිණි. ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට පැවත ආ ලෝකයේ දීර්ඝතම රාජ වංශය නිමා වූයේ එසේය.

දැන් නැවතත් ප්‍රස්තුත කාරණයට අප පැමිණිය යුතුය. මේ ඇඳුම්-ආයිත්තම් කෞතුකාගාරයට කෙසේ ලැබුණිදැයි සොයා බලද්දී ලැබුණු එකම හෝඩුවාව ඇහැළියගොඩ ප්‍රදේශයේ කිසියම් වැදගත් මහත්මයකු විසින් මේ රාජකීය ඇඳුම් කෞතුකාගාරයට පරිත්‍යාග කර තිබෙන බවයි. මේ ගැටලුව විසඳාගැනීම සඳහා එවකට කෞතුකාගාර අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ ආචාර්ය නන්දා වික්‍රමසිංහ මට හෝඩුවාවක් දුන්නාය. ඒ අනුව මම ඇහැළියගොඩ කරඳන විදුහල්පතිවරයකු වූ කේ.එන්.ඩී. චන්ද්‍රසේන මහතා සොයා ගියෙමි.

ඉංග්‍රීසීන්ගේ උඩරට ඒජන්තවරයා වූ ජෝන් ඩොයිලි සිය දිනපොතේ 1815 පෙබරවාරි 24 දාතම යටතේ මෙසේ සටහනක් තබා ඇත:

“පෙර[දින රාත්‍රියේ අධිකාරම්ගෙන් මට ලැබුණු රජතුමාට අයත්ව තිබූ හැට්ටය කමිසය සහ තොප්පිය නුසුදුසු තත්ත්වයක තිබිණි. ඒවායේ බොත්තම් පවා කැඩී තිබිණි. මා ඒවා රජතුමාගේ විවේකාගාරයට යැවූ නමුත් ඒවා ඇඳීමට නොහැකි නිසා ආපසු යවන ලදි.”

ඉංග්‍රීසීන්ට රජු අල්ලා දීමේ මෙහෙයුම සඳහා එක්නැළිගොඩ නිලමේ සමඟ කන්දේ නුවරට ගිය කිරිපෝරුවේ මොහොට්ටාල රාජසිංහ රජුගේ ඇඳුම් ආයිත්තම් පොට්ටනිය සිය නිවෙසට ගෙනැවිත් පෙට්ටගමක සඟවා තැබීය.

රාජකීය ඇඳුම් සම්බන්ධව පූර්වාපර සන්ධි ගළපා මගේ ගැටලුව නිරාකරණය කර දුන්නේ ඇහැළියගොඩ චන්ද්‍රසේන මහතාය. චන්ද්‍රසේන මහතාගේ පියා වූ ටී. ගුණදාස 1930 ගණන්වල ඇහැළියගොඩ කරඳන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවයට පැමිණ ඇත. ලේඛකයෙකු මෙන්ම පුරාවිද්‍යාවට ඇලුම් කරන්නකුද වූ ඒ මහතා දිනක් සිසුන්ට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ ඉතිහාස පාඩම කියා දී තිබේ. ඒ අවස්ථාවේ නැඟී සිටි කුඩා ශිෂ්‍යාවක:

“ලොකු මහත්තයා, අපේ ගමේ ගෙදරක රජ්ජුරුවන්ගේ රෙදි පොට්ටනියක් තිබෙනවා කියා අම්මා කීවා,” යැයි පවසා ඇත. දැරියගේ ඒ තොරතුර ඔස්සේවිපරම් කර බැලීමේදී කිරිපෝරුවේ මොහොට්ටාල පරපුරට අයත් පුරාණ නිවෙස සොයාගන්නට ගුණදාස මහතාට හැකි විය.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ නිලධාරී දුෂ්මන්ත ගුණසේකරගේ අධීක්ෂණය යටතේ‍ රාජකීය ඇඳුම් ඉන්දීය ශිල්පීන් විසින් සංරක්ෂණය කළ අයුරු

ඒ වන විට එම පරපුර අභාවයට ගොස් තිබූ බැවින් ප්‍රදේශයේ තොරතුරු දත් අයද අල්ප වූහ. රෙදි පොට්ටනිය අවුරුදු 125ක්ම මොහොට්ටාලගේ ගෙදර පෙට්ටගමේ සැඟවී තිබී ඇත. රාජකීය ඇඳුම් වස්දොස් වදින ඒවා නිසා පරම්පරා දෙකක් යන තුරුත් කිසිවකු ඊට අත තබා නැත. ගුණදාස මහතා එකී නිවෙසට යන විට එහි හිමිකරු දුනුමාල බණ්ඩාර නමැති මැදිවිය ඉක්මවූ අයෙකි.

වලව්වද ගරාවැටී අබලන්ව පැවතිණි. ගුණදාස මහතා කීප විටක් ඒ නිවෙසට ගොස් යාප්පුවෙන් කතා ක‍ර රෙදි පොට්ටනිය ඉල්ලා සිටියද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබිණි. දුනුමාල බණ්ඩාර තදින් බීමට ඇබ්බැහි වූ අයෙකි. තමා අත මුදල් හිඟ වූ අවස්ථාවක ඉතා සුළු මුදලකට රෙදි පොට්ටනිය ගුණදාස මහතාට දෙන්නට ඔහු කැමති වී ඇත.

මේ ගනුදෙනුව සිදු වූ 1941 වර්ෂය වන විට රෙදි පොට්ටනියේ බිසවගේ හැට්ටය, රජුගේ හැට්ටය හා බඳපටියද තවත් රෙදි කෑල්ලක්ද පමණක් තිබී ඇත. ගුණදාස මහතා ළඟ රාජකීය ඇඳුම් කට්ටලයක් ඇති බව නාපාවල සෝරත හිමියන්ට ආරංචි වන්නේ මේ අතරය. උන් වහන්සේ එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ගුරු හාමුදුරුවෝය. නාපාවල හිමියන්ගෙන් රඹුක්වැල්ලේ සිද්ධාර්ථ නාහිමියන්ටද උන් වහන්සේ වෙතින් එවකට ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ පී.ඊ.පී. දැරණියගල මහතාටද මේ ආරංචිය සැල විය.

දැරණියගල මහතා 1941 වර්ෂයේ ජනවාරි මස දිනක ස්වාමීන් වහන්සේ දෙනමක්ද කැටුව ටී. ගුණදාස මහතා සොයා කරඳනට පැමිණියේය. චන්ද්‍රසේන මහතා පවසන්නේ ආලින්දයෙහි තැබූ ඇඳිපුටුවක ඇන්ද මත තබා පියා විසින් රජ ඇඳුම් අමුත්තන්ට පෙන්නන අවස්ථාවේ ඔවුන් විස්මයට පත් වූ බවයි. ඒවා රාජකීය ඇඳුම් ආයිත්තම් බව ඔවුන් එකහෙළාම තහවුරු කළ අයුරු අද මෙන් තමාගේ මතකයේ ඇති බවද ඔහු කීය. සිංහලයේ අවසන් රජුගේ ඇඳුම් කෞතුකාගාරයට පරිත්‍යාග කරන ලෙස දැරණියගල මහතා විදුහල්පති ගුණදාස මහතාගෙන් දිගින් දිගටම ඉල්ලා ඇත. අවසානයේ ඊට එකඟ වූ ගුණදාස මහතා 1941 පෙබරවාරි 1 දින මේ අගනා කෞතුක වස්තූන් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කර ඇත.

 
සිංහලයේ අවසන් රජුගේ ඇඳුම් ජාතික කෞතුකාගාරයට හිමි වූ අන්දම පිළිබඳ කතා පුවත එසේය. මෙවැනි, සියවස් ගණන් පැරණි ඇඳුම් සංරක්ෂණයේදී අග්‍රවාල් මහතාගේ කණ්ඩායම මුහුණ දුන් අභියෝග මොනවාදැයි මම එම සංරක්ෂණ කණ්ඩායමෙන් පිළිවිසියෙමි. ශික් ධර්මයේ අවසන් ගුරුවරයා සේ සලකන ශ්‍රී ගුරු ගෝවින්ද් සින්ක් තුමාගේ පැරණි ඇඳුම් සංරක්ෂණය ඔවුන් මුහුණ දුන් අභියෝගාත්මකම අත්දැකීමක් බව සුරේන්ද්‍රසිංහ මහතා එහිදී මා සමග පැවසීය. එම ඇඳුම් සංරක්ෂණය කරන අවස්ථාවේ වසර 500 ඉක්මවා තිබී ඇත.

ඉන්දියාවේ සිට පැමිණි සංරක්ෂණ කණ්ඩායම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුහුණ පෑ අභාග්‍යසම්පන්න ඉරණම දැන සිටියේ නැත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රටේ අවසන් පාලකයා වූ මේ රජුගේ රාජ්‍යය උදුරාගෙන, රජු සහ බිසව සිරකරුවන් ලෙස මුරිසි දිවයිනට රැගෙන ගිය බවත්, ඔවුන් බොහෝ දුක් පීඩා විඳ එරටේදී මිය ගිය බවත් මම පරිවර්තකයකුගේ ආධාරයෙන් ඔවුන්ට පැහැදිලි කළෙමි.

හින්දි භාෂාව කතා කරන තරුණ සංරක්ෂණවේදියෙක් මේසය මත අතුරා ඇති රාජකීය සැට්ටය දෙස හැඟුම්බරව බලා සිටියේය. අනතුරුව සෙමෙන් කතා කළ ඔහු:“මට මගේ රටේ සිටි සාජහන් රජුත් මුම්ටාස්මහල් දේවියත් මතක් වෙනවා…” යැයි පැවසීය. තවත් මොහොතකින් ඔවුහු ගැඹුරු හැඟීමෙන් යුතුව සිය කටයුත්තේ නියැළෙන අයුරු දිස් විය.

(ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂිකා ආචාර්ය නන්දා වික්‍රමසිංහ මහත්මිය සහ ජාතික කෞතුකාගාර අධිකාරි රංජිත් හේවගේ, කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු සංරක්ෂණ නිලධාරි දුෂ්මන්ත ගුණසේකර මහත්වරුන් එදා මේ සොයා බැලීමේදී අපට දැක්වූ සහය කෘතවේදිව සිහිපත් කරමි.)
උපුටා ගැනීම - සිළුමිණ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top