ඇයගේ හැසිරීම කාලයක පටන් හරිම වෙනස්..
කොහොම වුණත්, අවසානයේ ඇගේ ගෙදර සියලු දෙනා හිතුවේ මේ වෙනස්කම් පහව යන්නත් එක්කම ඇයට කිසියම් ශාන්තිකර්මයක් කිරීමටයි...
තවමත් හිරිමල් වියේ පසුවෙන තරුණියට ඇත්තටම ඕනෑ වුණේ මොකක්ද...? ඒක ටිකක් වෙනස් කතාවක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඈත දුර ගමකින් ඇසෙන කතාවක්..
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සිටීමේ සිදුවීමක් රත්නපුර දිස්ත්‍රික්කයේ තරමක දුෂ්කර ගම්මානයකින් පසුගියදා වාර්තා වෙනවා...
පසුගියදා පැවැත්වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි නව යොවුන් වයසේ පසු වූ තරුණියක නිවසේ කාලය ගෙවමින් සිටින අතරතුර ඇයට භූත දෝෂයක් ආරූඪ වූ බව පවසා කලබල කරන්නට පටන් ගෙන තිබුණා..
මේ සම්බන්ධයෙන් නිවැසියන් ද කලබලයට පත්ව ඇති අතර, මෙම සිද්ධියට සම්බන්ධ නිවැසියෝ දැඩි ලෙස යන්ත්‍ර මන්ත්‍ර, බලි තෝවිල් විශ්වාස කරනවා.. පසුගිය කාලයේ ද මෙම නිවසේ යකැදුරන් විසින් මෙවැනි ශාන්තිකර්ම නිතර නිතර පවත්වා තිබුණා..
සිය දියණියට මළගිය ඥාතියකු ආරූඪ වූ බවට දැඩිව විශ්වාස කළ නිවැසියන් යකැදුරන් ගෙන්වා තරුණියට තොවිලයක් කිරීමට තීරණය කර තමන්ට හිතවත් යකැදුරන් පිරිස ගෙන්වා තොවිලයක් පවත්වා ඇති අතර එහිදී යකැදුරා දුම්මල තට්ටුව ගෙන ශාන්තිකර්මය පවත්වන අතරතුර මළ පෙරේතයකු ආරූඪ වූ බව පැවසූ තරුණිය නොතේරෙන භාෂාවකින් යමක් පවසා යටිගිරියෙන් කෑ ගසන්නට වී වුණා...
ඒ මොහොතේ තොවිලය නැරඹීමට පැමිණි අය ද කලබලයට හා බියට පත්ව ඇති අතර එහිදී යකැදුරා දැඩි වෙහෙසක් ගෙන තරුණිය පාලනය කර ගැනීමට උත්සාහ කරද්දී නැවත වරක් තරුණිය බිම පෙරළි පෙරළී සිය වැඩිමහල් සහෝදරයා දෙස බලා මහා හයියෙන් හඬ නගා කෑ ගසා යමක් පවසා ඇති අතර තරුණිය පැවැසූ දේ දැන ගැනීමට යකැදුරා ඇය සමීපයට ගොස් තිබුණා...
එහිදී තරුණිය නැවත වරක් කෑගසා පවසා ඇත්තේ සිය සමාජ ජාලා ගිණුම ඇති ජංගම දුරකතනය සිය සහෝදරයාගෙන් ඉල්ලා දෙන ලෙසයි..