Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
12
උදාවෙන අලුත් අවුරුද්ද ඔබේ රැකියාවට, ගෘහ ජීවිතයට, සෞඛ්‍යට කොහොම නම් බලපෑම් කරාවිද..? මෙන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න..

- උදාවෙන අලුත් අවුරුද්ද ඔබේ රැකියාවට, ගෘහ ජීවිතයට, සෞඛ්‍යට කොහොම නම් බලපෑම් කරාවිද..? මෙන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

135 Views
හැම කෙනෙක්ම කැමතියි තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න.. විශේෂ‍යෙන් මේ ගෙවෙන අලුත් අවුරුද්දේදී..

විශේෂ‍යෙන් මේ ගෙවෙන අලුත් අවුරුද්දේදී.. ඔන්න ඉතින් මෙදා අවුරුද්ද බොහෝ දෙනෙක්ට සුබපල උදාකරන අවුරුද්දක් වෙලා.. මේ කියන්න යන්නේ මෙදා අවුරුද්දේ ඔබේ ලග්නයට වාසනාව කැන්දන ඒ ග්‍රහ පිහිටීම්වලට අනුව ඇසෙන කතාවක්..

මේෂ – අතමිට මිල මුදල් ගැවසේ

•ආර්ථිකය – මෙම වර්ෂය මේෂ ලග්න හිමි ඔබට මිල මුදල් ලැබීම් අතින් ඉතාම සුබදායක වර්ෂයකි. අනපේක්ෂිත මුදල් ලාභ හිමිවේ. ගොවිතැන්, ඉඩකඩම්, වගා කටයුතු ආදියෙන් ඉහළ ආදායම් ලැබෙන අතර වෙළෙඳ ව්‍යාපාරවලින්ද ලාභ ප්‍රයෝජන අත්වේ. එහෙත් නිෂ්ඵල වියදම් යෙදීමටද, ධන හානිවලට ද ඉඩ ඇති බැවින් උපයන ධනය වියදම් කිරීමේදී ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුය.

•රැකියාව – මෙම වර්ෂයේ ඔබේ රැකී රක්ෂා කටයුතු බෙහෙවින් දියුණුවට පත් වේ. පැවති රැකියා බාධා දුරු වන අතර මෙතෙක් ඉටු නොවූ රැකියා බලාපොරොත්තු පහසුවෙන් ඉටුකර ගත හැකි වේ. උසස් වීම්, තනතුරු ආදිය මෙන්ම පහසු ස්ථානවලට අපේක්ෂා කළ ස්ථාන මාරු ආදියද ලබාගත හැකි වේ. විදෙස් රැකියා බලාපොරොත්තු ඉටුකර ගත හැකිවේ.

•ගෘහ ජීවිතය – මෙම වර්ෂයේ ඔබට සෙනසුරු ඒරාෂ්ටකයක් ආරම්භ වී ඇති නිසා සිත් පීඩා ඇති විය හැකිය. පවුල තුළ සතුටට, සමගියට බාධා ඇති වේ. පවුලේ අය වෙනුවෙන් වියහියදම් කිරීමට ද සිදුවේ. නොකළ වැරදිවලට චෝදනා ලැබීමට ඉඩ ඇත. මෙම වර්ෂය තුළ ඔබ කිසිම වැරදි ක්‍රියාවකට යොමු නොවිය යුතුය. එසේ වුවහොත් ඔබේ පවුලේ ජීවිතයට හානි මෙන්ම නීතියෙන් පවා ඔබ වැරදිකරුවකු වීමට ඉඩ ඇත. සෙනසුරු 12 වැන්නේ ගමන් කරන නිසා ඔබ තුළ ආගමික නැඹුරුවක් ඇතිවිය හැකි බැවින් ඉන් ප්‍රයෝජන ගෙන හැකිතාක් ආගමට නැඹුරුව සිටිය යුතුය.

•අධ්‍යාපනය – මෙම වර්ෂයේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ට සුබදායකයි. කේතු ද 5වැන්නේ ගමන් කරන බැවින් අධ්‍යාපන කටයුතු හොඳින් ඉටුකර ගත හැකි අතර තරග විභාග ආදියෙන් ද ජය අත්වේ. අධ්‍යාපන කටයුතු සඳහා අන් අයගේ උදවු උපකාර හිමි වන අතර විදේශීය අධ්‍යාපනයට ද අවස්ථාව හිමි වේ.

•සෞඛ්‍යය – මේ වසරේ ඔබේ ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නොවේ. පවතින අසනීප තත්ත්වයන් වැඩි විය හැකි අතර උණ, උදරාබාධ, ලේ සම්බන්ධ රෝග, හෘදයාබාධ ආදිය ඇති විය හැකිය. මෙම රෝගාබාධ ඔබට මෙන්ම ඔබේ පවුලේ අයටද ඇති විය හැකිය. ඒවා නිසා වියහියදම් මෙන්ම බොහෝ වෙහෙස මහන්සි වීමට ද ඔබට සිදු වේ.

වෘෂභ – ව්‍යාපාර කටයුතු දියුණුවට

•ආර්ථිකය – වෘෂභ ලග්න හිමි ඔබ⁣ට ධන කාරක ගුරු 2 වැන්නේත්, යෝගකාරක සෙනසුරු 11වැන්නේත් ගමන් ගන්නා මෙම වර්ෂය ධනය අතින් ඉතාම සුබදායක වර්ෂයකි. කලකට පසු එළඹී මෙම වර්ෂයෙන් ඔබ උපරීම ප්‍රයෝජන ලබා ගත යුතුය. මෙම වර්ෂයේ ඔබ නිසරු ඉඩමක් වගා කළද එයින්ද හොඳ අස්වැන්නක් ලබා ගත හැකිය. පොළොව ආශ්‍රීත කටයුතුවලින් ඉහළ ආදායම් ලැබේ. නිවාස ඉඩකඩම් දේපළ ආදිය ඔබට ලාභදායී ලෙස මිලදී ගැනීමටත්, වාසිදායක ලෙස විකුණා ගැනීමටත් හැකිවේ. ව්‍යාපාර කටයුතුද බෙහෙවින් දියුණුවේ. හදිසි ධන ලාභ ආදිය හිමි වේ. ආයෝජනවලට ඉතාම සුදුසු වර්ෂයකි.

•රැකියාව – මෙම වර්ෂයේ ඔබේ රැකියා කටයුතුද බෙහෙවින් දියුණුවට පත් වේ. රැකියාවෙන් ලැබෙන ආදායම් වර්ධනය වේ. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදය හිමි වේ. රැකියා උසස්වීම් තනතුරු ආදිය හිමි වේ. රැකියා කටයුතු සම්බන්ධ ඇවිදිලි තරමක් වැඩි වන අතර රැකියා වෙනස් කිරීමට ඔබට සිත් පහළ විය හැකි බැවින් එවන් අවස්ථාවලදී ඉතාමත් නිවැරදිව තීරණ ගන්න. රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වේ. විශේෂයෙන් විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වේ.

•ගෘහ ජීවිතය – මෙම වර්ෂයේ ඔබේ ගෘහ ජීවිතය ඉතා වාසනාවන්ත වේ. විවාහකයින්ගේ විවාහ ජීවිතයේ සැප, සතුට වර්ධනය වේ. පවුල් ජීවිතය තුළ ආදරය, සතුට, සමගිය දෝර ගලා යයි. දරුපල අපේක්ෂාවන්ද ඉටුවේ. අවිවාහකයින්ට මංගල යෝග උදා වේ.

•අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතුවල නියැළි සිටින වෘෂභ ලග්න හිමි ඔබට මෙම වර්ෂය ඉතාම සුබදායකයි. ඔබේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පහසුකම් ලැබෙන අතර මතක ශක්තිය හා අවබෝධ ශක්තිය වර්ධනය වේ. තරග විභාග ආදියෙන් පහසුවෙන් ජයග්‍රහණය ලැබිය හැකි වේ.

•සෞඛ්‍යය – ශරීර සෞඛ්‍යය සහ ශරීර ශක්තිය තරමක් දුර්වල විය හැකි අතර පපුව ආශ්‍රිත රෝගවලින් ප්‍රවේශම් විය යුතුය. රුධිරය සම්බන්ධ රෝග ඇති අය වඩා ප්‍රවේශම් විය යුතු අතර දණහිසෙන් පහළ කොටසේ ආබාධ ඇතිවීමට ඉඩ ඇත.

මිථුන – බලාපොරොත්තු නොවූ ලාභ

•ආර්ථිකය – මෙම වර්ෂයේ මිථුන ලග්න හිමි ඔබට ජීවිතයේ දියුණුව උදාකර ගැනීමට ඉතාම සුබ වර්ෂයකි. මිල මුදල් ලැබීම අතින් මෙම වර්ෂය ඉතාම සුබදායකයි. ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයේ ලාභ ලැබිය හැකිය. එමෙන්ම හදිසි අවශ්‍යතා වෙනුවෙන් මුදල් වියදම් කිරීමටද සිදුවේ.

•රැකියාව – ඔබගේ භාග්‍යස්ථානාධිපති මෙන්ම කර්මස්ථානාධිපති ද වන සෙනසුරු 10 වැන්නේ ගමන් කරන බැවින් මෙම වර්ෂයේ රැකියා කටයුතු වෙනුවෙන් තරමක් වැඩිපුර වෙහෙස මහන්සි වීමට සිදු වුවත්, ඒ හේතුවෙන්ම රැකියාවේ විශේෂ දියුණුවක් බලාපොරොත්තු විය හැකිය. ව්‍යාපාර කටයුතු වෙනුවෙන්ද වැඩිපුර වෙහෙස මහන්සි විය යුතු වන අතර ඔබේ මහන්සියේ තරමට උපරිම ලාභ ලබාගත හැකි වසරකි.

•ගෘහ ජීවිතය – ගුරු ග්‍රහයා ලග්නයේ ගමන් කරන මේ වර්ෂයේ ඔබේ නායකත්වය සහ පෞරුෂත්වය කැපී පෙනෙන අතර ආධ්‍යාත්මික අංශයටද වැඩි නැඹුරුවක් ඇති වේ. ඔබේ ජීවිතයේ ලෞකික සැපය වෙනුවෙන් බොහෝ දේ ලැබෙන අතර නිවසේද දියුණුවක් ඇති වේ. අවිවාහකයින්ට මංගල යෝග උදා වන අතර ස්ත්‍රී පුරුෂ සබඳතා බෙහෙවින් දියුණුවේ.

•අධ්‍යාපනය – ලග්නගතව සිටින ගුරුගේ දෘෂ්ටිය 5 වැන්නට හා 9 වැන්නට ලැබෙන මෙම වර්ෂය ඔබේ අධ්‍යාපන කටයුතුවලට ඉතාම සුබදායකයි. අධ්‍යාපනය ලබන මිථුන ලග්න හිමි දරුවන්ට මෙම වර්ෂයේ බොහෝ අලුත් දේවල් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙයි. අධ්‍යාපනයට හොඳ ගුරුවරු ලැබෙන අතර මතක ශක්තිය, අවබෝධ ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතුවලට ශිෂ්‍යත්ව මෙන්ම ඥාතීන්ගේ පවා උදව් උපකාර ලැබේ.

•සෞඛ්‍යය – මේ වර්ෂයේ ඔබේ ශරීර සෞඛ්‍යය බොහෝ දුරට යහපත් වන අතර පැවැති ලෙඩ රෝග සුව අතට හැරෙයි. පසුගිය වර්ෂයට වඩා මේ වර්ෂයේ ඔබට සුබදායක වන අතර ඔබගේ දියුණුව උදෙසා කරනු ලබන කටයුතුවලට නව ඇරඹුමක් ගත හැකි වසරකි.

කටක – තැන්පත් ධනයේ වර්ධනයක්

•ආර්ථිකය – මෙම වර්ෂයේ ඔබේ ආදායම් තත්ත්වය ඉහළ යයි. වැය පක්ෂයද ඉහළ ගියද ඔබට තිබූ ණය මුදලකින් නිදහස් වීමට හැකිවන අතර තැන්පත් ධනයේද වර්ධනයක් සිදු විය හැකිය. ආර්ථිකයේ දියුණුවක් ළඟා කර ගත හැකි වසරකි.

•රැකියාව – මෙම වර්ෂයේ ඔබේ දක්ෂතාවලට තැනක් ලැබෙන අතර ඒ නිසාම රැකියා කටයුතුවලද විශේෂ දියුණුවක් බලාපොරොත්තු විය හැකිය. යම් හෙයකින් පසුගිය කාලයේ ඔබේ රැකියාව අහිමි වී තිබුණානම් ඔබට සහ නව රැකියා අපේක්ෂිත අයට රැකියා හිමි වෙයි. අපේක්ෂිත තනතුරු, උසස්වීම් ආදිය හිමිවන අතර වෙළෙඳ ව්‍යාපාර කටයුතුද දියුණු වේ.

•ගෘහ ජීවිතය – මෙම වර්ෂයේ ඔබේ ගෘහ ජීවිතය ඉතා වාසනාවන්ත ලෙස ගත කළ හැකිය. සැමියා, බිරිය, දූ දරුවන් ඇතුළු සියලු දෙනාටම එකට එක්ව සතුටින් කාලය ගත කළ හැකි වසරකි. නිවස තුළ සාමය, සමගිය, සතුට නොමඳව පවතී. නිවසේ දියුණුවටද අවශ්‍ය කටයුතු සලසාගත හැකිය. සමාජයේද ගෞරවය, පිළිගැනීම, සැලකිල්ල හිමි වන අතර ආගමික කටයුතුවලටද විශේෂයෙන් යොමු වේ. ඔබේ දෙලොව දියුණුවටම වැඩ සලසා ගත හැකි වසරකි.

•අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඔබ තුළ පැවැති අලසකම, පසුබෑම මෙම වර්ෂයේදී පහව යන අතර ඔබ අමුතුම ප්‍රබෝධයකින් අධ්‍යාපන කටයුතුවල නිරත වේ. ඒ නිසාම විභාග ආදියෙන් ජය ගැනීමට හැකි වන අතර උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම විදෙස් අධ්‍යාපනය සම්බන්ධව ඇති බලාපොරොත්තුද පහසුවෙන් ඉටු කර ගත හැකි වසරකි.

•සෞඛ්‍යය – මෙම වර්ෂයේ ඔබගේ ශරීර සෞඛ්‍යය නම් තරමක් අයහපත් තත්ත්වයකට පත් වෙයි. සෙම්ප්‍රතිශ්‍යාව, හිසරුදාව වැනි සෙම් රෝග ඇතිවිය හැකි අතර නිතර නිතර සුළු අසනීප ගති නිසා ශරීරය පීඩාවට පත් වේ.

සිංහ – ආයෝජනවලට සුබ වසරක්

•ආර්ථිකය – ධනකාරක ගුරු අයස්ථානයේ ගමන් ගන්නා බැවින් මෙම වර්ෂයේ ඔබේ ආදායම් තත්ත්වය ඉහළ යයි. ගොවිතැන්, වෙළහෙළඳාම්, ව්‍යාපාර, රැකියා කටයුතුවලින් බලාපොරොත්තු වන පරිදි ආදායම් ලැබෙන අතර මෙම වර්ෂයේ ආයෝජනවලට ද ඉතාම සුදුසුයි. එහෙත් ඔබට සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ටකයක් පවතින බැවින් උප්පත්ති කේන්ද්‍රයේ සෙනසුරුගේ පිහිටීම අනුව ඒරාෂ්ටකය බලවත්නම් මුදල් සම්බන්ධ කටයුතුවලදී ඔබ ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ යුතුය.

•රැකියාව – රැකීරක්ෂා කටයුතුවලට තරමක බාධා මෙන්ම රැකියා කරන ස්ථානය තුළ සතුරු කරදර ද මතුවිය හැකිය. ඒ හේතුවෙන් රැකියාව නිසා සිත් පීඩා ඇතිවන අතර ඇතැම් විට රැකියා වෙනසක් පවා සිදු විය හැකිය. එසේ වුවත් ඔබ ඉතා උනන්දුවෙන් හා නිවැරදිව රැකියා කටයුතුවල නිරත වන්නේ නම් විශාල දියුණුවක් හා ගෞරවයක් බලාපොරොත්තු වීමට පුළුවන.

•ගෘහ ජීවිතය – නොගැළපෙන සම්බන්ධතා ආදිය ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් මෙම වර්ෂයේ ඔබ ඒවායින් බොහෝ දුරට ප්‍රවේශම් විය යුතුය.

වැරදි ලෙස කම් සැප සෙවීමට යාම නිසා ඔබට බොහෝ කරදර නින්දා, අපහාස, සිත් වේදනා ඇති විය හැකි වසරකි. එම නිසා හැඟීම් පාලනය කරගෙන කටයුතු කිරීම තුළින් පවුල තුළ සතුට පවත්වාගත හැකිය.

•අධ්‍යාපනය – මෙම වර්ෂයේ ඔබේ අධ්‍යාපන කටයුතුවල දියුණුවක් අපේක්ෂා කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලැබෙන අතර ඔබ උපක්‍රමශීලී ලෙස කටයුතු කරන වසරක් ද වේ. ඔබ උනන්දුවෙන් කැපවීමෙන් ක්‍රියා කරන්නේ නම් තරග විභාග ආදියෙන් ඉතා පහසුවෙන් සමත් විය හැකිය.

•සෞඛ්‍යය – ඔබගේ ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් මෙම වසරේ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. කායික ශක්තිය අඩු විය හැකි අතර මානසික පීඩා ද නිතර ඇතිවීමට පුළුවන. කැසීම්, කුෂ්ඨ රෝග, ලිංගාශ්‍රිත රෝග, මුත්‍රා දෝෂ, ධාතු දුර්වලතා, වකුගඩු ආබාධ ආදිය සෑදීමට ඉඩ ඇති අතර මේවා ඔබගේ විවාහ සහකරුට වුවද සෑදිය හැකිය.

කන්‍යා – වෘත්තීය කටයුතුවලින් ආදායම්

•ආර්ථිකය – මෙම වර්ෂයේ ඔබේ ආර්ථිකය පවතින්නේ මධ්‍යස්ථ මට්ටමකයි. ඔබට තදබල ආර්ථික පීඩාවක් ද ඇති නොවන අතර ඔබ කරන වෘත්තීමය කටයුතු හෝ ව්‍යාපාර කටයුතුවලින් ඔබට බලාපොරොත්තු වන ආදායම් ලැබීමට පුළුවන. එහෙත් ඒ සඳහා බොහෝ වෙහෙස මහන්සි වීමට සිදුවන අතර ඔබ ඔබට ලැබෙන ආදායම් කවර හෝ අනපේක්ෂිත හේතුවලට වියදම් වන බවක්ද පෙනෙන්නට තිබේ.

•රැකියාව – මෙම වර්ෂයේ ඔබේ රැකීරක්ෂා කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවෙයි. රැකියා කටයුතු සම්බන්ධව පැවති සතුරු පීඩා දුරු වන අතර රැකියා උසස් වීම් ආදිය බලාපොරොත්තුව සිටි අයට ඒවා හිමි වේ. නව රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ රැකියා බලාපොරොත්තු ඉටු වන අතර ව්‍යාපාර කටයුතුද සාර්ථකව ඉටුකර ගැනීමට හැකි වේ.

•ගෘහ ජීවිතය – මෙම වර්ෂයේ ඔබට ඉතා හොඳින් කම් සැප විඳීමට අවස්ථාව ලැබෙයි. එහෙත් සෙනසුරු 7 වැන්නේ ගමන් කරන නිසා ඔබ එහිදී ඉතා ප්‍රවේශම් විය යුතුය. කම් සැප වැරදි ආකාරයෙන් විඳීමට යාමෙන් ඔබට ඒ වෙනුවෙන් දඬුවම් විඳීමට සිදු විය හැකිය. එම නිසා පවුලේ අය සමඟ ඉතා විශ්වාසදායීව කටයුතු කළ යුතු අතර පවුල් ජීවිතය සතුටින් හා සමාදානයෙන් පවත්වාගෙන යාමට නම් ඔබ තුළ ඉවසීම පවත්වා ගැනීම ඉතා වැදගත්.

•අධ්‍යාපනය – මෙම වර්ෂයේ ඔබේ ඥාන ශක්තිය හොඳින් පවතින නමුදු අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අලස, උදාසීන ගති ඇතිවිය හැකි බැවින් එම ගති දුරලා ධෛර්යමත්ව කැපවීමෙන් කටයුතු කළ යුතු වේ. එසේ නොවුණහොත් අධ්‍යාපනයට බාධා මතුවිය හැකි අතර ඔබේ උත්සාහය තුළින් අධ්‍යාපනයෙන් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකි වසරකි.

•සෞඛ්‍යය – සමස්තයක් වශයෙන් ගත් කල මෙම වර්ෂයේ පෙරට වඩා ඔබේ ශරීර සෞඛ්‍යය තත්ත්වය යහපත් වේ. මෙතෙක් පැවති අසනීප සුව වේ. එහෙත් දත් රෝග, ලිංගාශ්‍රිත රෝග, උණ වැනි රෝග තාවකාලිකව ඇති විය හැකිය. මෙම රෝග ඔබේ විවාහ සහකරුට ඇතිවීමටද ඉඩ තිබේ.

තුලා – ධනය ලැබීම් අතින් සුබයි

•ආර්ථිකය – විපරීත රාජයෝග තුනක් සමඟින් ඇරඹෙන මෙම නව වසර ධනය පැත්තෙන් ඔබට ඉතා සුබදායී වේ. ලග්නාධිපති 6 වැන්නේ වීමත්, ගුරු 9 වැන්නට පැමිණීමත් නිසා ඔබේ වැඩ කටයුතුවලට අවශ්‍ය පරිදි මුදල් ලැබෙයි. රාහුගේ සහ කේතුගේ මහ දශා අතුරු දශා ගත කරන අයට මේ තත්ත්වය වඩාත් සුබදායක වේ.

•රැකියාව – ඔබේ රැකියා සහ ව්‍යාපාර කටයුතුද ඉතා සාර්ථකව සිදු කර ගත හැකි අතර රැකියාවේ උසස්වීම් ආදියද හිමි වේ. නව රැකියා, ස්වයං රැකියා ඇරඹීමට ද මෙම වර්ෂයේ ඉතාම සුබදායකයි. නව ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීම ද ඉතා සුදුසුයි. ඔබ ආයතන ප්‍රධානියෙකු නම් නිවැරදි තීරණ ගැනීමට අවස්ථාව ලැබෙන අතර අනෙකුත් රැකියා කරන්නන්ටද රැකියා ස්ථානයේ සියලු දෙනා සමඟ සුහදශීලීව නිවැරදිව කටයුතු කළ හැ

•ගෘහ ජීවිතය – පවුලේ අය සමඟ කටයුතු කිරීමේදී ඔබ කිසි විටෙක ඉක්මන් තීරණ නොගත යුතුය. කෝප නොවී හැම විටම ඉවසීමෙන් කටයුතු කිරීම තුළින් ඔබේ ගෘහ ජීවිතය වාසනාවන්ත සහ සතුටුදායක කරගත හැකිය. කෙසේ වෙතත් ගුරු 9වැන්නේ ගමන් කිරීම නිසා ඔබ වඩාත් ආධ්‍යාත්මික අංශයට නැඹුරු වන අතර ඒ තුළින් ඔබේ සිතුවිලි පහන් බවට පත්ව නිවස තුළ සැප, සතුට දියුණුව උදාකර ගැනීමටද විශ්වයෙන් අවකාශ සැල‌ෙස්.

•අධ්‍යාපනය – ගුරු 9 වැන්නේ ගමන් කරන මේ වර්ෂයේ ඔබේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක වෙයි. විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර විදෙස් රටවල අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව වැනි පහසුකම් ආදිය හිමි වෙයි. තරග විභාග ආදියෙන් පහසුවෙන් ජයග්‍රහණ ලැබිය හැක. ලේඛන, මාධ්‍ය සහ ශාස්ත්‍රීය අංශවල කටයුතු කරන අයට මේ වර්ෂය වඩා සුබදායකයි.

•සෞඛ්‍යය – මෙම වර්ෂය තුළ ඔබට තදබල සෞඛ්‍යය ගැටලු ඇති නොවේ. ඉඳහිට සුළු අසනීප ඇති වුවත් පොදුවේ නීරෝගි ජීවිතයක් ගත කළ හැකි අතර ඔබේ දරුවන්ට බෝවන රෝග වැනි අසනීප සෑදීමට ඉඩ ඇත.

වෘශ්චික – උත්සාහයෙන් ජයග්‍රහණය

•ආර්ථිකය – වෘශ්චික ලග්න හිමි ඔබට මෙම වසරේ ඔබේ උත්සාහය මත ප්‍රමාණවත් ධනයක් උපයා ගත හැකිය. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් බලාපොරොත්තු වන ආදායම් ලැබෙන නමුත් උපයන ධනය ක්ෂණිකව වියදම් වීමට කරුණු යෙදේ. එම නිසා තැන්පත් ධනයක් පවත්වා ගැනීම අසීරු වේ.

•රැකියාව – මෙම වර්ෂය ඔබේ රැකීරක්ෂා කටයුතුවලට යහපත්ය. උත්සාහයෙන් සහ උනන්දුවෙන් රැකීරක්ෂා කටයුතුවල නිරත වීමෙන් රැකියා දියුණුව, උසස්වීම් ආදිය ලබා ගත හැකි වේ. සිතේ සතුටින් රැකියාවේ නිරත විය හැකි වර්ෂයකි. පැමිණෙන බාධා මැඬපවත්වා ගැනීමට හැකි උපක්‍රමශීලී ගතිය මේ වර්ෂයේ ඔබ තුළ පවතී.

•ගෘහ ජීවිතය – මෙම වර්ෂයේ ඔබේ ගෘහ ජීවිතය තරමක් ගැටලු සහිත විය හැකිය. පවුලේ අය සමඟ නිතර අමනාප වීම් ඇති වේ. පවුලේ කෙනෙකුට මාරක අපලයක්ද ඇති විය හැකිය. දරුවන් අසනීප වීමටද, දරුවන් තුළ හිතුවක්කාර ගති ඇතිවීමට ද ඉඩ ඇත. එම නිසා පවුල තුළ සතුට හා සමගිය පවත්වා ගැනීමට ඔබ බෙහෙවින් ඉවසිලිවන්තව ක්‍රියා කළ යුතුය.

•අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතුවල යෙදෙන වෘශ්චික ලග්න හිමියන් ද මෙම වර්ෂය තුළ වෙනදාට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කළ යුතු වේ. සාහිත්‍ය, කලා කටයුතුවල නිරත වෘශ්චික ලග්න හිමියන්ට එම කටයුතුවල දියුණුවක් අත්පත් කර ගත් ගැනීමට හැකි අතර කලබලකාරී ගතියෙන් තොරව නුවණින් විමසා බලා කටයුතු කිරීමෙන් බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගත හැකිය.

•සෞඛ්‍යය – ඔබ මෙම වර්ෂය තුළ හදිසි අනතුරුවලින් ප්‍රවේශම් විය යුතුය.

ගුද මාර්ගයේ අසනීප, ආමාශගත රෝග, වාත රෝග වැනි රෝග පීඩා ඇති විය හැකි අතර ප්‍රතිශක්තිය ද දුර්වල විය හැකිය. නිතර අලස, උදාසීන ගති පැවැතිය හැකිය. හදවත් රෝග ඇති අය මෙම වර්ෂයේ විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය.

ධනු – අවිවාහක අයට මංගල යෝජනා

•ආර්ථිකය – මෙම වර්ෂය ධනු ලග්න හිමි ඔබට ආර්ථිකමය වශයෙන් ඉතාමත් සුබදායී වසරකි. මෙම වර්ෂයේ ඉතා සුබ ග්‍රහ තත්ත්වයක් පවතින අතර, පැවැති ගැටලු නිරාකරණය වී පෙර පින් බලයෙන් ඔබේ බොහෝ කටයුතු සාර්ථක වෙයි. ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීමට මෙම වසර ඉතාම සුදුසුයි. ව්‍යාපාරවලින් ඔබට ඉතා ඉහළ ලාභයක් අත්පත් කර ගත හැකිය. රැකියා කටයුතුවලින් ද ඉහළ ආදායම් ලැබේ.

•රැකියාව – මෙම වර්ෂයේ ඔබේ රැකියා කටයුතු ඉතා සාර්ථක වන අතර රැකියා සම්බන්ධ ඔබේ සියලු අපේක්ෂාවන් පහසුවෙන් ඉටු වේ. ඔබේ රැකියා කටයුතුවලට සියලු දෙනාගේ සහාය ලැබෙන අතර ව්‍යාපාර කටයුතුද බෙහෙවින් සාර්ථක වෙයි. හවුල් ව්‍යාපාර සඳහා ඔබට විශ්වාසවන්ත සුදුසු සහකරුවන් සහ ඔවුන්ගේ සහයෝගය ලැබේ.

•ගෘහ ජීවිතය – ගුරු 7 වැන්නේ ගමන් කරන මෙම වර්ෂයේ ඔබගේ විවාහ ජීවිතය ඉතාම සාර්ථක වෙයි. විවාහ ජීවිතය තුළ ආදරය, සෙනෙහස උතුරා යන අතර අඹු දරුවන් සමඟ ඉතාම සතුටින් කාලය ගත කළ හැකිය. නිවසේ දියුණුවට වැඩ කටයුතු සිදු වන අතර දරු සම්පත් ද හිමි වේ. අවිවාහකයින්ට ඉතාම සුදුසු මංගල යෝජනා ලැබෙන අතර දැනට පවතින පෙම් සබඳතාවලට වැඩිහිටි ආශීර්වාදය ලැබෙයි.

•අධ්‍යාපනය – ඔබේ අධ්‍යාපන කටයුතු ද සාර්ථකව සිදුකර ගත හැකි අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් පහසුවෙන් ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක වේ. මේ වර්ෂයේ ඔබගේ සහජ දක්ෂතා මතුවන, ඒවාට නිසි තැනක් ලැබෙන වසරකි.

•සෞඛ්‍යය – තදබල රෝග පීඩා ඇති නොවුණත් ශරීර සෞඛ්‍යය පිළිබඳව ඔබ තරමක් සැලකිලිමත් විය යුතු වන අතර වාත රෝග වැනි අසනීප සෑදීමට ඉඩ ඇත. විශේෂයෙන් මවගේ අසනීප වෙනුවෙන් ඔබට වෙහෙසීමට සිදු වේ.

මකර – හදිසි ධන ලාභ

•ආර්ථිකය – මකර ලග්න හිමි ඔබට මේ ලැබූ වර්ෂය බෙහෙවින් සුබදායක වේ. ඔබේ ආර්ථිකය සම්බන්ධව පැවැති බොහෝ බාධා ඉවත්ව යන අතර යහපත් ආර්ථිකයක් ගොඩනංවා ගත හැකි වේ. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ද, ණය තුරුස් වලින් නිදහස් කිරීම වීමටද හැකි වේ. හදිසි ධන ලාභ, මැණික් ලාභ, ලොතරැයි ජය වැනි ලැබීම් ඔබට ඇති අතර නව ධනෝපායන මාර්ග ආරම්භ කිරීමට ද සුදුසු වසරකි.

•රැකියාව – මෙම වර්ෂයේ ඔබගේ රැකියා කටයුතු ඉතා සාර්ථක වන අතර රැකියා ස්ථානය තුළ ඔබට ඉහළ පිළිගැනීමක් හිමි වෙයි. සතුරු බල බිඳීගොස් ඔබේ බලය වැඩි වී ඔබ කරන සෑම කටයුත්තක්ම සාර්ථක වන මෙම වර්ෂයේ රැකියා උසස් වීම් ද හිමි වේ. පහසු ස්ථානවලට ඔබ බලාපොරොත්තුව සිටි ස්ථාන මාරුවීම් ලැබෙන අතර විදෙස් රැකියා බලාපොරොත්තු ද පහසුවෙන් ඉටු කර ගත හැකි වේ.

•ගෘහ ජීවිතය – ඔබේ ගෘහ ජීවිතය මෙම වර්ෂය තුළ ඉතාම සතුටුදායක ලෙස ගත කළ හැකිය. පැවැති දුක් දොම්නස් පහව ගොස් ආදරය, සතුට, සෙනෙහස මැද පවුලේ සියලු දෙනාටම එක්ව කටයුතු කළ හැකි වසරක් උදා වී ඇත. ඥාති මිත්‍ර උදව් උපකාරද හිමි වේ.අමනාපව සිටි අය පවා ඔබ සොයා පැමිණේ.

•අධ්‍යාපනය – ඔබේ අධ්‍යාපන කටයුතුද බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි අතර විෂය කරුණු පහසුවෙන් අවබෝධ වේ. අලුත් විෂය ක්ෂේත්‍රයක් හැදෑරීම ආරම්භ කිරීමට ද සුදුසු වර්ෂයකි. තරග විභාග ආදියෙන් පහසුවෙන් ජයග්‍රහණ ලැබිය හැක.

•සෞඛ්‍යය – ඔබේ ශරීර සෞඛ්‍ය යහපත් වන අතර පැවැති අසනීප මඟ හැරී යයි. එසේ වුවත් උෂ්ණ රෝග, උදරාබාධ, හිස සම්බන්ධ රෝග ආදිය වරින්වර ඇති විය හැකි බැවින් එම අවස්ථාවලදී වහා ප්‍රතිකාර ගැනීමෙන් එම රෝග පීඩාවන් ද දුරු කර ගත හැකිය.

කුම්භ – ආදායම් සමඟ වියදම්

•ආර්ථිකය – මෙම වර්ෂයේ ඔබට ආදායම් හොඳින් ලැබුණත් ඒ සමඟම වියදම් ද අධිකව යෙදෙන බැවින් ආර්ථික දියුණුවක් උදාකර ගැනීම අසීරුය. ආදායම් ලැබීම් යහපත් වන අතර ධන ලාභවලට පවා හිමිකම් තිබුණද ඒ සමගම හදිසි වියදම් ද යෙදේ. මෙම වර්ෂය තුළ ඔබ ණය ගනුදෙනු කිරීමෙන් වැළකී ඔබ සතු ධනය ප්‍රවේශම් කර ගැනීමට කටයුතු කළ යුතුය. ගුරු මහ දශා අතුරු දශා ගත කරන අයට ධනය ලැබීම අතින් ඉතා සුබදායක තත්ත්වයක් පවතී.

•රැකියාව – මෙම වර්ෂයේ ඔබේ රැකියා, ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් දක්නට අැත්තේ මිශ්‍රඵලදායක තත්ත්වයකි. 2වැන්නේ ගමන් කරන සෙනසුරුගේ බලපෑම හේතුවෙන් රැකියා ස්ථානය තුළ කලකිරීම්, බාධාවීම් ආදිය ඇති විය හැක. සතුරු කරදර මතු විය හැක. එහෙත් රැකියා ස්ථානය තුළ ඔබට පැවරෙන රාජකාරි නිවැරදිව ඉටු කිරීමෙන් එම අසුබතාවලින් වැළකිය හැකිය.

•ගෘහ ජීවිතය – මෙම වර්ෂයේ ඔබේ යුග ජීවිතය තුළ මත ගැටුම සහ පවුලේ සමගියට බාධා සිදු වන දේ ඇතිවිය හැකි බැවින් නිවස තුළ කටයුතු කිරීමේදී සාමකාමීව ඉවසීමෙන් කටයුතු කරන්න. විවාහකයින්ගේ දරුපල අපේක්ෂාවන් ඉටු වන අතර සුදුසු වයසේ සිටින අයට සුදුසු මංගල යෝජනා උදා වේ.

•අධ්‍යාපනය – ගුරු 5 වැන්නේ ගමන් කරන මේ වර්ෂය ඔබේ අධ්‍යාපන කටයුතුවලට ඉතාමත් සුබදායකයි. උසස් අධ්‍යාපන කටයුතු බෙහෙවින් දියුණුවට පත්වන අතර අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පහසුකම් නිරායාසයෙන් හිමි වේ. මතක ශක්තිය, අවබෝධ ඥානය වර්ධනය වන අතර තරග විභාග ආදියෙන් ජයග්‍රහණය කළ හැකි වේ.

•සෞඛ්‍යය – ශරීර සෞඛ්‍යය දුර්වල විය හැකි බැවින් සාමාන්‍ය අසනීප තත්ත්වයකදී වුව ඉතා ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු විය යුතුය. රුධිරය සම්බන්ධ රෝග, විස වීම්, තුවාල, හදිසි අනතුරු ආදිය ඇති විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.

මීන – සුබ අසුබ මිශ්‍ර වසරක්

•ආර්ථිකය – මෙම වර්ෂය මීන ලග්න හිමි ඔබට ධනය අතින් සුබ අසුබ මිශ්‍ර වර්ෂයකි. ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඔබට ධනය ලැබුණත් එම ධනය ලබා ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වීමට ද සිදුවේ. එමෙන්ම ඔබේ ධනය නිකරුණේ වියදම් වීමට ඇති ඉඩකඩ වැඩිය. සොර සතුරු කරදරවලට පවා ලක්විය හැකිය. එම නිසා ඔබ ඉතාමත් සැලකිල්ලෙන් මෙම වර්ෂයේ ඔබේ ධනය ප්‍රවේශම් කර ගත යුතුය. කිසිසේත්ම මෙම වර්ෂය තුළ ඔබ ණය ගනුදෙනු සිදු නොකළ යුතුය.

•රැකියාව – රැකියා කටයුතු සම්බන්ධව ඔබ උනන්දුවෙන් සහ උත්සාහයෙන් කටයුතු කරන බැවින් රැකියා කටයුතුවල දියුණුවක් අපේක්ෂා කළ හැකිය. වරින් වර රැකියා සම්බන්ධව ගැටලු මතු වුවත් ඒවාට සාර්ථකව මුහුණ දීමට ශක්තිය ඔබ තුළ ඇත. කේළාම් ඕපාදූප ආදියෙන් ඔබට සිත් පීඩා ඇති වෙයි. එසේ වුවත් ඔබට පැමිණෙන රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමෙන් රැකියා කටයුතු සාර්ථක කර ගත හැකිය.

•ගෘහ ජීවිතය – මෙම වර්ෂය තුළ ඔබේ විවාහ සැපතට බාධා පැමිණිය හැකි බැවින් යුග ජීවිතය ගත කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙනි.

පවුල තුළ මතභේද ගැටුම් ඇති විය හැකි අතර අඹුසැමියන් දුරස් වීමට ද ඉඩ ඇත. මෙම වර්ෂයේ ඔබට විවාහය යෝජනා ලැබුණත්, ඒවා පිළිබඳ තීරණ ගත යුත්තේ ද ඉතාමත් කල්පනාකාරීව තෝරා බේරාගෙනය.

•අධ්‍යාපනය – ඔබේ අධ්‍යාපන කටයුතුවලට ද තරමක් බාධා මතුවිය හැකි බැවින් වෙනදාට වඩා දැඩි කැපවීමෙන් සහ උනන්දුවෙන් මෙම වර්ෂය තුළ අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුය. කම්මැලි අලස ගති, කළකිරීම් කල් දැමීම් ආදිය ඔබ අතින් සිදු විය හැකිය. එම බාධා ජයගෙන කටයුතු කිරීමට සිතේ ශක්තිය ඇති කර ගැනීමෙන් ඔබේ අධ්‍යාපන කටයුතුවලින් නිසි ඵල ලබා ගත හැකිය.

•සෞඛ්‍යය – ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් ද ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතු අතර විශේෂයෙන් දත්වල ආබාධ, සෙමාශ්‍රිත රෝග පීඩා ආදීය ඇති විය හැකිය. සුළු අසනීපයකදී වුව ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වන අතර අනතුරු ආදියෙන්ද ප්‍රවේශම් විය යුතුය.

සිළුමිණ පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top