රජයේ සේවාවන් සඳහා රටේ කැපවූ ඩිජිටල් ගෙවීම් දොරටුව වන GovPay, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ හවුල්කාරිත්වයෙන් මේ සිදුවෙන්න යන්නේ මොකක්ද..? මේ ඒ ගැන ඇසෙන කතාවයි..
CLEAN SRI LANKA ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) රථ වාහන වැරදි වලට අදාළව ක්ෂණික දඩ මුදල් ගෙවීමට හඳුන්වාදුන් ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක වෙනවා...
ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය අද සිට 30 වැනිදා දක්වා කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරප්පනේ, කවරක්කුලම හා අනුරාධපුර යන ප්‍රදේශ වල මාර්ග ආවරණය වන පරිදියි ක්‍රියාත්මක වෙන්නේ..
දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය වන්නේ, රියදුරන් විසින් සිදු කරනු ලබන රථවාහන වැරදි සඳහා පොලිස් නිලධාරින් විසින් නිකුත් කරන ලද දඩ පත්‍රිකා තැපැල් කාර්යාල වෙත රැගෙන ගොස් ගෙවීම් සිදු කර එම කුවිත්නාසි පත නැවත පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රියදුරු බලපත්‍රය ආපසු ලබා ගැනීමයි...
නමුත් GovPay යෙදවුම් හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දඩ මුදල ගෙවීම සිදුකර එය කෙටි පණිවිඩයක් ඔස්සේ රථ වාහන නිලධාරින් වෙත තහවුරු කිරීමෙන් අනතුරුව එම අවස්ථාවේදීම රියදුරු බලපත්‍රය මුදා හැරීම සිදුවන බැවින් මහජනතාවට අපහසුවකින් තොරව කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අවස්ථාව සැලසේ..
මේ තුළින් මෙම නියමු ව්‍යාපෘතිය තුළදී සිදුවන අපහසුතා හා අඩුපාඩු හඳුනාගෙන ඒවා සකස් කර ගැනීමෙන් පසු දිවයින පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය අපේක්ෂා කරයි...