සේල් කියන්නේ මේ අවුරුදු කාලේ ගොඩක් සුපුරුදු දෙයක්.. ගොඩක් දෙනෙක් ඒ බෝඩ් එක දැක්කත් ඇති ඉතින් ඒ භාණ්ඩ ගන්න පෙළඹෙනවා..
මේ කියන කතාව හරි සාමාන්‍ය දෙයක් වුණත්, සමහරවිට මේ වගේ අවස්ථාවලදී ඔබ රැවටුනා කියලා ඔබම විශ්වාස කරනවාද..?
මේ අවුරුදු කාලේ අන්න ඒ වගේ සිදුවෙන දෙයක් ගැනයි මේ කියන්න යන්නේ.. මේ දිනවල පාරිභෝගික අධිකාරියට වාර්තා වී ඇත්තේ බොහෝමයක් ප්‍රදේශවල විශේෂ වට්ටම් සහිත "සේල්" යනුවෙන් සඳහන් කර පවත්වාගෙන යන සේල් පාරිභෝගිකයන් රැවටීමකට ලක් කරන බවයි..
එලෙස අවුරුදු සේල් ලෙස පුවරු ප්‍රදර්ශනය කරමින් පාරිභෝගිකයන් රැවටීමට ලක් කළ වෙළෙඳ ව්‍යාපාරිකයන් 36කට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා..
උත්සව සමයේදී පාරිභෝගිකයන් රැවටීමට සහ අසාධාරණයට ලක්කිරීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුර මේ දිනවලදී විශේෂ වෙළෙඳපොළ වැටලීම් ආරම්භ කර ඇති අතර, දිවයින පුරා ඇති සේල් පිළිබඳව මෙවර වැඩි අවධානයක් යොමු කර තිබීම විශේෂිතයි..
සියයට 50ක වට්ටමක් ලබා දෙන බවට වෙළෙඳසල ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබුණද පාරිභෝගිකයාට එම වාසිය නොලැබෙන අතර සියයට 50ක වට්ටමක් ලබා දෙන බවට වෙළෙඳසල ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇත්තේම පාරිභෝගිකයන් වෙළෙඳසලට ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව බවද එම අධිකාරිය සඳහන් කරනවා...
අදාළ වැටලීම්වලට ලක්වූ ව්‍යාපාරික ස්ථාන අතර ඇඳුම් පැලඳුම් හා විදුලි උපකරණ අලෙවිය සිදුකරන සේල් සම්බන්ධව වැඩි අවධානයක් යොමු වූ අතර ඉදිරියේදී සිදුකරනු ලබන වැටලීම්වලදීද ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ..