මේ වගේ කතාවක් නම් ඇත්තටම කිසිම කෙනෙක් විශ්වාස කරන එකක් නැති වේවි.. ඒත් ඒ සත්‍ය කතාවක්..
තමගේ දුවගේ විවාහයට දින ඇත්තේ අතේ ඇඟිලි ගානටයි.. එහෙම තිබියදීත් අම්මාකෙනෙක්ට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද..?
ඇගේ විවාහයට ආරාධනා පත්‍ර මුද්‍රණය කරලා නෑදෑයින්ට ආරාධනා කරලා තිබුණා... ඒත් අවසානයේ ඔවුන් හැම කෙනෙක්ටම දැනුම් දෙන්න වුණේ ඇගේ විවාහය හදිසියේම නතර කළ බවයි.. සුරූපී මනාලියක් වෙන්න හීන දැක්ක ශිවානිට මේ පුවත තවමත් හීනයක් වගේ ඇති..
ඇගේ පෙම්වතා එක්ක ඇගේමවට කලක පටන් සම්බන්ධතාවයක් පවතින්නේ කිසිවෙකුටත් නොදැන්නෙන්න හොර රහසේමයි.. මේ කතාව ඇසෙන්නේ ඉන්දියාවෙන්..
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලිගාර් හි මද්‍රක් පොලිස් ස්ථානයට අයත් ගම්මානයක ඇසෙන මේ පුවතේ මනාලිය පැවසුවේ ඇගේ මව වන ඇනීටා, තම සැමියා සමඟ පැන ගියා පමණක් නොව ඔවුන්ගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 3.5 කට වැඩි මුදල් සහ රුපියල් ලක්ෂ 5 කට වඩා වටිනා ස්වර්ණාභරණ ද රැගෙන ගිය බවයි...
මේ සිද්ධිය නිසා විමතියට පත්වූ ඇය ඒ ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..
"අප්‍රේල් 16 වෙනිදා මම රාහුල්ව බඳින්න හිටියේ. අම්මා ඉරිදා එයා එක්ක පැනලා ගියා. රාහුල්යි මගේ අම්මයි පහුගිය මාස තුන හතරේ ගොඩක් ෆෝන් එකෙන් කතා කළා. අපි ළඟ රුපියල් ලක්ෂ 3.5ක මුදල් අල්මිරාවේ සහ රුපියල් ලක්ෂ 5කට වඩා වටිනා ආභරණ තිබුණා. එයා ඉල්ලන හැමදේම කරලා දුන්නා. අපේ සල්ලි රුපියල් 10ක්වත් අරන් නෑ"
පවුලේ හැම කෙනෙක්ම මේ කතාව නිසා පුදුමයට පත් වෙලා.. ඇය මේ සිද්ධිය නිසා අතිශ්‍යය ලැජ්ජාවට පත්වෙලා.. ඇයට ඒ සිද්ධිය ගැන පවසන්නට හැකි වුණේ එපමණයි..