ජීවිතය කියන්නේ කිසිවෙකුටත් කලින් සැලසුම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. මේ ඒ බව ඔප්පු වෙන තවත් කතාවක්..
අද ඒ තාත්තා ජීවත් වෙනවා ඇත්තේ මොන තරම් නම් දුකකින්ද..? ඔහුගේ දියණියගේ සැමියා කුරිරු රළ පහරට හසුව මෙලෙස ජීවිතයෙන් සමුගත්තා.. මේ අන්න ඒ සිදුවීම ගැන ඇසෙන අනුවේදනීය කතාවක්..
මීගමු ධීවර වරායෙන් මුහුදු ගිය මාමා සහ බෑනා කෙනෙකු රැගත් එක්දින ධීවර යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව රළ පහරට හසුවීමෙන් බෑනා මුහුදට වැටී තිබෙනවා..
මාමා බෝට්ටුව සමග අද අළුයම පානදුර ධීවර වරාය ආසන්නයට ගොඩගසා ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසනවා..
බෝට්ටුව ගොඩගසා පැය හයකට පමණ පසුවයි මෘත දේහය වෙරළට ගොඩගසා ඇත්තේ..
දිවි බේරාගත් මාමා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බව ජීවිත ආරක්ෂක නිළධාරියෙකු පැවසුවා..
මියගොස් ඇති තැනැත්තාගේ මෘත දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය අද සිදුකර මෘතදේහය පානදුර මූලික රෝහල වෙත යොමුකිරීමට නියමිතයි..