මේ දිනවල බොහෝ දෙනෙක් කතාවෙන්නේ අමෙරිකාවේ ආර්ථියක පෙරළිය ගැනයි..
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය හැර අනෙකුත් සියලුම "අන්‍යෝන්‍ය" තීරුබදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ මිලදී ගැනීමේ රැල්ලක් ඇතිකරනු ලැබුවා..
එම තත්ත්වය මත අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ මිල ගණන් වසර 17කට පසු ඉහළ අගයක පෙන්නුම් කළා..
2008 ඔක්තෝබර් මාසයෙන් පසු එහි හොඳම දිනය ලෙස ඊයේ (09) දිනය සඳහන් කළ හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ..
ඒ අනුව Dow දර්ශකය ඒකක 2,963කින් හෙවත් 7.87% කින් ඉහළ යනු ලැබුවා..
S&P 500 දර්ශකය 9.52% කින් ඉහළ ගිය අතර තාක්‍ෂණික වශයෙන් tech-heavy Nasdaq 12.16%.ක ඉහළ අගයක් පෙන්නුම් කළා..
Dow දර්ශකය වසර පහකට පසු එහි හොඳම දිනය ඊයේ වාර්තා කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ..
මේ පිළිබඳව අදහස් දක්වමින් ටෙක්සාස් හි සැන් ඇන්ටෝනියෝ හි ආයෝජන සමාගමක් වන SWBC හි ප්‍රධාන ආයෝජන නිලධාරී ක්‍රිස් බ්‍රිගටි පවසා සිටියේ මෙවැනි අදහසක්..
“වෙළඳපොළේ ඉහළට යාම ප්‍රචණ්ඩකාරී වන අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් වෙළඳපොළ පැහැදිලි බවක් සොයන ආකාරය පෙන්නුම් කරයි.."