මේ කියන්න යන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්..
එම දෙපාර්තමේන්තුව සතු විශ්‍රාමිකයන්ගේ තොරතුරු ඇතුළත් පද්ධතිය තාක්ෂණික දෝෂයකට ලක්වීමෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙනවා..
මෑතකදී විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ මෙන්ම නොබෝ දිනකින් විශ්‍රාම යෑමට සිටින නිලධාරීන්ගේ තොරතුරු යාවත්කාලීන වන පද්ධතිය මෙලෙස තාක්ෂණික දෝෂයකට ලක්ව තිබෙනවා..
එම තාක්ෂණික ගැටලුව දින 07ක කාලයක සිට පවතින බවයි වාර්තා වෙන්නේ... කෙසේ වෙතත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ කේ.ජී.ආර්. ජයනාත් පවසන්නේ මෙමගින් විශ්‍රාම වැටුප් ගෙවීමේ කාර්යයට බාධාවක් එල්ල නොවන බවත්, අද දිනයේදීත් නියමිත ආකාරයටම විශ්‍රාම වැටුප් ගෙවීමට සිදු කිරීමට කටයුතු කරන බවයි..