ඒ සිදුවීම ගැන මේ වෙද්දී බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.. ඒ බිහිසුණු අනතුර ගැන ඇසෙන ඇඟ සලිතවන කතාව ගැනයි මේ ඔබට කියන්න යන්නේ..
ඩොමිනිකන් ජනරජයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි රාත්‍රී සමාජ ශාලාවක අද අලුයම වහලක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 79 දෙනෙකු මිය ගොස් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..
එම අනතුරින් පළාත් ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු බේස්බෝල් ක්‍රීඩක Octavio Dotel ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ..
51 හැවිරිදි Octavio Dotel සුන්බුන් අතුරින් සොයාගෙන ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මිය ගොස් ඇත්තේ..
ජනප්‍රිය ගායක Rubby Pérezගේ සංගීත ප්‍රසංගයකදී මෙය සිදුවී ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටි අය අතර ඔහු සිටින බවටයි වාර්තා වෙන්නේ..
එමෙන්ම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..
