සෑම වසරකම පාහේ උත්සව කාලයට මේ වගේ පුවත් ඇසෙන එක සාමාන්‍යයි.. එහෙනම් ඔබත් හරියටම මිල ගණන් දැනගන්න...
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ඇත්තේ තවත් සතියකට අඩු කාලයක්...
අලුත් ආර්ථික ගැටලූ මධ්‍යයේ වුවත් බොහෝ දෙනෙකු අලූත් අවුරුද්දට සැරසෙන්නේ සිරිත් විරිත් රැක ගැනීම මෙන්ම තම ජීවිතවලට අලූත් ආරම්භයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්..
කෙසේ වෙතත් මෙම දිනවල වෙළඳපොල තුළ කුකුළු මස් සහ බිත්තර මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා..
උත්සව සමයේ පවතින අධික ඉල්ලුම ඉහළ යාමට හේතුව බවයි වෙළදුන් සදහන් කළේ..
ඒ අනුව සිල්ලර වෙළදපොළේ මේ වනවිට බිත්තරයක් රුපියල් 39ත් 41ත් අතර මිලකට අලෙවි වන අතර කුකුළු මස් කිලෝවක් රුපියල් 1100ක් 1200ත් අතර මිලකට අලෙවි වන බවයි වෙළදපොල ආරංචිමාර්ග සදහන් කළේ..
මේ අතර අනිද්දායින් පසු මාළු මිල ද ඉහළ යනු ඇති බව පෑලියගොඩ මත්ස්‍ය වෙළද මධ්‍යස්ථානය පවසනවා..
කෙසේ වෙතත් එළඹෙන 12 වන පෝය දින හැර 13 සහ 14 යන දෙදින එම වෙළද මධ්‍යස්ථානය ව්‍යාපාර කටයුතු සදහා විවෘතව පවතින බවයි එම මධ්‍යස්ථානය වෙළද සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි සදහන් කළේ..
මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි..
ඒ අනුව අනිද්දා සිට මගී පහසුව සදහා අතිරේක බස් රථ 500ක් යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි කියා සිටියේ..