දෙවිනුවර වෙඩි තැබීමේ සිද්ධිය රටේ මහත් ආන්දෝලනයක් ඇති කළා... මේ කියන්න හදන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් ලැබුණු අලුත්ම ආරංචිය ගැනයි...
දෙවිනුවර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු (34) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 34ක අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය 21 වැනිදා ගන්දර පොලිස් වසමේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගන්දර පොලිසිය හා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශන සිදු කරනු ලබනවා.