ඉන්දීය CBI විසින් නළු සුෂාන්ත් සිංගේ නඩුවේ අවසන් වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.
නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් වසර පහක් පුරා පැවති විමර්ශන කටයුතු අවසන් කරමින් මෙම මරණය සියදිවි නසාගැනීමක් ලෙස නිගමනය කරමින් මෙම නඩුව වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.
මෙම නඩුව සම්බන්ධයෙන් පසුගිය කාලයේදී FIRහි සඳහන් වූ පුද්ගලයින් සියලු දෙනාම නිදහස් කර ඇති අතර, ඔවුන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හමු නොවූ බවත් CBI තහවුරු කර තිබෙනවා.
මෙම පිරිස අතර, සුෂාන්ත්ගේ පෙම්වතිය රියා චක්‍රබෝර්ති, ඇගේ දෙමාපියන්, සහෝදරයා, සුෂාන්ත්ගේ සහෝදරිය ප්‍රියංකා, හා වෛද්‍යවරයෙකු ඇතුළත් වෙනවා.
ඒ සමඟ බොලිවුඩ් නිළි රියා චක්‍රබෝර්ති සහ ඇගේ පවුලේ අය සියලු චෝදනාවලින් නිල වශයෙන් නිදහස් කර තිබෙනවා.
CBI විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවසන් වාර්තාවේ, සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවක්ද ඇතුළත් කර ඇති අතර, එහි වැඩිදුර නියෝග ලබාදීම සඳහා අප්‍රේල් 8 වනදා නඩුව නැවත විභාගයට ගැනීමට නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
සුෂාන්ත්ගේ සිරුර ඔහුගේ මුම්බායි නිවසේදී 2020 ජුනි 14 වනදා ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයා ගත්තා.
මිය යන විට ඔහුට වයස අවුරුදු 34ක්.
මේ මරණය සම්බන්ධයෙන් රියා චක්‍රබෝර්ති සහ ඇගේ පවුලේ අයට එල්ල වූ චෝදනා අතර "සියදිවි නසා ගැනීමට දුන් අනුබලය", වංචා, වැරදි රඳවා තබා ගැනීම, වැනි චෝදනා තිබූ අතර, 2020 අගෝස්තු 6 දින CBI විසින් එමඟින් නඩු ගොනු කළා.
මෙම නඩු ගොනු කරන ලද්දේ සුෂාන්ත්ගේ පියා විසින් පැට්නා පොලීසියට කළ පැමිණිල්ලක් මතයි.
මොහුගේ අභාවය ලොවපුරාම රසිකයන් අතර දැඩි සංවේදනයක් ඇති කළ අතර, බොහෝදෙනෙක් විශ්වාස කළේ මෙය සියදිවි නසා ගැනීමක් නොව බොලිවුඩ් කලාලෝකයේ බලවත් පවුල් වශයෙන් පැවති පීඩනයක් හේතුවෙන් සිදු වූ ඝාතනයක් විය හැකි බවයි.
මෙම මතය ශක්තිමත් කළේ, ඔහුගේ මරණයේ වටා පවතින සැක සහ පරීක්ෂණවල අභ්‍යන්තර ගැටළු, සහ ඇතැම් සාක්ෂි මකා දැමූ බවට පැවසූ වාර්තායන්ය.
සියදිවි නසා ගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න තීරණය කිරීමට වසර පහක් පුරා විමර්ශනය පැවතු අතර, අවසානයේ CBI විසින් මෙය සියදිවි නසා ගැනීමක් බවට නිගමනය කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 8 වැනිදා අධිකරණය විසින් අවසන් තීන්දුව ලබාදීමට නියමිතයි.