අවුරුදු මේසයේ “කොකිස්” කියන්නේ රසම හැඩම කැවිලි වර්ගයකට...
හැඩකාර කොකිස් පහසුවට රසට හදා ගන්න ක්‍රමයක් ඔන්න අරන් ආවා.ඔයාලට පුලුවන් හදලා රස බලන්න.කෑම මේසය ලස්සන කර ගන්න. බලන්නකෝ හදන්න ඕනි දේවල්...
කොකිස්
අවශ්‍ය ද්‍රව්‍ය :
සුදු කැකුළු හාල් ග්‍රෑම් 300
මිටි කිරි කෝප්ප 2
සීනි මේස හැදි 2
බිත්තර 1
ලුණු ස්වල්පයක්
සාදන ආකාරය :
හාල් පැයක් පමණ පෙගෙන්නට තබා කොටා ගන්න .
කොටා ගත් පිටි හොඳින් හලා ගන්න.
හලා ගත් පිටි ,සීනි ,ලුණු හා බිත්තර භාජනයකට දමා එයට පොල් කිරි ටික ටික එක් කරමින් අනා ඝණ මිශ්‍රණයක් සාදා ගන්න.
ගැඹුරු තෙලේ බැදීම සදහා තෙල් රත් කර කර ගන්නා අතර තුර කොකිස් අච්චුවද තෙලේ බහා රත් කර ගන්න .
දැන් රත් කර ගත් අච්චුව පිටි මිශ්‍රණයේ දවටා නැවතත් තෙල් තාච්චියේ ගිල්වා අච්චුවෙන් කොකිසගැලවී වන තෙක් බැද ගන්න...
මේ විදිහට හදලා බලන්නකෝ... කොහොමද රස කියලා...