කලක පටන් පැවති ආරවුලක් මේ විදියහට මතුවුණාද..? නැතිනම් මේ මරණය පිටුපස සැඟවුණු කතාව වෙන දෙයක්ද..?
අද උදෑසන ප්‍රදේශයක් නොසන්සුන් කළ ඒ බිහිසුණු අත්දැකීම ගැනයි මේ කියන්න යන්නේ..
පවුල් ආරාවුලක් දුර දිග යාම හේතුවෙන් රත්තොට ප්‍රදේශයේ දී අද (22) අලුයම ස්වාමි පුරුෂයා විසින් බිරිදව කපා කොටා ඝාතනය කර තිබෙනවා..
මෙසේ ඝාතනය කර ඇත්තේ දෙදරු මවක්..
අදාළ කාන්තාව මාතලේ රෝහලේ පිරිසිදු කරන්නියක් වන අතර ස්වාමි පුරුෂයා එම රෝහලේම සාත්තු සේවකයෙක් වනවා..
ස්වාමි පුරුෂයා සිය බිරිඳව ඝාතනය කර පලා ගොස් ඇති අතර සැඟව සිටියදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ...